උබ ගුලි කාලද..? 😁
අත්දැකීම් ලබා නොමැති උදවිය සදහා අත්වැලකි.
ලොව එක් එක් විශයයන් සදහා එක්එක් විශේෂඥයන් සිටී මෙම විශය ගත් කල්හී වගකීමෙන් යුතුව මා ගුලි පිලිබදව විශේෂඥයෙන් බව ආඩම්බරයෙන් යුතුව කිව හැක. ගුලිය හා සබැදි මගේ දිවිය එකදාස් නවසිය... හාහා නෑ නෑ එච්චර නෑ මට මතක හැටියට මුලින්ම ගුලියක් කා බැලුවේ මා 6 වසරේ සිටි කාලයේය.
මේ සදහා විවිධ නම් ඇත. වාජීකරණ,
මදනමෝදක,
ගුලි,ටොපි,පහේටොපි,
අපේ තාත්තාට සිල්ලර කඩයක් තිබූ අතර එය තවමත් එලෙසෙම පවතී දැන් තාත්තා ගුලි විකුනන්නේ නැති නමුත් මා ගුලි සමග කල අරගලය තාත්තා හොදින් දනී..
ගුලි කාලද..? මේ වචනය හැම කෙනෙක්ම ජීවිතයේ එක්වරක් හෝ අසා ඇති වදනක් නමුත් ගුලියක් අතින් අල්ලා තබා දෑසින්වත් දැක නැති සමහරු ගුලි පිලිබද විශාරදලා ලෙස අර්ථ දක්වනු මා අසා ඇත්තේ සිනාමුසු මුහුනිනි.
එවකට ගුලි ඕල්සේල් එනම් ව්‍යාපාරිකයන් අතරද ඉහලින්ම හිටියේ මාගේ පියානන්ය කොටින්ම පසු කලෙක කොල්ලන් ගුලියක් දාමුද අහන්නේ නැතුව "අඩෝ පොඩ්ඩමාමා එකක් දාමුද..?" අසන තැනට අපේ තාත්තාගේ ගුලි කෙරුවාව ජනප්‍රිය විය. මාදුටු මුල්ම ටොපිය නාහල්ලේ මදන මෝදක නම්විය අළු පැහැති හුරුබුහුටි කප් එකක දමා ඇති එහි කාන්තාවකගේ හා පිරිමියෙකුගේ රූපය පියන මත කැටයම් කර තිබුනි. සුදුපැහැ මළගෙවල්වල කොඩිවැල්දාන ඉටිකොලෙන් පැකට් කර එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රවුම් කර තලන ලද ගුලියකි "ගැබිනි මාතාවන්ට හා බාලවයස්කරුවන්ට විකීනීම තහනම්" වාක්‍ය ලියා ඇත්තේ "දුම්බීම හෘද්‍යාබාධ ඇතිකරයි" වැනිය.
ලොව මංඤං වීමේ ක්‍රම දෙකකි එකක් "වෙරි" ( වියදම්,අවධානම් අතුරුආබාධ සහ කරදර අධිකය ) අනෙකනම් "මත" ( අතුරුආබාධ සහ අවධානම් ) මේ දෙකම අතරින් ලිස්සායන වරුගයකි ගුලි
"ලොව සාමකාමීම මිනිසා ගුලිකෑ තැනැත්තාය" යනුවෙන් මා කියවූ කිසිදු පොතක නැත එය මවිසින් කියන ලදි.
ගුලිය කොතරම් ජීවිතයට සමීපද යනු මට අදටත් එකී කප්වල අච්චුගසා තිබූ ගුලිහදන ලැයිස්තුවෙන් සමහරක් කට පාඩම්ය
රටඉදි,අළුකෙසෙල් පිටි,අමුක්කරා අල,අත්තනඇට එළගිතෙලෙන් තම්බා විෂ හරණය කරන ලද තෛලෝකනාථවිජයපත්ර.(හප්පේ නමේ ගාම්භීරෙ කංසාවල) මදටිය ඇට ප්‍රමාණය උදේ හවස එළකිරිහෝ පොල්පරා රණවරා තැම්බූ වතුර සමග පානය කරණු.
