• Talkies News
  • මුට්ටියට ආපු අලුත් වැඩ ටික - 28th May update

ආයුබෝවන් කට්ටියම!

සෑහෙන කාලෙකට පස්සේ මුට්ටියට ආයේ කට්ටිය එන්න අරගෙන වගේ.
ඉතින් ඒක නිසා තිබ්බ අඩුපාඩු ටිකක් හදලා forum එකේ update එකකුත් දැම්මා.
එවගේම අලුත් විශේෂාංග කිහිපයකුත් එකතු වෙන්න තියෙනවා.

Search Update with Sinhala

මෙච්චර කල් සිංහලෙන් මොනවාහරි search කළාට ආවේ නෑ. ඒක forum එකේ තිබ්බ අවුලක්. ඉතින් අද ඉඳලා ඒ අවුල නෑ. ඔයාට සිංහල ඉංග්‍රීසි දෙමළ තුනෙන්ම තියෙන post search කරන්න පුලුවන්.

Post engagement update

සමහරු ඉතා වටිනා turorials, downloads, links වගේ දේවල් නොමිලේම දානවා අපි දැක්කා. එවගේම සෑහෙන පිරිසක් ඒවා ඩවුන්ලෝඩ් කරනවාත් දැක්කා. ඒත් අතළොස්සයි ස්තුතියි කියලාවත් රිප්ලයි කරලා තියෙන්නේ.
ඉතින් මේකට එක ක්‍රමයක් අපි හඳුන්වලා දෙනවා.

ඔයාලට පුලුවන් ඔයාලා දාන ලින්ක් එක හරි මුලු පෝස්ට් එකම හරි, කවුරුහරි ඒකට රිප්ලයි එකක් දැම්මොත් විතරක් පේන්න සළස්වන්න.

ඔය තියෙන බාර් එකේ GIF සහ @ ලකුණු දෙකට මැද තියෙන + ලකුණක් එක්ක තියෙන චැට් ලාංඡනය ක්ලික් කරලා hidden post එකක් දාන්න පුලුවන්. ඒක ක්ලික් කළාම කොටු දෙකක් එනවා. ඒක ඇතුළේ තමයි ඔයා නොපෙන්නන දාන්න ඕන ටික දාන්න ඕන. මේ විදියට -

මේකට සමහරු කැමති වෙන එකක් නෑ. ඒත් මේ ක්‍රමය අවශ්‍ය නම්, ඔයා කැමති නම් ඔයාගේ පෝස්ට් එකට යොදාගන්න පුලුවන්.

එවගේම තව වෙනස් වෙන්න ඕන අලුත් වෙන්න ඕන දේවල් තියෙනවානම්

    තව දේවල් ගොඩක් ඉස්සරහට එන්න තියෙනවා. වෙනස් වෙන්න ඕන දේවල්, ඉස්සරහට අලුතින් මුට්ටියේ දකින්න කැමති දේවල් තියෙනවා නම් කියන්නත් අමතක කරන්න එපා. ජය වේවා! 😍

    සොෆ්ට්වෙයා එක wp - buddypress නම්, Better massages ප්ලගින් එක ඉන්ස්ටෝල් කර අපහට පුද්ගලික පනිවුඩ හුවමාරු කරගැනුමටද ඉඩ සලසාදෙනු යහපත 🙂

      Sahan Induvara (zaanind) Wordpress නම් නෙමෙයි. කලින් private message යවන්න පුලුවන් විදිහක් තිබ්බා, හැබැයි පොඩි පොඩි අවුල් ටිකක් හින්දා අයින් කලා. ආයේ ඒ වගේ මොකක් හරි හදාගන්න බලමු

        ctupramod stickied the discussion .


        mn hadapu ekak

        දීපු ෆියුචර්ස් ටිකට නම් ෆේස්බුක් වගේම දැනෙනවා. NGROCK හෝස්ට් කල නිසා සැරින් සැරේ
        ඩව්න් වෙනවා. හිතුනොත් සල්ලි දීල හෝස් කරනවා ඒත් 20-30GB වත් ඕන වෙනවා අඩුම
        අඩුවට හෝස්ට් එකක් හම්බුනොත් දානවා. 🙂🙂

        real time live notifications ajax වලින් තත්පර බාගෙන් බාගෙ අප්ඩේට් දෙනවා. 🤠
        චැට් කරන්න පුලුවන් යාලුවො එක්ක(ඔන්ලයින් ස්ටේටස් පෙන්නනවා), යාලුවෙක් නෙවෙයි නම්,
        ඔන්ලයින් ස්ටේටස් පෙන්නන්නේ නෑ.

          Sahan Induvara (zaanind)
          ගෘප් හදාගෙන කල්ලි ගැහෙන්නත් පුලුවන් 😂
          කුනුහබ්බ කිව්වට කමක් නෑ අපි මාක් වගේ කුරිරු නෑ.
          ඩේටාබේස් එරර් එකක් තියේ හදාගත්ත ගමන් සයිට් එක open කරනවා

          Sahan Induvara (zaanind) වැඩේ හොදයි මාර්කටින් පාර එහෙම කරගත්තොත්. මාත් ඉස්සර ට්‍රයි කලා හැබැයි ලංකාවේ අයට Facebook වලින් තොර ලෝකයක් නෑනේ

            ctupramod ඒක තමා හරියට හෝස්ට් කලේ නැත්තේ, මාකටින් කරගන්න දන්නෙ නැතුව.
            මොකක් හරි කල්පනා කරන්න වෙනවා විදිහක් නැත්තම් සල්ලි දීලා හෝස්ට් කරලා පිස්සු කෙලලා හරියන්නෙත් නෑනේ 😐

            මේකේ අලුත් ඩිස්කස් පෝස්ට් කරන්න බෑනෙ. ඔපෙරා බ්‍රවුසර් එකේ,
            JS අවුලක්. පොඩ්ඩක් බලන්න. ටැග් තෝරන්න දුන්නම මොකුත් වෙන්නෙ නෑ, ඒපාර කොන්සෝල් බැලුවම එරර් ගොඩක් පෙන්නනෝ

              Sahan Induvara (zaanind) Opera GX එකද නැත්තම් අනිත් එකද? මං දෙකේම මේ දැන් ට්‍රයි කලා. අවුලක් තිබ්බේ නෑ. සමහර විට මොකක් හරි ටෙම්පරි අවුලක් එන්න ඇති.