ඊ.පී.ඩී.පී. නායක ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා රුපියල් අනූහත් ලක්ෂයක් වූ සිය විදුලි බිල නොගෙවා ඇති බවත් මෙතෙක් ඔහුගේ විදුලි බිල කප්පාදු කර නොමැති බවත් ලංවීම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා අනාවරණ කර තිබෙනවා
අමාත්‍යවරයා විසින් ගෙවිය යුතු මුදල වන්නේ (97,36,677) අනූහත් ලක්ෂ තිස් හයදාස් හයසිය හැත්තෑ හතකි.
ඊ.පී.ඩී.පී. කාර්යාලය, ස්ටැන්ලි පාර, යාපනය යන ලිපිනයට අදාළ විදුලි බිල්පත මෙසේ නොගෙවා ඇති බව රංජන් ජයලාල් මහතා හෙළිදරව් කළේය.
මීට පෙර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ එක් කෝටි විසි පන් ලක්ෂයක නොගෙවූ විදුලි බිලද තමා විසින් හෙළිදරව් කිරීමෙන් පසු ඒ පිළිබඳ පරීක්ෂා කෙරුණු අතර ඉදිරියේදී තවත් ඇමැතිවරුන්, මන්ත්‍රිවරුන් නොගෙවූ විදුලි බිල් පිළිබඳව හෙළිදරව් කිරීමට තමා සූදානම් බවත් ඒ මහතා පැවැසීය.
විශේෂයෙන් විදුලි බිල් පිළිබඳව පරීක්ෂා කරන හා ඒ තොරතුරු හෙළිකරන විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට විවිධ බලපෑම් සිදු වී ඇති බවත් මෙම වැටලීම් සියල්ල සොයා බැලීම් කළ යුතුව තිබෙන්නේ වෘත්තිය සමිතිවලට බවත් ඒ මහතා පැවැසීය.