ඔව්වා කරන්නට බැරිය ආයුර්වේදයේ හැටියට බෙහෙත් අපිට අවශ්‍ය නැත අපිට ඕනේ හඳට යන්නට ගුවන් මාර්ගය. තාත්තාට ගුලි ගෙනත් බාන්නේ ත්‍රීරෝද රථයකිනි හාල්කඩේට වැලිමඩින් ලංකාඅල ගෝනි පිටින් ගෙනත් බාන්නා වාගේ අපේ නිවසට මහරෑට තකහනියේ ගුලිත් ගෝල්ඩ්සීල් (රජයට බදු නොගෙවන ලද විදේශීය දුම්වැටි ) ගෙනත් බානු ලැබේ.
දිනක් පත සයිස් ඌරුමීයෙක් ඔහේ වැටී සිටිනු දුටු මා "තාත්තේ අන්න ඌරුමීයෙක් මැරිලා" කිව්විට තාත්තා විත් කෝට්ටකින් ඌ එහා මෙහා කරනවිට දගලන නිසා "මූ මැරිල නෑ ලෙඩක්ද කොහෙද" කියා කෝට්ටෙන්ම අයිනකට කර කඩය ඇතුලට ගොස් අතුගාන්නට විය එක්වරම "යකෝ ඌට ලෙඩක් නෙමෙයි ඌ ගුලියක් කාල මේං ඉතුරු භාගෙ" බලන විට මීයා අන්දොස් වී ඇත...
මීයට මක් වෙලාද..? මට මහා උබතෝකෝටික පස්නයක් විය මටත් ගුලියක් කන්නට සිත්විය. පහුවදා රෑ 7ට පමණ තාත්තාට හොරෙන් ගුලියකුත් රැගෙන සූජානම් විය. "ගුලි කෑවම බඩගිනි වෙනවා" "ඕව කෑවම විකාර වෙනවා" වැනි දේ අසාඇති නිසා ඒවටත් සූදානම් පිට කාමරයෙන් පාන් ගෙඩියක්ද අරන් තබා "තාත්තෙ නිදිමතයි මං නිදියනවා" වේලාසනම ගේමට රෙඩිවිය.
7.15ට ගුලිය මුඛයෙන් ඇතුල්වූ අතර තල්ලේ අලවා විකාර කෙරීමට බියක් නිසා හොදින් හපා හපා ගුඩුස් ගා ආමාශගත කරන ලදි. අයියෝ කිසීම කැත රසක් නැත පැණිම පැණි රසය. 7.30 විය. තෙමසක් පමණ නොබැලූ පරණ DVD පටයක් පුස්බැදී ප්ලේ වෙනවිට මෙන් එකම රූපරාමූවේ දෙකක් පෙනෙන්නට විය. මද වෙලාවකින් ඉංද්රියන්ගෙන් නිදහස් බවක් දැනුනි. සුන්දර අදහස් ගලා එන්නට ඌ අතර ජිම්කෝබට්ගේ "රුද්රප්රයාගයේ මිනීකන ව්යාග්රයා" කෘතිය පිටු කීපයක් කියවාගෙන යනවිට ජනේලයෙන් එහා පැත්තේ කොටියා පහුරු ගානවා ඇහෙන්නට විය.
සියල්ල අභිබවා කුසගින්න නැග එන්නට විය. දෙන්නම් වැඩේ කියා පාන් ගෙඩිය ගසා අතට ගත්තද එය කටවල් 4ක් විය නමුත් හෙමින්....හෙමින්....
හෙ.මි.මී...න් හපා හපා ගිල්ලේ කටේ කෙල නැතිවීම නිසාය. පාන්හපා හකුපාඩා රිදෙන්නට විය. නමුත් තඩි කලයකට චූටි ගල්කැටයක් දැම්මා මෙන් බඩට යන්තම් හෝ දැනුනේ නැත හොරා මෙන් ගොස්බත් බෙදන විට "ඇයි බං නිදියන්ඩ නේද ගියේ..? "නැහ් බඩගින්නක් ආව" "කාපන් කාපන් සේරම හරි මං පාන් කන්නම්" තාත්තාගේ වචනය ලැබුනි. දෙමළමහාසෑය පරදන මහා බත් කන්දක් හිමින් හිමින් සමතලා කරන්නට විනාඩි 40ක් පමණ ගතවිය පිගාන ලෙවකන්නටත් සිතක් පහලවූ නමුත් අමතක විය. දැන් බතුත් ඉවරය. කුසගින්න මදක් සමනය විය.
