ගෑස් ප්‍රශ්නයට කොමාවක්...,
කුඩු ලිප.... 6 වසර විද්‍යාව ශක්තිය පාඩම.
පියන රහිත ටින් එකක පතුල ආසන්නයට වන්නට වක්‍ර පෘෂ්ඨ කොටසේ සිදුරක් හෝ කොටුවක් කපා ඉවත් කර ගන්න. (විශ්කම්භය අඟල් 2ක පමණ)
සරිලන දිග ප්‍රමාණයන්ගෙන් යුත් අඟල් 2 PVC බට කැබලි දෙකක් ගෙන
එකක් ටින් එකේ මැදට වන්නටත්
අනෙක පහල ඇති සිදුරෙන් පෙර බටයට හේත්තු වන පරිදිත් ඇතුල් කරන්න.
ලී කුඩු හෝ දහයියා ටින් එකට දමා හොඳින් සම්පීඩනය කරන්න
සෙමෙන් pvc බට කැබලි දෙක වෙන වෙනම ඉවතට ගන්න
කුඩු ලිප ready.....
භාවිතයට ටිප්ස්...
පහල ඇති සිදුරෙන් දර කැබැල්ලක් ඇතුල් කොට ඉහල සිදුරෙන් (චිමිණි කොටසෙන්) ලාම්පුතෙල් ස්වල්පයක් ඇතුල් කරන්න. (ලාම්පුතෙල් නෑ... මං දැම්මෙ liquid hand sanitiser). දැන් ලිප අවුලුවන්න... වේලුනු කුඩා කෝටු කැබැල්ලක කෙලවර සැනිටයිසර් පොඟවා එය අවුලුවා චිමිණි සිදුරෙන් ඇතුල් කිරීමෙන් ලිප ඇවිලවීම පහසුයි.
ගෙදර තිබෙන ගෑස් කුකරයේ භාජන රඳවනය ඉවතට ලිපට ඉහලින් තබා ගැනීමෙන් කුඩු ලිපට professional පෙනුමක් ලැබේ.. තවද පිසීමේ දී භාජන තැබීමට එය පහසුවක්.
ලිප අවුලුවා විනාඩියක් පමණ යනතුරු ඉහලින් පියනකින් වසා තැබීමෙන් මැද කුහර ඉක්මනින් තාපයෙන් පදම් වේ. එවිට දර කැබැල්ලේ දහනය කාර්යක්ෂම වේ.
දැන් ආහාර පිසීමට ලිප සූදානම්...
දර කැබැල්ල තෝරාගැනීමේදී විෂ්කම්භය අඟලක පමණ සහ දිග අඩි එකහාමරක පමණ හොඳ දර කැබැල්ලක් ගැනීමෙන් ගිනි දැල්ලෙ. හොඳ සැරක් ලැබෙන අතර අතරමගදී නිවීයාමක් සිදු නොවේ.
- හොඳින් පදම් වූ ලිප රයිස් කුකරයක් ලෙස cook mode සහ warm mode ලෙස ක්‍රියාකරයි. දර කැබැල්ල ඇතුලේ පවතින තුරු cook mode ලෙසත්, දර කැබැල්ල ඉවතට ගත් විට warm mode ලෙසත් වේ.
මෙහි පින්තූර වල ඇත්තේ ක්‍රිස්කො බිස්කට් ටින් එකකින් අත් හදා බැලූ අවස්ථාවකි. මැද කුහරය උස වැඩිවන තරමට ලිප කාර්යක්ෂම වේ.
ලීටර 4 තීන්ත ටින් (බෙලෙක්ක තහඩු) එකකට අසම්පීඩිත ලී කුඩු ටින් දෙකහාමාරක් සම්පීඩනය කල විටක බත් එකක්, කරි 2ක් හෝ 3ක් පිස අවසානයේ ඉතිරි තාපයෙන් වතුර කේතලයක් නටවා ගත හැක.
දුම සහ දැලි ඉතා... අවමයි
Reusable
LP gas එනතුරු අල්ලගෙන ඉන්න සුදුසුයි.
වැඩිදුර විස්තර සඳහා...
Saw dust burner ලෙස google හෝ youtube සර්ච් කරන්න.
__