මේකට හේතු වන්නේ වසූරිය වෛරස් පවුලේම සාමාජිකයෙකු වන Monkeypox වයිරසයක්. ඒක මුලින්ම හඳුනා ගෙන තියෙන්නේ කූඩු කරපු වඳුරෙක්ගෙන්. බටහිර අප්‍රිකානු සහ මධ්‍යම අප්‍රිකානු ලෙස මෙම වෛරසයේ ප්‍රධාන ප්‍රභේද දෙකක් තියෙනවා.
මේක දුර්වල වෛරසයක් නිසා දරුණු බව අඩු මට්ටමක තමයි පවතින්නේ. ඒ වගේම විශේෂඥයින් කියන විදියට ආසාදනය වීමේ සම්භාවිතාවත් ගොඩක් අඩු යි.
රෝග ලක්ෂණ මොනවද?
ලෙඩේ හැදුනාමත් ආරම්භක රෝග ලක්ෂණ වෙන්නේ උණ, හිසරදය, ඉදිමීම්, කොන්දේ වේදනාව, මාංශ පේශි කැක්කුම සහ උදාසීනත්වය වගේ දේවල්.
උණ අඩුවී ගියාට පස්සේ, බොහෝ විට මුහුණේ කැසීමක් ඇති වෙලා පසුව ශරීරයේ අනෙකුත් කොටස් වලට (ගොඩක් වෙලාවට අත් සහ පාද වෙත) පැතිර යන්න පුළුවන්.
මේ කැසීම දරුණු විය වෙන්න පුළුවන්. ඒත් අවසානයේ කබොල්ල ඉතුරු වෙලා, ඒකත් හැලුණාම තුවාල කැළැල් ඉතිරි වෙන්න පුළුවන්. ගොඩක්ම පැපොල රෝගයට සමාන යි.
දින 14 සිට 21 දක්වා පැවතිලා රෝගය ඉබේම හොඳ වෙනවා.
වැළඳෙන්නේ කොහොමද?
ආසාදිත පුද්ගලයෙකු සමඟ සමීපව ඇසුරු කරන විට Monkeypox රෝගය වැළඳෙන්න පුළුවන්. තුවාල වූ සම, ශ්වසන මාර්ගය හෝ ඇස්, නාසය හෝ මුඛය හරහා වයිරසය ශරීරයට ඇතුළු වෙනවා. ඒ වගේම, ලිංගිකව එක්වීමේදී සිදුවන සෘජු ස්පර්ශයකින් සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් කියලත් මෑතකදී හොයා ගත්තා.
වඳුරන්, මීයන් සහ ලේනුන් වැනි ආසාදිත සතුන් සමඟ සම්බන්ධ වීමෙන් හෝ ඇඳ ඇතිරිලි සහ ඇඳුම් වැනි වෛරසය ගෑවුණු වස්තූන් වලිනුත් පැතිරෙන්න පුළුවන්.
බය වෙන්න ඕනද?
දැනට නැහැ. ඒත් Monkeypox උවදුර සමහර වෙලාවල් වලදි දරුණු වෙලා තියෙනවා. බටහිර අප්‍රිකාවේ මරණ පවා වාර්තා වෙලා තියෙනවා.
බේතක් නැද්ද?
මේ වෛරස් එක වසූරි පවුලේ නිසා වසූරි එන්නතම Monkeypox වලටත් 85% ක් ඵලදායී කියලා ඔප්පු වෙලා තියෙනවා. ඒ නිසා සමහර අවස්ථාවලදි ඒ එන්නත භාවිතයට අරගෙන තියෙනවා.
සටහන: තඹරු විජේසේකර
මූලාශ්‍රය: BBC