වෙලාව 8.50 යි
නැවතත් කුසගින්නක් දැනෙන්නට විය. කන්නට කිසිවක් නැත. මා නිදන කාමරය තාත්තාගේ කඩයේ ගබඩාව මෙනි ඇදට අමතරව කෙසෙල්කැන් හිස් සහ වැඩිපුර බීම කේස් අඩුක්කරන්නේ කාමරයේය බාගෙට ඉදීගෙන එන ඇඹුල් කෙහෙල්ඇවරියකි එකක් දෙකක් කෑවත් කන්නට අමාරු ඌයේ කටේ කෙල නැත අමු වැඩිය. මුලින්ම ලෙල්ල පිටින් මදක් තලාගත් පසුව. ශා... නියමෙට ඇවරියම අවසන් විය. තවත් බඩගිනිය. කැඩුව ලෙමන් ක්‍රෂ් එකක්. එකක් මදි තව එකක්. හා...ගානකට සමනය විය. හම්මේ උස්මුරුත්තා. දැන් සුට්ටක් බඩ බහින්න ඇලවෙන්න ඕන. ඇදේ උඩුබැලි අතට වැටුන විට ටකරමේ නිල්රතුකහ මිශ්‍ර ලොව ඇති සියළු වර්ණවල රටා මැවී පෙනෙන්නට විය පාට පාට දේදුන්නකින් පාටවෙලා සීනිකන්දක් මැදින් ගිලී... මතක එපමණකි
........................................
පහුවදා සෙනසුරාදා දිනකි නැගිටින විට දහවල් 2ය. මුත්‍රා කහවතුර පාටය දැවිල්ලය, දෑසේ කබය. වතුර බොනවා ඉවරයක් නැත.
එතනින් පසු ගුලි කෑවේ නැත. 10 වසර. එය ආතල් සොයන සමයයි. ගෙදර ගුලි ඕනෑ තරම්ය. දැන් මම ගැන්සියේ ජනප්‍රිය ගුලි සිටුවරයෙකි තාත්තා සගවන තැනින් මළගේකට සංගීතෙකට පෙරහරකට කිරිඅම්මා දානෙකට ඕනෑම රාත්‍රී ගමනකට සංග්‍රහ කටයුතු වලට සාදාරසමාදර අනුග්‍රහය මගෙන් මම ගන්නේ ගුලි 100 පැකට් එකක් "හොරකමෙන් ගත්ත දේවල් අපෙ තාත්තගෙන්. දනට පිනට අපේ උන්ට දුන්නේ........හ් මං
හිතේ මනාපෙන් " ගුලි සාක්කුවේය ගෝල්ඩ්සීල් බංඩලයක් පිටේය ඉල්ලන ඕනෑම කොල්ලෙක්ටනොමසුරුව ගුලිත් සිගරටුත් බෙදා දුන්නේ සත්භාවයෙනි.
කොටින්ම ගමේ කඨින පිංකම දවසට රෑට නිදිමරන උපාසක ඇත්තොන්ටවගේම පෙරහර පටන් ගන්න කලින් නැටුම් කන්ඩායම් වලටත්. උන් ඒව කාල නැටුව නැටිල්ලක් දැන් ගුලියක් කෑවාට මදිය අවශ්‍ය ගානට එන්නට ගුලි තුනක්වත් කෑ යුතුය ඕනෑම ආතල් එකක් එහෙමය ආතල් අඩුවෙනවිට මාත්‍රාව වැඩිකල යුතුය.
දැන් දැන් පිනට ලැබෙන නිසා ගුලි භාගය කෑ එකා දෙක බැගින් කන්නට ගනී. ගුලි හා සම්බන්ධ සිදුවීම් ලියන්නට වෙනම පොතක් ලිවිය යුතුය වරක් ගුලි බෙදන විට අපිට වඩා අව්රුදු 2ක් බාල ලහිරු නම් නෝර්මල් ඩෑල් එකක් ලගදී අපේ සෙට් එකට එකතු විය ඌත්
"අඩේ මටත් ආසයි බං ගුලියක් කන්ඩ" 'එකක්ම කන්ඩෙපා භාගයක් කාපන්"
මගේ වෛද්‍ය උපදෙස්ද නොතකා මූ එකක්ම කෑව රෑ 7ට විතර එකෙක් අපේ ගෙදර දුවන් ආවේ "අඩෝ අන්න ලහිරු මල්ලි ජෝගි නටනවලු වරෙන් බලන්ඩ යන්ඩ" කියමින්ය.
