#harpyeagle
පෝස්ට් එකේ පලවෙනි ෆොටෝ එක ගැන කතා කරන්න කලින් අපි චුට්ටක් බලමු මොවුන් කවුරුන්ද කියලා.මොවුන් ඉතා දරුණු විලෝපිකයන් වන අතර මොවුන් නිවර්තන වැසි වනාන්තර වල වියන් ගස් වල සැරි සැරීමට ඉතා කැමති මෙක්සිකෝවේ සිට මධ්‍යම ඇමරිකාව හාරහා දකුණු ඇමරිකාවේ උතුරු ආජන්ටිනාව දක්වා මොවුන්ගේ පරාසය විහිදෙනවා.වනාන්තරයේ උස ම ගස් වල මොවුන් කුඩු තනනවා සාමාන්‍යයෙන් වැඩුණු මිනිසකුට සුවපහසුව නිදා ගැනීමට තරම් කූඩුවක් විශාල විය හැකියි මොවුන්ගේ කකුල් මිනිසෙකුගේ මැණික් කටුව තරම්ම ඝනකමකින් යුක්ත වෙනවා,වැඩිහිටි රාජාලියෙකුගේ උස අගල් 35 ත් 40 ත් අතර වන අතර වැඩුණු ගැහැණු රාජාලියෙකුගේ බර රාත්තල් විස්සක් එනම් කිලෝ ග්‍රෑම් නවයක් පමණ වෙනවා එනම් ගැහැණු රාජාලියෙකු පිරිමි රාජාලියෙකු ට වඩා දෙගුණයක බරකින් යුක්ත වෙනවා වැඩුණු හාපී රාජාලියෙකුගේ පියාපත් අඩි 5.9 ත් 7.4 ක පරාසයක දිගකින් යුක්ත වෙනවා.වැඩුණු රාජාලියෙකුගේ නිය එනම් තල අඟල් පහක තරම් ඝනකම් වෙනවා මොවුන්ගේ තල කෙතරම් ශක්තිමත්ද කිව්වොත් අල්ලාගන්නා ගොදුරේ ඇටකටු පොඩි කිරීමට රාත්තල් 110 ක තරම් පීඩනයක් මොවුන්ට යොදවන්න පුළුවන්. harpy රාජාලියෙකුගේ නිය එනම් තල rotviolet බල්ලෙකුගේ හකු හා සැසදෙනවා.ගැහැණු රාජාලියෙකු ට පියාඹන ගමන් දඩයම් කිරීමේ හැකියාව තියෙනවා පියාඹන ගමන් රාත්තල් දාහතක එනම් කිලෝ ග්‍රෑම් 7.4 ක බරැති සත්වයෙක් ගසකින් දඩයම් කරගෙන යෑමේ හැකියාව තියෙනවා.ආහාර දාමයේ ඉහළින්ම සිටින jaguar සහ ඇනකොන්ඩාවන් සමඟ මොවුන් ඉදිරියේම වැජබෙනවා එම නිසා වෙන සත්ව විශේෂයකට බියවීමට මොවුන්ට කිසිම අවශ්‍යතාවක් නෑ harpy රාජාලියන්ට අවුරුදු 25 සිට 35 දක්වා ඕනෑම තැනක ජීවත් වීමට හැකියාවක් පවතිනවා ආයු කාලය අවුරුදු 35 ත් 40 ත් අතර වෙනවා.ක්‍රමක්‍රමයෙන් වන ගස් කැපීම් සහ මිනිසා විසින් මොවුන්ව දඩයම් කිරීමට පෙළඹීම තුළින් දැනට මොවුන් වද වීමේ තර්ජනයකට ලක්ව තිබෙනවා.මොවුන් බිත්තර දමන්නේ අවුරුදු දෙකකට සැරයක් වන බැවින් සහ වරකට බිත්තර දෙකක් හෝ තුනක් දමනවා.බොහෝවිට මේ බිත්තර දෙකකට සීමා වෙනවා මොවුන් එයිනුත් අවධානය යොමු කරන්නේ එක් බිත්තරයක් සදහා පමණයි.එමනිසා මොවුන්ගේ වඳවීමේ තර්ජනය උග්‍ර වී තිබෙනවා.
