අලුත් ලැප් එකක් නම් කරන්ට් එකට ගහලා පාවිච්චි කරන්න. ලැප් හදල තියන්නේ කරන්ට් එකෙන් දුවනකොට බැටරිය පාවිච්චි නොවෙන්න. එතකොට සයිකල් ගැන අඩු වෙන්නේ නැහැ. හැබැයි එතකොට බැටරිය පාවිච්චි වෙන්නෙම නැති නිසා ගොඩ කාලයක් යනකොට සවුත්තු වෙනවා, ඒ නිසා සතියකට විතර සැරයක් 0% ටම බස්සල ආපහු චාර්ජ් කරන්න. ඕක තමා හරි ක්‍රමේ.
මීට අමතරව තව සීන් එකක් තියනවා, බැටරිය 100% චාර්ජ් කලාම සයිකල් ගාන අඩුයි. සාමාන්‍යයෙන් 80% වගේ චාර්ජ් කරලා නවත්වනවා නම් හොඳයි. මේකට අලුත් ලැප් වල ෆිචර් එකක් එනවා, 80% පස්සේ බැටරිය චාර්ජ් වෙන එක නවත්වන්න. ඒකට අවශ්‍ය software එක laptop manufacture site එකේ driver downloads එක්ක normally තියනවා.