mihiranRo Adsense තවම සිංහල භාෂාවට සපෝට් කරන්නේ නෑ. ඇඞ්සෙන්ස් ආපු මූල කාල නං සිංහල වෙබ් සයිට් වලට දුන්නා. ඒත් ඉතින් අපේ යක්ක පුත්තුන්ට දෙයක් හම්බ වුණාට පස්සේ ඒක විනාස කරනවා නේ. අපේ අය හොරාට ක්ලික් කරල සල්ලි හම්බ කරල ඇඩ්සෙන්ස් සම්පූර්ණයෙන්ම ලංකාවට තහනම් කරගත්තා. ඊට පස්සේ මේ වෙනකොට නම් adsense ලංකාවට දෙනවා. ඒත් sinhala web site support කරන්නේ නෑ. ඔයා ඉංග්රීසියෙන් තියෙන්නෙ ඇඩ්සෙන්ස් ගන්න පුළුවන්. ඒකත් ලේසියෙන් ගන්න බෑ. ඒ සයිට් එකට සැලකිය යුතු ප්රමාණයක ට්රැෆික් එකක් එන්න ඕන. ඒ වගේම ඒ වෙබ්සයිට් එකේ තියෙන දේවල් ඔයාම ලියපුවා එහෙම නැත්නම් ඔයාම නිර්මාණය කරපුවා වෙන්න ඕන.
මේ වගේ නීති රීති ගොඩක් තියෙනවා ඇඞ්සෙන්ස් ගන්නවනං. ඒ වගේම ඇඩ්සෙන්ස් ලැබුණත් නීති රීති කඩ කරොත් එහෙම සල්ලිත් එක්කම ඇඩ්සෙන්ස් එකවුන්ට් එක ඩිසේබල් වෙනවා.
සිංහල සයිට් එකකට නම් ඇඩිසෙන්ස් නැතුව වෙන ක්රම තියෙනවා. මම ඒ ගැන ලියල පොස්ට් එකක් දාන්නම්.