හරි අපි දැන් මේ සත්වයා ගැන කතා කරානේ අපි දැන් බලමු පෝස්ට් එකේ පලවෙනි ෆොටෝ එකේ තියෙන්නෙ මොනවද කියලා.දිනක් harpy eagle සංරක්ෂණ වැඩසටහනක් යටතේ පරීක්ෂකයන් පිරිසක් මොවුන් පිළිබඳ පරීක්ෂණයකට යොමු වෙනවා.මොවුන්ට haapy රාජාලියෝ යුගලක් හමු වෙනවා.ඒ ඔවුන් බිත්තර රකින සමයයි.රාජාලීන් දෙදෙනාම බිත්තරය ආරක්ෂා කරනවා ඉදහිට දඩයම් කරගෙන එන සත්වයන්ගේ ශරීර කොටස් කූඩුවෙන් පහළට වැටෙන අතර ඉතිරි ශරීර කොටස් කූඩුව තුළ රැඳෙන ආකාරය පරීක්ෂකයන් විසින් නිරීක්ෂණය කරා.කෙසේ වෙතත් මාස දෙකක නිරීක්ෂණයෙන් පසු වූ ඔවුන්ට හදිස්සියේම යමක් නිරීක්ෂණය කිරීමට හැකි වුණා ඒ වැඩිහිටි රාජාලීන් යුවල නැවත නැවත කූඩුවට පැමිණීම නතර කළ බවයි.ඒ කියන්නේ ඔවුන් කූඩුව අතහැර ගොස්.පරීක්ෂකයන්ට මෙය ඉතාමත් ගැටලුවක් වුණා.පර්යේෂණ කණ්ඩායම ගසේ මුදුනට ගොස් කූඩුව පරීක්ෂා කරා පෝස්ට් එකේ පලවෙනි ෆොටෝ එකේ තියෙන්නේ එම කූඩුවේ තිබුණු දේවල්.ඔවුන් ඔවුන්ගේ බිත්තර අතහැර දමා ගොස් තිබුණි.කැදැල්ලේ නටබුන් අතර කුරුල්ලන්ට ජීරණය කළ නොහැකි නියපොතු සම් කැබලි කැබැලි ඇටකටු විශාල ප්‍රමාණයක් සොයා ගැනුණා.
අස්ථි දුසිම් ගණනක් ද විය කකුල්, කොඳු ඇට පෙළ, ශ්‍රෝණිය සහ හිස් කබල්. හිස් කබල්, විශේෂයෙන් ම, බොහෝ දුරට මනුෂ්‍යයන් මෙන් හුරුපුරුදු ය. ඇත්ත වශයෙන්ම, හාපි රාජාලියා මිනිසුන් දඩයම් නොකරයි - අප දන්නා පරිදි. ඔවුන්ගේ සාමාන්‍ය ආහාර වේල සම්බන්ධයෙන් ගත් කල, මෙම රාජාලීන් ඔවුන්ගේ තම වාසභූමිය තුල සිටින සියලු වර්ගවල වඳුරන් සොයමින් සිට දඩයම් කරයි.ඔවුන් ආමඩිලෝස් සහ වෙනත් ඕනෑම සතෙකු පාහේ දඩයම් කරයි .කලාතුරකින් මිනිස් දඩයම් තිබෙනවාද නැද්ද යන්න සම්බන්ධව ප්‍රමාණවත් තරම් සාක්ෂි නැහැ නමුත් ඔවුන් ඔබව ග්‍රහණය කරගත් පසු හාපි රාජාලියෙකුගෙන් බේරීමට නොහැකි තරම්ය.හාපි රාජාලියන් කූඩු වටා කරන ලද පර්යේෂණයන්ගෙන් ඔවුන් සොයා ගත්තේ සතුන්ට පුළුල් මාංශ භක්ෂක ආහාර රටාවක් ඇති බවයි. ඇත්ත වශයෙන්ම, ඔවුන් කොතරම් මස් අනුභව කරනවාද කියනවා නම්, ඔවුන් බොහෝ විට අස්ථි ඔවුන්ගේ කූඩුවල ව්‍යුහයට ඇතුළත් කරනවා
ස්තුති.
සටහන - Lakshan Devagiri
උපුටා ගැනීමේදී කරුණාකර කතෘ අයිතිය සුරකින්න.ස්තුතියි!