මට දෙලෝ රත්විය අපි යනවිට ලහිරු මල්ලීව පුටුවකට තබා බැද තිබෙනු දක්නට ලදි.
" බලන්ඩ පුතේ වහලෙ දිහා බලන් දොඩෝනව රෑ නෑවෙ පල්ලෙහා ළිදෙන් පෙරේත බැල්මක්ද කොහෙද" ලගදි රට ඉදන් ආ ලහිරුගේ මව අපිට කිව්වේ එසේය කට්ටඩියා පැමිණ තෙල් මතුරා ගැට7 සහිත නූලක්ද දමා දෙහිද අහුද කපා පහුවදා තොවිලයට අවශ්‍ය කලමනා ලැයිස්තුවක්ද දෙන ලදි එම ලැයිස්තුවට පොල්මල් කපන්නට ගස් බඩගාන්නට උනේද මටය.
ලක්ෂයක පමණ වියදමක් දරා නටන ලද තොයිලය නැරඹීමට පැමිණි කොල්ලන්ට සංග්‍රහ කටයුතු සදහා රාත්‍රීයේදී මටද ගුලි 100 පැකට් එකක් ගැනීමට සිදුවිය. තොයිල් පෙරේත තට්ටුවට තැබීමටත් ගුලිය සැපයුවේ මමය ගුලි කෑමට අදාලව නටනලද තොයිලයට මා සහභාගී උනේද ගුලි කාලාය නටන නැටුම් දැක හිනා උනේ වත්ත පහලට ගොස්ය ගුලි තොවිලය බෙරයක් මෙන් සුරයක් කරට දැමීමෙන් අවසන් විය.එයින් පසු ලහිරු අපි හා ගැන්සි බැස්සේ නැත.
පසුව ගුලි කන්නේ හොද සූදානම් පිටය "මස්කට් පැණිබූන්දි තියනව මගෙ කාමරේ" බත් හරියන්නේ නැති නිසා ක්‍රීම් බනිස් නෙක්ටෝ පෝටෙලෝ සමග චොකලට් රුපියල් 50 සමපෝෂ පැකට් එකට සීනි500g දමා අධි සාන්ද්රණියට සාදා ආදී වශයෙන් අවශ්‍ය අඩුම කුඩුම මා හොදින් දැනගන්නා ලදි. ගුලි මත අඩු කිරීමට නින්ද හැර වෙනත් ක්‍රමයක් නැත. පැයක නෑම මගින් 40% ක් අඩුකරගත හැකි නමුත් එයද සාර්ථක නැත. මුත්‍රා දැවිල්ලට පහුවදා තැඹිලි වරදින්නේ නැත. ශරීරයට අධික උෂ්නය නිසා ඇස්වලින් කබ එන්නට ගනී.
පාසලට ගුලි ගෙනගියේ යට කලිසමේ සගවාය. මා එකල බෝම්බ ජැකට් එකක් පැළදි මරාගෙන මැරෙන කොටියෙක් මෙනි. වරක් බැජ් 1 නැති වරදට විදුහල්පති මගේ කන හරහා හතරක් පහක් නෙලනවිට මා බිය ඌයේ හතරවටින් මල්වෙඩි මෙන් ගුලිවිසික් වේය කියාය.
සුදුපැහැති පැකැට්ටුවේ ආ ගුලිය කෑ පසුව අලිකෙදි මෙන් කෙදි කෙදි ඉතුරු වේ. පසුව පැමිනි නාහල්ලේ කාමේෂ්වරී ගුලියේ ගම්බිරිස් වැඩි නිසා උගුර දන බැවින් නිතරම ක්රාහ් ක්‍රා...හ් ගගා සිටිය යුතුය. පසුව සෙවනගල කාමේෂ්වරී රතු සෙවනගල කාමේෂ්වරී කොල ගුලිවල කෑමට අපහසුතා නැතත් අධික තෙල් බෙහෙත් ගඳක්විය. පසුව අශ්වයා නම් සද්ධන්ත ගුලිය උතුර දකුණ මාරු වන්නට විය එයටත් පසුව අයෝමය පුරුෂයා නම් ගුලියේ අයෝමය පුරුෂ හස්තයක් වේ එහි මස්පිඩුව ඇති තැන අවර්ණව ගුලිය පෙනෙන සේ දිස්වේ. අවසානයට දැන්.. ඒවාට නමක් ගමක් ජාතකයක් අයිඩින්ටිටි කාඩ් එකක් නැත. ගුලි කීවාට ගුලියේ හැඩයක් නැත බෝර12 තුවක්කු උන්ඩයක හැඩයක් ඇති අතර අඟල් 4ක් දිගය 3ක් කෑවිට වෙඩි වැදුනා හා සමානය.
