===================================
සතිය දවස් වල විතරයි පාස්පෝට් ඔෆිස් එක ඇරලා තියෙන්නෙ
8.30 ඉදන් 2pm.වෙනකන් බාරගන්නවා application . ඊට පස්සේ බාරගන්නෙ නෑ
Original ID එකයි photo copy 1යි
හොදට තියෙන original උප්පැන්නේයි photocopyඑකයි අනිවාර්යෙන් අරගෙන යන්න
Google එකෙන් application එක download කරලා එක fill කරලා අරන් යන්න.(application download link - https://www.immigration.gov.lk/web/images/stories/pdf/form/passport/passport_application.pdf link එක උඩ touch කරන්න auto download වෙයි pdf එක)
නැත්තං application එතනිනුත් ගන්න පුළුවන් එතනදිම පුරවල දෙන්න පුළුවන්
පහසුම දේ මේ වැඩේට අපට සාමදාන නිලධාරීන්ගේ සහතිකයක් ඕන වෙන්නේ නෑ
උප්පැන්නේ ඉරිලා පොඩි වෙලා නැති හොදට පෙන් එකක් තමා ඔනි. එහෙම එකක් නැත්තන් තියෙන එකක් අරන් යන්න එතන තැනක් තියෙනවා එතනින් රුපියල් 120 ට අලුත් එකක් ගන්න පුලුවන්.
ගිහින් එතන තියෙන studio එහෙකින් ෆොටො ගහගන්න.එයාලා photo print කරන්නේ නැ කෙලින්ම passport office එකේ site එකට upload කරනවා.පස්සේ එයාලා එකට කොලයක් දෙයි එකයි අර application එකයි අනිත් ටිකයි අරගෙන යන්න ඇතුලට...
(https://www.immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=302&lang=en මේ link එකෙන් authority studio එකක් බලාගන්න පුලුවන් ඔයාලගේ ගෙවල් පැත්තේ තියෙන. එතැනකින් උනත් photo ගහලා upload කරන්න පුලුවන්.) මීට වඩා ලෙහෙසි එතනින්ම වැඩේ කරගන්නව නම්
Photo ටික විතරක් ගන්න 300 ක් ගනි.form එක එතනින් ෆිල් කරන් අනිත් photocopy ටිකත් එතනින් ගන්න ගියොත් 700 ක් විතර යයි
Normal ගන්නවා නම් - 3500යි
One day service එකෙන් ගන්නවා නම්- 15,000 යි.(ඉදිරියේදී මේ ගණන් නම් වෙනස් වෙනවා කියලා ආරංචියි)
බබාලගේ passport ගන්නවනම්
බබාගේ birth certificate එකයි .අම්මා තාත්තාගේ id සහ Passport (තියෙනවනම්)
(දෙදෙනාගේම කැමැත්ත ප්‍රකාශකරන ලිපියක් / Application & consent letter online printout ගන්න පුලුවන්)
මව සහ පියා දෙන්නම ඉන්න ඕනි( දික්කසාද නං ඒකට සහතික ලිපියක් ඉදිරිපත් කරන්න ඕන)
ඔක්කොම භාර දෙන්න ගියාට පස්සෙ ටෝකන් අංකයක් දෙනවා.ඒක කතා කරන වෙලාව ටීවී එකේ පෙන්නනවා.එතකං කලබල නොවී ඉන්න
තමන්ගේ වාහනයක යන්න එපා .වාහන පාකින් ඉඩකඩ හරිම සීමිතයි
වතුර බෝතලයක් කෑම ටිකක් අරන් යන්න
ඔයාලා උදෙන්ම භාර දෙන තරමට ඔයාලට වේලාසනිනන් යන්න පුළුවන්
මතක ඇතුව හැමදේකම ෆොටෝ කොපියක් ගහලා අමතර ෆයිල් එකක දාගෙන අරන් යන්න .
පාස්පෝට් එක හදලා අල්මාරියට දාලා තියාගෙන නම් ඉන්න එපා. කොහොම හරි මේ රටෙන් ගිහිල්ලා ආදායමක් ලබන්න ක්‍රමවේදයක් හදාගන්න
වෙන වෙනම රට වලට යන ක්‍රම්වේද පිලිබද මම ඉදිරියට කියනව.page එකත් like කරල ඉන්න.ඒව දැනගන්න
පාස්පෝට් එක හදා ගන්නවත් සල්ලි නැති කවුරුහරි ඉන්නවනම් පුද්ගලිකව මට මගේ pofile එක ෆලෝ කරලා පොඩි ටෙක්ස්ට් එකක් දාන්න. 👇
https://www.facebook.com/shalindaw
Shalinda niroshan wijesingha
2022/06/06