මම දාපු පෝස්ට් එකට ගොඩක් අය අහල තිබුනෙ RSI indicator එක ගැන කියල දෙන්න කියල. මම දන්න විදිහට උපරික effective විදිහට RSI භාවිතා කරන විදිහ කියල දෙන්නම්.
මුලින්ම සරළව RSI හැඳින්වීම,
RSI කියන්නෙ Relative Strength Index, හොයාගත්තෙ J.Welles Wilder. අපි මේක oscillator indicator එකක් විදිහට හඳුන්වනව,ඒ කියන්නෙ සීමාවල් දෙකක් අදර දෝලනය වෙන රේකා වලින් පෙන්වන indicator එකක්.මූලිකව මේකෙන් market එකේ වෙනස් වීම් අඳුරගන්න පුළුවන්.
RSI භාවිතා කරන ආකාරය
වඩාත්ම සාර්ථක විදිහට RSI use කරනවනම් මගෙ මතය අනුව හොඳම දේ තමයි RSI Divergence වලින් signal ගන්න එක.
Divergence
Divergence ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි.
1.Regular Divergence
මේකෙන් market එකේ top and bottoms අදුරගන්න පුළුවන් එහෙම නැත්තන් market එක අනිත් පැත්ත හැරෙන තැන්( reversals ) අඳුරගන්න පුළුවන්
2.Hidden Divergence
මේකෙන් market එක යන පැත්තයම දෙන තල්ලුවක් ( continuation ) අඳුරගන්න පුළුවන්
වඩාම ආරක්ශිත trade එකක් ගන්න පුළුවන් market එක යන trend එක පැත්තටම trade එකක් ගන්න එක නිසා අපි Hidden Divergence විතරක් use කරමු.
Hidden Divergence
මේක කොටස් දෙකකට් බෙදෙනව Bullish Hidden Divergence සහ Bearish Hidden divergence කියල. Bullish එක up trade එකක් ගන්නත් Bearish එක down එකක් ගන්නත් use කරනව.
(මේකට Higher highs,Higher lows,Lower highs, lower lows ගැන දැනුම අවශ්‍ය වෙනව.)
Bullish Hidden Divergence
මේකෙදි අපි use කරන්නෙ Lows
Bullish Hidden D එකක් අඳුරගන්නෙ candle chart එකේ Higher lows හැදෙදි RSI Indicator එකේ Lower lows හැදුනහම
Bearish Hidden Divergence
මේකෙදි අපි use කරන්නෙ highs
Bearish Hidden D එකක් අඳුරගන්නෙ candle chart එකේ lower highs හැදෙදි RSI Indicator එකේ Higher High හැදුනහම
Trade එකක් ගන්න විදිහ
EMA 200 (Market එකේ තියන trend එක අඳුරගන්න)
RSI default settings
දාගන්න
BUY
EMA line එකෙන් උඩ market එක තියනකොට බලන්න ඕනෙ Hidden Bullish divergence එකක් හැදෙනවද කියල. එහෙම හැදෙනවනම් අපි ඒ වෙලාවෙ buy එකකට enter වෙනව. හරියටම enter වෙන confirmation signal එක ගන්නෙ Trading view එකේ තියන RSI indicator එක මැද්දෙන් යන කහ පාර line එක RSI එකෙන් උඩට cross වෙනකොට.
මේ වෙලාවෙදි RSI එකේ lower low එක 70 line එකෙන් පාත තියෙන්න ඕනෙ ( over sold)
Stop loss place කරන්නෙ අපි market එකේ ගත්ත divergence එකේ පලවෙනි low එක තියන තැනට.
Take profit එක place කරන්නෙ Stop loss එක වගේ 1.5 ක ප්‍රමාණයකින්
SELL
EMA line එකෙන් පාත market එක තියනකොට බලන්න ඕනෙ Hidden bearish divergence එකක් හැදෙනවද කියල. එහෙම හැදෙනවනම් අපි ඒ වෙලාවෙ sell එකකට enter වෙනව. හරියටම enter වෙන confirmation signal එක ගන්නෙ Trading view එකේ තියන RSI indicator එක මැද්දෙන් යන කහ පාර line එක RSI එකෙන් පාතට cross වෙනකොට.
මේ වෙලාවෙදි RSI එකේ Higher high එක 70 line එකෙන් උඩ තියෙන්න ඕනෙ ( over bought )
Stop loss place කරන්නෙ අපි market එකේ ගත්ත divergence එකේ පලවෙනි high එක තියන තැනට.
Take profit එක place කරන්නෙ Stop loss එක වගේ 1.5 ක ප්‍රමාණයකින්
කිසිම indicator එකකින් වත් strategy එකකින් වත් 100% සාර්ථක results ගන්න බෑ.කරන්න ඕනෙ අඩු loss ගානක් සහ වැඩි win ගානක් තියාගන්න එක.
මේ RSI strategy එක මම back test කරන 80% කට වඩා accuracy එකක් දැකපු strategy එකක්.
අඩුපාඩුවක් තිබ්බොත් කවුරු හරි පෙන්නල දෙන්න.
15 time Frame එකෙන් උඩ RSI indicator එක use කලොත් market noise නිසා loss වෙන් නැතුව risk එක අඩු කරගන්න පුළුවන්.
.
.
.
මේක මේ විදිහට දාන්න හිතුවෙ පහුගිය post නිසා ගොඩක් දෙනෙක් පෞද්ගලිකව මොකක් හරි ගේමක් ගහගන්න support එකක් ඉල්ලපු නිසා.නැතුව මේ විදිහට type කරගෙන ss දාල මෙහෙම එකක් දාන්න හිතුවෙ course එකක් කරන බලාපොරොත්තුවෙන් වත් වෙන අරමුණකින්වත් නෙමෙයි.28 K ඉන්නව.එකෙක් හරි බලල ගේමක් ගහගත්තොත් එච්චරයි.ජයවේවා ❤️
Supun ayeshmantha