රුපියල් 5න් ඇරඹි "පහේ ටොපිය" පසුව 25....50...75...80..120 දක්වා උද්ධමනයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය කර මිල අතික්‍රමණය වී ඇත සමහරක් තැන්වල දැන් 150/=කි.
මුලින්ම එකක් කෑවිට මදිය පසුව දෙකක් කෑවිට මදිය පසුව තුනක් හතරක් පහක් ----> එසේ ගුලි 13ක සීමාව දක්වා මා ලගාවූ බව සතුටින් දැනුම් දෙමි එසේ කා පසුදින තොග කඩෙන් පොල්තෙල් කෑන් එකත් රැගෙන එනවිට ගෙදරට හැරෙන පාරෙන් නොහැරී කෙලින්ම කිලෝමීටරයක් පසුවූ පසුව හැරෙනතැන මතක් විය.
පසුව O/L ප්‍රතිඵල එනතෙක් කල තාවකාලික රැකියාව කරනලද ස්ථානය ඔක්කෝටම හපන්ය රාත්‍රී සේවාමුරයේදී තේ හදන්නට වෙනම වයසක මනුස්සයෙක් සිටී 12 දෙනෙක්ට තේ සෑමට සීනි 3kg සහ පිටි2kg ලබාදේ අපි අංකල්ට නිදාගන්නට කියා ගුලිසුප් එක සෑදීමේ වැඩය මා භාරගනී.. මුලින්ම පිටිකිලෝ 2ත් සීනි කිලෝ 3ත් එක බේසමකට දමා එයට ගුලි 15ක් කුඩුකර දමා වතුර අඩුවෙන් දියරමළපහ පදමට හැඳිගාගනු ලැබේ පසුව එක් අයෙක්ට පොල්කටු හැන්දෙන් එක බැගින් බෙදාදේ පැය භාගයකින් 11 පමණ වනවිට ලොව සාමකාමීම සහ සතුටුදායකම සේවාස්ථානය බවට එම වැඩපල පත්වේ රාජකාරිය නූලට ඉටුකරන බැවින් වැඩපරීක්ෂකලාගෙන් කිසිම ගැටලුවක් නැත.
පසුව මිරිහාන විශේෂ වැටලීම් ඒකකයේ 13කින් යුත් කන්ඩායමක් කඩාපැන ගෙදර බත් හැලිය පවා කූරුගා බලා තාත්තාගේ කඩය පීරා බැලුවේ ඔත්තුවකටය එයින් පසු තාත්තා රට සිගරට් විකිනීම නවත්වන ලදි.
එකල කඩය පිටුපස ඌයේ අපේ පුංචීට අයත් පාලු ඉඩමකි එහි තාත්තා වියට්නාම උමං සටන් වලට නොදෙවෙනි උමං පද්ධතියක් ගුලි සැගවීම සදහා සකස්කර තැබීම නිසා අපේ ගැන්සිය
"අඩෝ උබලෑ පිටිපස්සෙ වත්ත කොටියකට ගත්තත් පාඩු නෑ උදළු පාරක් ගැහුවම ගුලි ගන්න ගානට වඩා ලාභයක් ගත්තෑකි"
යන කියමන්වලට මා ගොදුරු විය. තාත්තාගේ හැටි දන්නා නිසා කව්රුවත් අත තබන්නට යන්නේ නැත.
ගමපුරා මේ කටකතා හේතුවෙන් ඊළඟට පොලිස් පැනීමේදී වැඩේ කුරුවල් වන බව සිතූ තාත්තා ගුලි සගවන ස්ථානය වෙනස් කිරීම නිසා මා දැඩි අපහසු තාවයට පත්විය දැන් පිනට ගුලියක් නැතිව එකේකා දම්මා තාත්තාගේ කඩෙන් මටම ගන්නට සිදුවීම නිසා ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මා අසරණභාවයට පත්විය.
දිනක් මා රාත්‍රීයේදී සංගීතෙකට ගිහින් එන අතර තුර ගෙට සමීපව කන්දේ මැදක් හරියේ කව්රුන්හෝ සෙලවනවා දැක මම හිමීට කිට්ටු කරන්නට විය. හප්පද බොල තාත්තා.
