අද කතා කරන්නෙ ප්ලේටෝගෙ ගුහාව ගැනයි.
(Plato's Allegory of the cave)
හිතන්න ඔයා මුලු ජීවිත කාලයේදීම ජීවත් වෙන්නෙ ගල්ගුහාවක.ඒත් සිරගත කරලා
කන්න බොන්න ඒ අවශ්‍යතා සියල්ලම ළඟටම හම්බෙනවා.
ඔයාගෙ මුලු ලෝකෙම ඒ ගුහාව විතරයි.
"රාමුවක" හිරවෙලා ඉන්නෙ.
නමුත් එක්තරා දවසක ඔයාට නිදහස හම්බෙනවා.ඔයා ගිහින් එළිය වටපිටාව බලනවා.
ඔයාට එළියෙ වන කිසිම සංසිද්ධියක් තේරෙන්නෙ නෑ.
ගස් කොළං,සත්තු...මේ ඔක්කොම ඔයාට අප්‍රභංස විතරමයි.
ඔයාගෙ මනස ඒ වාතාවරණය reject කරනවා එහෙම නැත්තම් ප්‍රතික්ෂේප කරනවා.
"රාමුවෙන්" පිට හිතන්න කැමතිම නෑ.මොකද ජීවිතකාලෙම ගෙවපු ඒ වටපිටාව වෙනස් කරගන්න ඔයා අකමැතියි.
ඒක තමයි ඔයාට පුරුදු පුහුණු සීමාව.කොටින්ම comfort zone එක නැත්තම් සුවපහසු කලාපය.
ඉතින් ඔයා මොකද කරන්නෙ?
මුකුත් නෑ.ගිහින් ආයෙම අර ගුහාවට ගිහින් තමන්ම බලෙන් මාංචු දාගෙන "system" එකෙන්ම යැපෙනවා සහ පවතින සමාජ මතය (හිතන්න ඒ ගුහාවෙ ඉන්නෙ ඔහු විතරනම්;සමාජය කියන්නේ ඔහුම තමයි) පිළිඅරගෙන අර "රාමුව" කඩන්නෙ නැතුව මැරිලා යනකම්ම ගුහාවෙම ඉන්නවා.
ගුහාවෙම ඉපදිලා,ගුහාවෙම මැරිලා යනවා.
පිටින් කවුරු හරි ඇවිත් කිව්වොත් එළිය හරිම විසිතුරුයි,ඕක ඇතුලෙ අන්ධකාරය විතරයි කියලා කොහොම හරි සංඥාවෙන් හරි පහදලා දුන්නත් ඒකෙන් එළියට එන්න කැමති නෑ.
මගේ සිත් ගත් පවතින රාමුව කඩා එයින් නික්මුණු සුවිශේෂි අවස්ථාවන් අතරේ,
1.සිදුහත් කුමාරයා ප්‍රධානයි.
පැවති සමාජක්රමයේ ඉහළම තලයේ සිටි සිදුහත් කුමාරයා රාමුවෙන් ඔබ්බට සිතන එකෙන් වළක්වන්න ඔහුගේ පියා සුද්ධෝදන රජතුමා කටයුතුකළා.
එනම්
🚫අධික ලෙසින් වයසට ගිය,හිසකෙස් සුදුවූ,අප්‍රසන්නව හමරැළි වැටුණු,කෙලසොටු නාගත් වයසක මිනිසුන්,
🚫ඉතා භයානක,අසාධ්‍ය ලෙඩරෝගවලින් අප්‍රමාණ දුක්පීඩා වලින් පෙළෙන මිනිසුන්,
🚫මිනිහෙක්ගෙ මරණය පෙන්වන මළකඳන්,
🚫විමුක්තිය සොයන පැවිදිජීවිත.
මේ සියල්ලම සිදුහත් කුමාරයාගෙ සීමාවෙන් ඉවත්කළා.
එතුමා සිදුහත් කුමාරයා ව සිර කළා "රාමුවක"
ජීවිතය සුන්දරයි,වයසට ගියත් සැමදා තරුණ ජවය පවතිනවා,ජීවිතය ෆුල් සොමියෙ ගෙවන්න ඕනි.
මොන විමුක්තිද?
මගේ පුතුණුවන් සක්විති රජකරවීමෙන් ලබන සැපය සියල්ලටම වඩා මනරම් කියන මතයෙ එතුමා සිටියා.
කොටින්ම එතුමා දුටු ඒ රාමුව අදටත් එලෙසින්ම වලංගුයි.
ආදර හෝ යෝජනා විවාහනයකින් විවාහ වී,
දරුමල්ලන් සාදා,ඔවුන් සමාජයේ ඉහළම තැනක (වෛද්‍ය/ඉංජිනේරු,ගණකාධිකාරි/.....)
තියන්නයි.
ඒක "රාමුවක්" කියලා දන්නවද නොදන්නවද දැනගෙනද මන්දා.
එතනින් තියන්න මුලු සේසතම දන් දෙනවා.
ඊටපස්සේ එයාලව විවාහ කරලා දීලා තමන් මෙච්චර කල් දුවපු "රිලේ රේස් එකේ යෂ්ඨිය/පොල්ල" දුවලා පුතාලා අතට දීලා "ඉතිරි ටික උඹලා දුවපන් මයේම්මා" කියලා කියලා අතපිහ ගන්නවා.
ඒ ගොල්ලොත් දෙමාපියන් කරපු විදිහටම ජීවිත රවුම දුවලා අර "රිලේ යෂ්ඨිය" එයාලගෙ ළමයින්ට දෙනවා."ඉතිරි ටික උඹලා දුවපල්ලා මයේම්මා"!
