Dilanka_Guneseakara ඔය VPS ගන්න පුලුවන් companies වල තියෙනවා Autonomous System Numbers (ASN) කියලා දෙයක්. කෙටියෙන් කිව්වොත් එයාලගේ තියෙන IP addresses වර්ගීකරණය කරලා තියෙන්නේ ඔය කියන ASN හරහා.
Cloudflare එකෙන් අවස්ථාව දීලා තියෙනවා අර මං කිව්ව ASN කෙලින්ම block කරලා දාන්න. එතකොට ඒ block කරන ASN කොටසේ ඔයාගේ tunnel/vpn IP එකත් තියෙනවා නම් ඒ ඒ සයිට් වලට යන්න බැහැ.
ඕක තමයි හේතුව. වෙන කරන්න දෙයක් නෑ. එක්කෝ වෙන VPN එකක් ට්රයි කරලා බලන්න වෙනවා. ගොඩක් ර්ෆ VPN නම් දැනටමත් Cloudflare වලින් බ්ලොක් කරනවා (බ්ලොක් කරනවද නැද්ද කියන එක Cloudflare ආයතනයෙන් කරන දෙයක් නෙමෙයි, Cloudflare වලට ඇඩ් කරලා තියෙන වෙබ් සයිට් එකේ අයිතිකරු තමයි තීරණය කරන්නේ VPN බ්ලොක් කරනවද නැද්ද කියලා)