Loading...
This site is best viewed in a modern browser with JavaScript enabled.
Something went wrong while trying to load the full version of this site. Try hard-refreshing this page to fix the error.
FAQ
Muttiya.com කියන්නේ මොකක්ද ?
සරලවම කිව්වොත් ඔයාගේ දැනුම බෙදාහදා ගන්න වගේම, ඔයා නොදන්න දෙයක් තියෙනවා නම් ඒක අහල දැනගන්න පුළුවන් තැනක්. විනෝදාත්මක, අධ්‍යාපනික, තාක්ෂණික වගේ විෂයන් ගණනාවක් යටතේ මෙහිදී tags ඔබට තිබෙනවා.
මම අලුතෙන් post එකක් දාන්නෙ හෝ ප්‍රශ්නයක් අහන්නේ කොහොමද?
මුලින්ම ඔබ ලියාපදිංචි විය යුතුයි. Sign up බොත්තම ඔබා ඔබේ තොරතුරු ඇතුලත් කිරීමෙන් අනතුරුව ඔබට මෙහි සාමාජිකයෙක් විය හැකියි. මුත් ඔබ පෝස්ට් එකක් හෝ ප්‍රශ්නයක් අහනව නම් ඔබේ email ලිපිනයට පැමිණ ඇති ඊමේල් එකේ ඇති ලින්ක් එක මගින් ඔබේ ගිණුම verify කර ගත යුතුයි. ඉන්පසු පරිගණකයෙන් නම්, වම් පස ඇති Start a Discussion ක්ලික් කරන්න. එවිට ඔබට කුඩා වින්ඩෝ එකක් දක්නට ලැබෙනවා. එහිදී discussion Title කට ඔබේ පෝස්ට් එකේ මාතෘකාව හෝ ඔබ ඇසීමට බලාපොරොත්තු වෙන ප්රශ්නය කෙටියෙන් සඳහන් කරන්න. ඉන්පසු Choose a tag බොත්තම ඔබා පෝස්ට් එක හෝ ප්රශ්නය අදාළ වන ප්‍රධාන මාතෘකාවක් තෝරා ගන්න. Talkies, Entertainment, Education… etc. එය ක්ලික් කර විට එයට අදාළ අනු මාතෘකා ද ඔබට දක්නට ලැබෙනවා. උදාහරණයකට entertainment මාතෘකාව යටතේ movies, TV Series වැනි අනු මාතෘකා තිබෙනවා. ඔබට අනුමාතෘකා තේරීම අවශ්‍ය නොවේ නම් ප්‍රධාන මාතෘකාව පමණක් තේරීම ප්‍රමාණවත්. ඔබට අවශ්‍ය නම් ඊට යටින් ඇති tags යෙදීමද සිදු කළ හැකිය. ඔබට චිත්‍රපටයක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙනවා. එවිට ඔබ entertainment ප්‍රධාන මාතෘකාව තෝරා ගෙන, අනු මාතෘකාව ලෙස movies තෝරා ගැනීමට පුළුවන්. වගේම ඔබ අසන්නේ ප්‍රශ්නයක් නිසා ඊට යටින් ඇති tagged ලයිස්තුවෙන් Q & A ටැග් එක තෝරා දෙන්න පුළුවන්. ඔබ අධ්‍යාපනික යමක් පෝස්ට් එකක් වශයෙන් දානවනම්, බට education tag එක ප්‍රධාන මාතෘකාව ලෙස තෝරා දිය හැකිය.