ඔබ සාමාන්‍ය පරිගණක පරිශීලකයින්ගෙන් වෙනස් වීමට කැමතිද? GUI වෙනුවට command line වලින් වැඩ දාන්න කැමතිද? ඒ වගේම හැමෝම software engineer, programmer වෙන්න හදනකොට කවුද ඒ හදන application වලට අවශ්‍ය servers, networking, security පැත්ත බලන්නේ?
මෙන්න මේ හැකියාවන් හරියට හදාගන්න පුළුවන් අයට සුපිරි රැකියා අවස්ථා ඕනේ තරම්. ඒ සඳහා අවශ්‍ය මූලික පියවර වන Linux මෙහෙයුම් පද්ධතිය හා ඒ සදහා අවශ්‍ය කරන මුලික සුදුසුකම් ටික හදාගන්න අපි අරන් එන පාඨමාලාව තමයි මේ.
ඉහත සදහන් අවශ්‍යතා ඔබට නැති උනත්, සාමාන්‍ය පරිශීලකයෙක් විදිහට Linux ඉගෙන ගන්න එකේ වාසි මොනවද?
ඉතා වේගවත් මෙහෙයුම් පද්ධතියක් හා ප්‍රබලත්වයෙන් අඩු පරිගණක වලින් පවා වේගයෙන් වැඩ කිරීමට ඇති හැකියාව
ඔබ GUI, Graphical User Interface වලට පුරුදු වෙලානම්, Windows හෝ Mac experience එක theme මගින් ලබා ගැනීමේ හැකියාව
Virus guard මිලදී ගැනීමට අවශ්‍ය නොවීම, අන්තර්ජාල ප්‍රහාර වලින් උපරිම ආරක්ෂාව
ඔබගේ බොහෝ අවශ්‍යතාවයන්ට සරිලන අතිවිශාල මුදල් ප්‍රමාණයක් ඔබට ඉතිරි කරන open source apps
හැමදෙයක්ම FREE සහ Open Source නිසා ලැබෙන මානසික සැහැල්ලුව
අලුත් දෙයක් ඉගෙන ගැනීම තුලින් ලැබෙන නැවුම් හැගීම
ඉතින් මෙය නොමිලේ පැවැත්වෙන පාඨමාලාවක් උනත්, අපි මේ පාඨමාලාවට ආරාධනා කරලා තියෙන්නේ ලංකාවේ හොදම Linux Instructor කෙනෙකුට.
ඔහු තමයි රොහාන් ද සිල්වා මහතා. ලංකාවේ දැනට ඉන්න වැඩිම සුදුසුකම් ලාභී Linux, RedHat ගුරුවරයා. පාඨමාලාව ආරම්භවෙන්නේ 2021 අගෝස්තු 3 වනදා, අදම ලියාපදිංචි වන්න. මොකද ඉඩකඩ සීමිතයි. යාලුවන්ටත් කියන්න.
විෂය නිර්දේශය - Introduction, Linux Philosophy and Concepts, Boot Process, Linux Installation, System Configuration from the Graphical Interface, Command-line Operations, Finding Linux Documentation, File Operations, Text Editors, User Environment, Processes, Networking etc.
- උගන්වන භාෂාව : සිංහල
- ආරම්භක දිනය : 2021 අගෝස්තු 03
- දිනයන් සහ වේලාවන් : සෑම අගහරුවාදා සහ බදාදා දිනකම සවස 6.00 සිට රාත්‍රී 8.00 දක්වා
- පාඨමාලා කාලය : සති 6කි (පැය 50ක්)
- ඇතුළත් වීමේ ගාස්තු : නොමිළේ / FREE
- Authorized Training Partner of Linux Foundation