• Technology
  • New update for windows 7 / වින්ඩෝස් 7 ට නැවත වසන්තය උදා වෙයි.

පහල ටිකක් බලන්ඩකෝ...

හිතුවෙ windows 10 කියලද ? නෑ.. නෑ.. මේ windows 7 මයි 😂

මේකෙ තිබ්බෙ 2gb රැම් එකක්. ඉතින් මේකෙ වින්ඩෝස් 10 රන් කරන්න බැරි බව ඕන කෙනෙක් දන්නව 😌
ඒත් අපි සැලුනද ? නෑ.. ආයි ටෙන් වගේම හැදුව. 🙂

බූට් වෙන්නෙත් 10 වගේ තමා.. ☺ මයික්‍රෝසොෆ්ට් ට බංබු ගහන්නෙයි කියල මම මේක මොඩිෆයි කරල ගත්ත.
රජ බාන්ඩෙයක්නෙ බොලව් වින්ඩෝස් 7 කියන්නෙ. ඒම අතාරින්න පුලුවනෑ 😍

මොඩ්ඩෙක ඕන අය කියන්න 🙂

microsoft R.I.P 🤣🤣

    Sahan Induvara (zaanind) changed the title to New update for windows 7 / වින්ඩෝස් 7 ට නැවත වසන්තය උදා වෙයි. :) .
    Sahan Induvara (zaanind) changed the title to New update for windows 7 / වින්ඩෝස් 7 ට නැවත වසන්තය උදා වෙයි. .

    indikakumara අනේ නෑ.. ඔය windows 7 මයි. පොඩ්ඩක් මොඩ් කරල ගත්ත ☺ වින්ඩෝස් 7 තියෙන ඕනම pc එකකට දාන්න පුලුවන්. මොඩ් එකක් නිසා පොඩි අවදානමක් තියේ. ඔයාගෙ pc එකේ backup කොපියකුයි වින්ඩෝස් 7 dvd එකකුයි තියෙන්න ඕන පස්සෙ රිසෝට් පොයින්ට් එකකුත් හදල තමා ඔය මොඩ් එක දාන්න ඕන. වින්ඩෝස් ෆයිල් වලට හදිස්සියෙවත් ඩැමේජ් උනොත් ආයෙ රිසෝට් කරන්න පුලුවන් ඒම බැරි උනොත් වින්ඩෝස් ආයෙ ගහන්න වෙනව.

    ZonicDesigner
    ලිනක්ස් මම පුද්ගලිකව යූස් කරන්නෙ නැහැ නෙ මම. මොඩිෆයි කරන්න පුලුවන්, ඒත් මගේ පරන ලැප් එකට ඉන්ස්ටෝල් වෙන්නෙ නැති වෙයි. win7 විතරයි හොඳට වැඩ කරන්නෙ. අලුත් pc එකට මොකුත් දාන්න බෑ. ඒකෙ ඔෆිස් වැඩයි අරව මේව ඔක්කොම තියෙන්නෙ. හදන්න බලමු ඉතින් ට්‍රයි එකක් දීල ☺

    ZonicDesigner
    ඔයා කියන්නෙ වින්ඩෝස් ලිනක්ස් වගේ හදන්න කියලද ? 🤔 එහෙමනම් කරන්න පුලුවන් වෙයි. ඊට කලින් ලිනක්ස් os කොහොමද වැඩ කරන්නෙ කියල යූස් කරලම බලන්න ඕන ඉතින් ☺ දන්න කෙනෙක් ඉන්නවනම් ඩිසයින් වෙන්න ඕන විදිහ කියනවනම්, හදන්න පුලුවන්.

      New updates creating. relese date : 2021/9/2 🙂
      fixed bug :
      Boot Screen booting time.
      Log In Screen Background image not showing.
      Windows Defender icons.
      (All updates must install manually. )

      ZonicDesigner මගෙ අම්බෝ.. 😂 මොඩ් කරේ ආතල් එකක් ගන්න මම. මම කොයින්ද os ගහන්නනෙ.☺ os එකක් ගහන්න පුලුවන්නම් ගහනව. 😂 ඔයා කියන්නෙ මේ වින්ඩෝස් එක මම කැමති විදිහට මොඩ් කරන්න කියලද එහෙනම් ඒක කරන්න පුලුවන් පොඩි ලෝගෝ එකක් එහෙම දාල, මේ සොෆ්ට්වෙයාත් යන්තම් ගැට ගහගන්නෙ 😅 හාර්ඩ්වෙයා කොහේ අල්ලන්නද 😐 පොඩි ෆයිල් ටිකක් මොඩිෆයි කරල ගත්තෙ.

