අද කතා කරන්න යන්නේ කොහොමද iPhone එකක් Jailbreak කරන්නේ කියලා. Android වල නම් අපි කියන්නේ root කරනවා කියලා, Apple වල එකට කියන්නේ Jailbreak කරනවා කියලා. අපි අලුතෙන් iPhone එකක් ගත්තම අපිව හිර කරලා තියෙන්නේ, හරියට jail කරලා වගේ. හිර ගෙදර කඩාගෙන එලියට පනිනවා වගේ දෙයක් තමයි Jailbreak කියන එකෙන් අදහස් වෙන්නේ. Jailbreak කලාම අපිට ගොඩක් වාසි උදා වෙනවා. ඒවගෙන් අපිට වැදගත් වන කිහිපයක් තමයි මේ පහල තියෙන්නේ.
- මුලු phone එකේම interface එක වෙනස් කරන්න පුළුවන් වෙනවා
- Built in apps අයින් කරන්න පුළුවන්
- Paid apps free ගන්න පුළුවන් සහ වෙනත් apps store වලින් apps tweaks ගන්න පුළුවන්
- Lock screen වෙනස් කරන්න
- ඇපල් file system එකට root access ගන්න පුළුවන්
- Android වල පාවිච්චි කරන Whatsapp mod එකත් දාගන්න පුලුවන් 😅
- තව දේවල් ගොඩක් තියනවා
Jailbreak කරන්න පුලුවන් tools කිහිපයක්ම තියෙනවා. ඒවගෙන් ගොඩක් අය දන්නේ සහ පාවිච්චි කරන්නේ checkra1n කියන එක. හැබැයි ඒකට අමතරව ගොඩක් stable tools තියෙනවා. අද අපි කතා කරන්නේ Taurine පාවිච්චි කරලා කොහොමද jailbreak කරගන්නේ කියලා.
අවශ්‍ය කරන දේවල්
- Windows computer එකක් හෝ laptop එකක් (පරිගණකයක් නැතුව කරගන්න පුලුවන් උනත් ඒකෙන් දිගුකාලීනව එක එක ප්‍රශ්න එන්න පුලුවන්)
- iTunes සහ iCloud
- Taurine Jailbreak: https://taurine.app/
- AltServer: https://altstore.io/
- iOS 14 ඉදන් 14.3 වෙනකන් update එකක් තියෙන්න ඕනේ phone එකේ.
iTunes සහ iCloud install කරගැනීම
මුලින්ම කරන්න ඕනේ iTunes සහ iCloud දාගන්න එක. Microsoft Store එකේ තියෙන iTunes එක හරියන්නේ නෑ. ඒ හින්දා උඩ දීලා තියෙන ලින්ක් දෙකෙන් මේ දේකම ඩවුන්ලෝඩ් කරගෙන සමාන්‍ය විදිහට install කරගන්න ඕනේ.
ඊට පස්සේ iCloud ඕපන් කරගෙන, ඒකේ තියෙන iCloud Drive සහ Bookmarks කියන option දෙක enable කරගන්න ඕනේ.
AltServer install කරගැනීම
ඊට පස්සේ අපි AltServer එක දාගන්න ඕනේ. ඒකත් උඩ තියෙන ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන install කරගෙන ඒක ඕපන් කරගන්න ඕනේ.
ඊට පස්සේ ඔයාගේ iPhone එක usb cable එකෙන් පරිගණකයකට සම්බන්ධ කරගන්න. ඊට පස්සේ computer එකේ taskbar එකේ තියෙනවා Install AltStore කියලා එකක්, එතනින් ඔයාගේ iPhone එක select කරලා දෙන්න.
ඊට පස්සේ තත්පර කිහිපයකින් ඔයාට AltServer කියලා app එකක් දකින්න පුලුවන් වෙයි phone එකට install වෙලා තියෙනවා. හැබැයි ඒ app එක ඕපන් කරන්න දෙන්නේ නෑ. ඒක හදාගන්න යන්න
Settings -> General -> Device Management
ඔයාගේ iCloud account එක එතනින් select කරලා Trust කියන ඒක ඔබන්න ඕනේ. ඊට පස්සේ පුලුවන් ඔයාට AltServer app එක ඕපන් කරගන්න.
Taurine install කරගැනීම
හරි! ඊළගට අපි Taurine install කරගන්න ඕනේ. ඒකට උඩ දීලා තියෙන එයාලගේ site එකට ඔයාලගේ phone එෙකෙන් ගිහිල්ලා පහලට ගියාම තියෙනවා Install via AltServer කියලා නිල් පාට බට්න් එකක්. ඒක ඔබලා Taurine app එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ.
ඊට පස්සේ AltServer app එක ඕපන් වෙලා Taurine ඩවුන්ලෝඩ් වෙන එක පෙන්නයි. ඒක ඩවුන්ලෝඩ් උනාට පස්සේ ඔයාගේ phone එකේ Taurine කියලා අලුත් app එකක් install වෙයි. (App එක පෙන්නන්නේ නැත්තම් Phone එක restart කරන්න).
Jailbreak කරන්න පටන් ගමු
දැන් අර කලින් install වෙච්ච Taurine app එක ඕපන් කරගන්න. එකේ තියෙනවා Jailbreak කියලා button එකක්. ඒක ඔබන්න. ටික වෙලාවක් ගියාම phone එක restart කරන්න කියලා එනවා. Restart කලාට පස්සේ ආයේ Taurine app එක ඕපන් කරගෙන ආයෙත් Jailbreak කියන button එක ඔබන්න. ආයෙත් ටික වෙලාවක් ගිහින් Jailbreak sucess කියලා alert එකක් ඒවි.
Jailbreak එක අවසානේ තව අලුතෙන් app එකක් install වෙනවා Selio කියලා. මේක එක්තරා විදිහක appstore එකක් කිවවොත් හරි. අපි ඕකෙන් තමයි අපිට ඕන කරන tweaks download කරගෙන install කරගන්නේ.
ඒ ගැන අපි වෙනම පෝස්ට් එකකින් කතා කරමු. එතකන් අවුලක් තිබ්බොත් අහන්න. ජය! 😃