අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම ප්‍රදේශයේ
පිටිසර පෙදෙසක උපත් ලැබූ එකතරා කුඩා දරුවෙක්
අසාමාන්‍ය ලෙස විශාල වූ ශරීරයකින් යුක්ත විය. එම
දරුවා සිය වයසේ වෙනත් කිසිදු දරුවෙකුට කල
නොහැකි ආකාරයේ අසාමාන්‍ය ක්‍රියාවන් සිදු කිරීමට
පටන් ගැනීමත් සමග ගම්මුන් ඔහුට තඹුත්තේගම
යෝධයා යන අනුවර්ත නාමයෙන් හැදින්වීමට පටන්
ගන්න ලදී.
තඹුත්තේගම යෝධයා නමින් තෙන්නකෝන්
මුදියන්සෙලාගේ පුංචි රාළගේ හේරත් බණ්ඩායි. ඔහු
ඉපදුනේ 1945 වර්ෂයේදී. අධික දරිද්‍රතාවයෙන් පෙලුනු
ඔහුගේ පවුලේ සාමාජිකයන් හත් දෙනෙකු සිට ඇත.
ඉපදී මාස කිහිපයක් ගතවන විටම හෙරත් බණ්ඩාගේ
සිරුර සාමාන්‍ය දරුවෙක්ට වඩා ප්‍රමාණයෙන් විශාල
වන බව ඔහුගේ මව්පියන් නිරීක්ෂණය කර තිබුණා.
හෙරත් බණ්ඩා ටිකෙන් ටික ලොකු වන විට ඔහු එම
වයසේ කිසිදු දරුවෙකු නොකල ක්‍රියාවන් සිදු කිරීමට
පටන් ගත්තා. ඔහු වරකට ඉදිආප්ප 400කට ආසන්න
සංඛ්‍යාවක් ආහාරයට ගත්තා කියල සදහන් වනවා. ඒ
වගේම වයස අවුරුදු පහේදී ඔහු කාර් එකක්
අත්දෙකෙන් ඔසවා තිබෙන බවට සදහනක් තිබෙනවා.
ඇගේ දෙමව්පියන් ඉතා දුගී ජීවිතයක් ගතකරපු නිසා
දරුවො හත්දෙනා රැකබලාගෙන තිබෙන්නේ ඉතාමත්
අමාරුවෙන්. හේර්ත් බණ්ඩා කෙතරම් ආහාර
ප්‍රමාණයක් ගත්තත් ඔහුව එක් දිනක්වත් බඩගින්නේ
නොතැබීමට ඔහුගේ දෙමව්පියන් වගබලාගෙන
තිබෙනවා.
හේරත් තඹුත්තේගම ජාතික පාසැලේ හා අනුරාධපුර
මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. වයසින් උස්
මහත් වෙත්ම ඔහුට ප්‍රදේශයේ ලොකු ජනප්‍රියත්වයක්
තිබී තිබෙනවා. හොද අධ්‍යාපනයක් ලබා තිබු ඔහුට
හොදින් සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම වචන
හැසිරවීමේ හැකියාවක් තිබිල තිබෙනවා. මේ නිසාම
පසුකාලීනව ඔහුව විවිධ දේශපාලඥයන් සිය
වේදිකාවල ඔහුව අතකොලුවක් බවට පත්කරගෙන
තිබෙනවා.
තඹුත්තේගම යෝධයාගේ ජනප්‍රියත්වය තමන්ගේ හා
තම පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් යොදාගත් මෙම
දේශපාලඥයන් ඔහුව වේදිකාවල් මත නන්වවා
තමන්ගේ ගුණ වර්ණනාවන් සිදුකරගෙන තිබෙනව.
එකල නිතර නිතර හේරත්ගේ නිවසට මෙම
දේෂපාලනයට සම්බන්ධ වූවන් පැමිණ ගොස් තිබුණා.
නමුත් මින් හේරත්ට සිදුවූ සෙතක් නැහැ. මින් සිදුවූයේ
කිසිදා මත්පැන් පානය නොකර තිබු හේරත් බීමට
ඇබ්බැහි වීමයි.
තම කාර්ය්යන් කරගත් පසු කිසිවෙක් නැවත හේරත්
බණ්ඩා බැලීමට පැමිණියේ නැහැ. ඒ වගේම බීමට
පුරුදුවූ හේරත් බීම අත්හැර දැම්මෙත් නැහැ. ඔහු
වචනයේ අර්තයෙන්ම බේබද්දෙක් බවට පත්වුනා.
පසුව ඔහු දියවැඩියා රෝගයෙන්ද පෙලී සිට එක්
කකුලක් ඉවත් කර තිබුණා. කුඩා පැල්පතක සිය
අවසාන කාලය ගෙවූ හේරත් බණ්ඩා හෙවත්
තඹුත්තේගම යෝධයා ලාංකික අසික්කිත
දේෂපාලනය විසින් අන්ත අසරන කර තිබුවා යැයි
කිවහොත් එහි වරදක් නැහැ.
ඔහු 1991 පැල්පතක මියයනවා.
ඒ අන්ත අසරණව තමන්ගෙන් උදව්ගත්
කිසිවෙකුගෙන් කිසිදු සරණක් නොලබමින්.
අවසානයේ ඔහුට පිහිටට සිටියේ ඔහු මෙන්ම අසරණ
ගම්මුන් පිරිසක් පමණයි.
උ.ගැ
මනුජිත් අබේරත්න