      ඔයාලට මම මේ මොඩ් එක පැක් කරල උදේම ඩිරෙක්ට් ලින්ක් එකක් දාන්නම් බාගන්න මොඩ් එක 😀
      Size : හරියට කියන්න බෑ. සෙටප් එකේදි කම්ප්‍රෙස් වෙන නිසා. 300Mb තමා අන්පැක් එකේදි සයිස් එක. ☺
      Info : වින්ඩෝස් එකට මේ මොඩ් එක කිසිම ෆෝමැට් කිරීමකින් තොරව ඉන්ස්ටෝල් කරන්න පුලුවන්.
      හැබැයි පොඩි අවදානමක් තියේ. ඒ අවදානම ඔයාලම අරන් පොඩ්ඩක් ට්‍රයි කරල බලන්න.
      ( ඇතිවන කිසිදු හානියකට මාහට වගකීමක් නොමැති අතර සියල්ල කල යුත්තේ අවදානම ඔබ විසින්ම ඔබ මත පටවාගත් අවදානමකිනි )
      මගේ windows 7 ultimate. මම මොඩ් එක කීපවරක්ම re-install කර කර බැලුව.
      හොදට වැඩ. mere-m මලයගෙත් එහෙමයි. අපි දෙන්න තමා මේක හැදුවෙ. මිනිහනම් ලංකාවෙ පොරක් නෙවෙයි.
      එයා div art වගේම තව වෙබ් සයිට් කීපයකම මේක දැම්ම. ඉතින් මාත් නිකන් හිටියෙ නෑ. මුට්ටියට දැම්ම 😜
      ඔයාලම අවදානම අරන් ඉන්ස්ටෝල් කරල බලන්න. වැඩ.
      අවදානම් : මෙහි වින්ඩෝස් නෝමල් ෆයිල් අයින් වෙලා මොඩිෆයි කරපු ෆයිල් වැටිලා, ඒක ගැලපුනේ නැති උනොත් ,
      වින්ඩෝස් වලට හානි වෙන්න පුලුවන්.එතකොට වින්ඩෝස් හරියට ස්ටාර්ට් වෙන්නෙ නැතුව යනව.
      අවදානම මග අරින්න කරන්න පුලුවන් දේවල් :
      ඔයාගෙ වැදගත් ෆයිල් වල කොපියක් වෙන ආරක්ශිත තැනක තියන්න (වින්ඩෝස් ආයෙමත් ඉන්ස්ටෝල් කරන්න වෙනව කෙල උනොත් වැඩේ. එතකොට ෆෝමැට් කරල තමා ඉන්ස්ටෝල් කරන්න වෙන්නෙ. එතකොට ෆයිල් මැකෙන්න පුලුවන්.)

      කෙල උනොත් මැශින් එක මකල, ආයෙමත් වින්ඩෝස් ගහන්න සූදානම් වෙලා වැඩේට බහින්න.
      ඉන්ස්ටෝල් කරන්න අදාල වින්ඩෝස් ඩීවීඩී එක එහෙම ලඟ තියාගෙන තමා වැඩේට බහින්න ඕන.

      වැඩේ කෙල උනොත් ඉතින් ආයෙම වින්ඩෝස් ගහන්න ඕන කියල ඔයාට තේරෙනෝ නෙ දැන් ඒත්, වින්ඩෝස් ට ෆයිල් ආයෙ කලින් තිබ්බ විදිහටම රිසෝට් කරන්න පුලුවන් කියල වින්ඩෝස් කියන්න පුලුවන් වාසනාව තිබ්බොත්, වාසනාවට කලින් රිසෝට් පොයින්ට් එකක් හදල තියන්න නැත්නම් වාසනාව තිබ්බත් රිසෝට් කරන්න බැරි වෙනව. මොකද රිසෝට් කරන්න උනොත් කියල වින්ඩෝස් ට මේ තියෙන විදිහ මතක තියාගන්න කියල කිව්වෙ නැත්නම් , වින්ඩෝස්ට මේක මතක තියාගන්න බෑනෙ.
      කලින් කියල තිබ්බොත් ඔන්න රිසෝට් කරන්න වාසනාව තියේවි.
      මේ දේවල් ලේස්ති කරගන්නෙ නැතුව වැඩේට බහින්න හිතන්නවත් එපා..!
      එහෙනම් හෙට ලේස්ති වෙලා ඉන්න ඈ.. මම මොඩ් එක ඩව්න්ලෝඩ් කරගන්න ලින්ක් දෙන්නම්. ☺

      Credits : Zaan Dev,2021 | Mere - M Dev, 2021
      Bugs Fixed At : Github & Div-art
      Editors :
      Windows start Menu , Log in screen ,Background Images By : Zaan Dev, [ Me ]
      Windows 10 application form (borders) , Win 10 theme & win 10 Icon pack By : Mere-m Dev,
      Some Rights Reseved .

        මෙන්න එහෙනම් වින්ඩෝස් 7 මොඩ් එක මේ ඩිරෙක්ට් ලින්ක් එකෙන් බාගන්න.

        Download Now - Windows 7.1 (Mod_for_windows_7)

        ඉන්ස්ටෝල් කරගන්න දන්නෙ නැති අය කියන්නකෝ පහලින්. කොහොමත් ඉතින් දන්නෙ නැතුව ඇති නේ..
        කමක් නෑ ඕන කෙනෙක් ඉන්නවනම් බාගෙන කියන්නකෝ.. නැත්නම් මම නිකන් මහන්සි එන්න එපායැ.