"හා හා ගෙදර පලයන් මං එන්නම්" අනිවා ගුලි හංගන්නෙ අහල පහල මට ඉවක් දැනෙන්නට විය. පහුවදා රෑ මම පූර්ණ මෙහෙයුමක් දියත් කරන ලදි. අම්මට සිරි දෙනෝදාහක් යනේන පාර අයිනේ කන්ද මැද පැත්තට වන්නට වැල්වලින් වැසී ඇති තැන ඈත්කල විට විශාල කුහරයකි එයතුල පෝරබෑගයක් පිරෙන්නට මට හිමි නිධානය සම්බවිය. වැඩේ අල නොකර ඉහගන කන්නට නොයා මා හෙමින් සැරේ වරකට ගුලි 10 බැගින් කාලයක් සැනසුනි. හදිසියේම පොට් එකේ ගුලි නැත. අහන්නටත් බැරිය දවස් කිහිපයකට පසු තාතතා '' පොට් එකේ බඩු නෑ නේද..?" මම තක්කු මුක්කු විය
" මං දැනගත්ත තෝ එකේකාට බෙදන්ඩ ඔතනින්න ගන්න බව දැන් ගනිකො. ආව මෙතන නරි නාවන්ඩ මගෙ සල්ලි වලින් හාහ්...හහ්හා...."
මා අසරණව බලා හිදීද්දී ඔහු අනුකම්පා විරහිතව මහ හඩින් සිනහ විය. පසුව ගමේ එකෙක්ගේ ගුලි 2ක් හසුවී එය තාත්තාගෙන් ගත්බව ඌ පොලිසියට කියා තාත්තා රැගෙනගොස් කූඩු කිරීමෙන් පසු තාත්තා ගුලි විකිනීම නතර කරන ලදි.
දැන් මට ගුලි නැත.
"තාත්තෙ යාළුවෙක්ගෙ තොවිලෙකට තටුවකට තියන්ඩ ගුලියක් ගන්ඩෝන'' මම බැරිම තැන තාත්තාට ගුලියක් ඇඹරීය
"මං මුදලාලිට කියන්නම් ගිහින් ගන්ඩ කියපන් " වචනෙ ආවේය. තාත්තා කෝල්කර කියූපසු මුදලාලි මට ටොපි 3ක් මුදාහරින ලදි. මුදලාලිව අල්ලාගන්නා සූත්තරයමා හොදහැටි දනී පසුව තාත්තාටත් වඩා මුදලාලිගේ VIP පාරිභෝගිකයා ඌයේ මාය අදටත් කෝල් 1ක් දී "මුදලාලි මං අහවලා" කිව් සැනින් "කීයක්ද මහත්තයො" අසන තැනට අපි දෙන්නා අතර අන්‍යයෝන්‍ය සංසාරගත බැදීමක් ඇත.
ගුලි ගැන ලියනවානම් තවත් කතාන්දර එමටය. ගුලියට පිංසිදුවන්නට එතනින් එහා ආතල් සොයා යෑමක් නොවීය අපේ අවශ්‍යතාවය සපුරා එතනින් එහා නොයෑමට ගුලි අපිව රැකගන්නා ලදි.
ගුලිවල වාජීකරණ පැත්ත ගැන මා කතා කරන්නට යන්නේ නැත එව්වා විලි නැතුව සමාජමාධ්යක ලියන්නට බැරිය. එක වාක්‍යකින් ලියමි.
"බඩු සුපිරි".
අවසානයේ ගියවර ශ්‍රීපාද වන්දනාවේදී අපේ නඩයේ කිරිකජු කොල්ලෙක් ගුලියක් නිසා නඩුවක් දී නඩේ 4 දෙනෙකුට වටවල පොලිසියේ රැය පහන්කර හැටන් උසාවියෙන් මුදාගැනීමට සිදුවිය. මෙච්චරත් ගුලි සමග ජීවත් වී අද දක්වා සිදුවී නැත්තේ ගුලි නඩුවක් කෑම පමණි ඉතිං මා ගුලි විශේෂඥයෙක් නොවන්නේද...? පොලීසිය ගුලි වලට නඩු පැවරීමක් කලද එය නීත්‍යානුකූලව කල නොහැකිය.. නඩුව හරියට කිවුවොත් දිනීමට හැකිය.. මෙය ලංකාවේ අනුමත නිෂ්පාදනයකි..
උපුටා ගැනීමකි...