Pinterest කියන්නේ opportunity සාගරයක්!.
🔴 Pinterest කියන්නෙ ඇත්තටම visual discovery search engine එකක් ගැන.මේක මිනිස්සු පාවිච්චි කරන්නෙ ගොඩක් වෙලාවට search engine එකක් විදියට . මේක අනිත් search එන්ජින් වලින් වෙනස් වෙන්නේ මේකෙදී images තමයි search results වලට එන්නෙ. ඒක නිසා google එකට වඩා ලස්සනට අපිට search results පෙන්නන UI එකකුත් තියනවා.ලංකාවේ වැඩිය ජනප්‍රිය නොවුනත් Pinterest කියල කියන්නේ ලෝකයේ වේගයෙන් ජනප්‍රිය වේගෙන එන social platform එකක්.
🔴 Pinterest එකේ මන් මේ පල්ලෙහයින් දාල තියනවා වගේ topics trending වෙලා තියනවා.
✅ Fashion
✅ Home decor
✅ travel
✅ Diy
✅ Pets
✅ Fitness
✅ Books
🔴 ගොඩක් මිනිස්සු Pinterest එන්නේ මොකක් හරි product එකක් purchase කරන්න idea එකක් ගන්න. ඉතින් හිතන්න ඔයාලගෙ product එකක් සේල් කරගන්න , Affiliate marketing කරන කෙනෙක් නම් සයිට් එකට traffic ගෙන්න ගන්න , වගේ කොච්චර දේවල් කරගන්න පුලුවන් ද කියල හිතන්න.
හිතන්න ඔයාලට ඒක කොච්චර හොඳ opportunity එකක්ද කියලා!
🔴 Pinterest එකේ account එකක් හදාගත්තම අපිට අපේ account එකේ විවිධ නම් වලින් boards හදාගන්න පුළුවන්. ඒ boards වලට අපි කැමති දේවල් pin කරගන්න පුලුවන් . ඒ වගේම තමා මේ boards වල තියන ඒවා ඕන කෙනෙක්ට ඇවිත් බලන්න පුළුවන්. ඒකට follow කරල තියෙන්න අවශ්‍ය නැහැ.
🔴 හරි දැන් අපි බලමු Pinterest එක ගැන විස්තර ටිකක්.
✍️ මාසයකට users ල මිලියන 480 ක් pinterest එකට එනවා.
✍️ එන අයගෙන් 98% මොනවහරි දෙයක් try කරලා බලනවා pinterest එකේ තියන pins වලින්, අඩු ගානේ recipe එකක් හරි.
✍️ 95% ක් search කරලා තියන්නේ brand name නැතුව. ඒ නිසා ඔයාල අපි වගේ අයගේ business වල බඩු අපිට pinterest එකේ ලේසියෙන් විකුනන්න පුළුවන්.
✍️ 89% ක් යමක් purchase කරන්න inspire වෙලා තියනවා.
✍️ එන අයගෙන් 80% මොනවහරි purchase කරලා තියනවා.
✍️ Pinterest audience එකෙන් 71% ඉන්නේ femalesල නිසා fashion පැත්තට බර වැඩියි.
🔴 මිලදී ගැනීම සඳහා උවමනාවෙන් මෙච්චර audience එකක් එන social media platform වලින් ඉස්සරහින්ම ඉන්නේ pinterest කියලා මේ විස්තර ටිකෙන් ඔයාට තේරෙනවා ඇති.
🔴Pinterest කියන්නේ opportunity සාගරයක්.
🔴අපිට එක පැත්තකින් මේක අපේ online store එකට sales ගෙන්නගන්න use කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් ඔයාගේ website එකට traffic ගෙන්නගන්නත් use කරන්න පුළුවන්.
වැදගත් දෙයක් මෙතනදී ඔයාලට කියන්න ඕනී වැදගත් කරුණු කීපයක් තියනවා.
✅ Audience එක අඳුනන්නේ නැතුව නොගැලපෙන content (memes වගේ ඒවා) දාන්න එපා.
✅ End user ගේ perspective එක අඳුනගෙන content publish කරන්න. නිකන් cyber garbage පුරවන්න එපා.
✅ ඔයා use කරන colors ගොඩක් bright නම්, dull colors වලට මාරු වෙන්න. මොකද western රටවල් වැඩිපුර prefer කරන්නේ ඒ වගේ පාටවල්.
✅ Purpose එකක් ඇතුව ඔයාගේ boards වලට related content විතරක් දාන්න.
✅ ඔයා USA audience එකක් target කරනවානම් ලංකාවේ වේලාවෙන් පාන්දර 1-5 time එකේ pins publish කරන්න.
🔴 මේ සේරම කරන්න කලින් ඔයා සතියක් විතර pinterest එකත් එක්ක ඉන්න,
🔴 Platform එක හරියට අඳුරගන්නකොට ඔයාට ඒක ඇතුලේ තියන opportunities පේන්න පටන් ගනීවි. හැබැයි ටික කාලයක් යනවා සර්තක වෙන්න .අපි ඊලග පොස්ට් එකෙන් බලමු කොහොමද account එකක් හදාගන්නේ කියලා.
Copied >> Kavin Peramuna