මේක තමයි පවතින රාමුව.
ඉගෙනගන්න එක,රස්සාවක් කිරීම,රටට ලෝකෙට පේන්න ගෙවල් දොරවල්,යානවාහන,බඩුමුට්ටු පරිහරණය,අවසානයේ ඔක්කොම අත ඇරලා අඩි 6ක් යට/ආදාහනාගාරයක.
මිනිසුන් මේක දන්නවා.නෑ නෙමෙයි.
නමුත් ඒ රාමුව කඩන්න බයයි.
සමාජය මොනා කියයිද අනේ!
මට පිස්සූ කියලා හිතයි බන්.
කොල්ලො නික මාව කපයි බන්!
ඒ අර "රාමුවේ" හිරවුණු අයමයි.
ඒකෙන් ගැළවෙනවට "රාමුවෙ" ඇතුළෙම ඉන්න අය අකැමැතියි,තරහයි.
නමුත් යටිහිතේ රාමුවෙන් ගැලවෙන්න ආසාවක් නැත්තෙමත් නෑ.
ඉතින්,
කාලයත් එක්ක සිදුහත් කුමාරයාට "රාමුවෙන්" මිදෙන්න හේතුකාරණා සකස් උනා.
1.මම වයසට යන බව දැනන් උන්නා.
නමුත් මේ වගේ?
මෙච්චර ලස්සන කලු කෙස් අතරින් නරකෙස් මතුවෙනවා.
ලස්ස්නට බබළන මේ හම දිනෙක මේ වගේ සර්පහැව වගේ රැලි වැටෙනවා.
මම ඒ තත්ත්වය අතික්‍රමණය කරලා නෑ!
2.ජීවිතයම එපාකරවන භයානක,වේදනාකාරී රෝ පීඩා හටගන්නවා.
මටත් වෙන්න බැරිකමක් නෑ.
3.සෑම දුප්පත්/පෝසත් හැම එක්කෙනාම හැමෝම අතැරලා මැරෙනවා.
මම ඒ තත්ත්වය අතික්‍රමණය කරලා නෑ.
මමත් දිනෙක අනිවාර්යයෙන්ම මැරෙනවා.
4.ලෝකෙ සියල්ලම දුක නෑ.
සත්ත්වයන් මේකෙ ඇලෙන්නෙ මේ ජීවිතවල යම් ආශ්වාදයක් අනිවාර්යයෙන්ම තියෙන නිසා.හැබැයි ඒක තාවකාලිකයි.
තාවකාලික සැපය විඳින්න දීර්ඝකාලීනව දුක් විඳින්න ඕනි.
ඒ තාවකාලික සැපය අත හැරලා මේ සියලුම දුක්වලින් මිදෙන මාර්ගය මම හොයාගන්න ඕනි.ඒ වගේම සියලු සත්ත්වයන්ට ඒක කියලා දෙන්න ඕනි.
මේ පැවිදි ජීවිතය මට ඒකට උපකාර කරාවි.
රාජකුමාරයෙක් සිතන චින්තනයෙන් හාත්පසින්ම වෙනස් පවතින රාමුවෙන් හාත්පසින්ම වෙනස් විදිහකට ආයෙම "රාමුවකට" කොටුවුණා.
ඒ අත්තකීලමතානුයෝගයට.
ශරීරයට අධිකව දුක් දීමෙන් විමුක්ති ය ලැබිය හැක කියන "රාමුව".
අවසානයේදි සියලුම රාමු අතික්‍රමණය කරලා,ළඟම හිටිය පස්වග මහණුන්ද තමන්ව අතහැර ගියත් මුලුමහත් සමාජයේම තිබූ රාමු කඩා මධ්‍යම ප්‍රතිපදාවෙන් සම්මාසම්බුද්ධත්වයට පත්වුණා.
අපි ජීවත් වන්නෙත් ඒ රාමුවේමයි,
අශ්ව රථ වෙනුවට benz,ferrari ආදේශ වූ,
අඬබෙරකරුවන් වෙනුවට gossip ආදේශ වූ,
පහන් ආලෝකය වෙනුවට විදුලි පහන් ආදේශ වූ,
තව නොයෙකුත් දෙ....
එකම රාමුව පොඩ්ඩක් නවීකරණය කරලා,modify කරලා.
ඒ කරෙත් රාමුවෙන් ඔබ්බට හිතපු අයමයි.
මේක ලියන්නෙත්,ඔබ කියවන්නෙත් ඒ වගේ අය නිසාමයි.
නමුත් ඒ මොළකරුවනුත් ඒ "රාමූවේම" කොටසක් වී,රාමුව තුළම වැඩකර රාමුවේම මියයන අය බවද අමතක නොකරන්න.
ඉතා දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබීමේ පරමාර්ථය සොයන්න.
නැත්නම් අර ප්ලේටෝගෙ උපමාවෙ වගේ,
ගල්ගුහාවෙම ඉපදිලා,ගල්ගුහාවෙම මැරිලා යන මිනිසෙක් පමණක් වේවි.
බුදුරජාණන් වහන්සේට අනුවනම්,මඩේම ඉපදිලා,මඩ ඇතුලෙම කුණුවෙලා යන නෙලුමක් පමණක්ම වේවි.
උත්සාහ කරන්න!
ගල්ගුහාවෙන් එළියට එන්න,
වතුරෙන් උඩට පිපෙන්න.
ලේසිනම් නෑ!
"රාමුවේම අය" ඔයාව රාමුවේම තියාගන්න පට්ටම ගේමක් ගහාවි.☺️
උපුටාගැනීමක්