මමත් හැදුවා cheese... හරිම රසයි.
ඔයාලත් හදලා බලන්න.
අවශ්‍ය ද්‍රව්‍ය :-
කිරි 500ml
විනාකිරි මේස හැදි 3
සීනි මෙස හැන්දක්
ජෙලටින් මේස හැන්දක්
ලුණු අවශ්‍ය තරමට
යෝගට් එකක්
සාදන ක්‍රමය :-
මම පල්වෙනි වතාවට හදන නිසා මම ගත්තේ fresh milk 500ml
කිරි එක අඩු ගින්දරේ ලිපේ තියලා ඒකට විනාකිරි දාලා රත් කරන්න. එතකොට කිරි එක කැටගැහෙනවා.
පස්සේ ඒ කිරි ටික පිරිසිදු රෙදි කෑල්ලකින් පෙරලා අරගෙන වතුර යනකන් මිරිකන්න.
ඒ පෙරා ගත්ත ටික බ්ලෙන්ඩර් කරගන්න ලුනු ටිකක් සිනී ටිකක් හා යෝගට් එකක් දාලා.
ඊට පස්සේ මේ බ්ලෙන්ඩර් කරගත්ත ක්‍රීම් එකට ජෙලටින් (උනු වතුරෙන් කැටි ගැහෙන් නැතුව දිය කරගන්න.)
දිය කරගත් ජෙලටින් ටික එකතු කරලා මද ගින්නේ රත් කරන්න.
මම නම් ඒකට කහ පාට කලරින් ටිකක් එකතු කලා.
පස්සේ බාජනේකට දාලා පැය දෙකක් විතර තියලා කපාගන්න. සමහර අය නම් යෝගට් දාන්නේ නෑ නමුත්. යෝගට් වලට රසට එනවා.
මම නම් රවුම් බාජනයකට දැම්මේ චීස් විදිහටම කෑලි 8ක් ම කපාගත්තා.සමහර අය ගම්මිරිස් කුඩු එහෙමත් දානවා.
එහෙමත් රසයි. පාන් රොටී වගේ එක්ක නම් මරු.
උපුටාගැනීමකි.