dulitha
Xiaomi ලා Phone වලට Updates එවන විදිය...
මේක ලියන්න හිතුනේ "මේ update එක කරාට කමක් නැද්ද?" , "මේක කරාම battery එක බහිනවා කියන්නේ ඇත්තද?" වගේ post හැමදාම දකින නිසා වගේම ඒ වගෙ ඒවට හැමදාම එකම comment එක දාලම එපාවුණු නිසා...
හරි...මං කතා කරන්නේ Global Stable Update ගැන විතරයි. Xiaomi ලා Global Release කරපු Phone වලට Stable Update එක දෙන්නේ පියවර තුනකට. (Global Beta Updates දැන් නවත්තලා නිසා ඒව ගැන කියලා වැඩක් නෑ.)
1) Pilot Testers ලාට... (v12.0.0.X)
මුලින්ම කියන්න ඕන Pilot ලාට දෙන්නේ Beta Update එකක් නෙවේ Stable Update එකක්. ගොඩාක් අය පටලවාගෙන ඉන්නේ. Beta වල තරම් Bugs මේකේ නෑ.
Xiaomi ලා මුලින්ම Stable Update එක දාන්නේ මෙයාලට. මේ Update එක Pilot ලා නොවන අයට එන්නේ නෑ. ඒ වගේම සාමාන්‍ය Users ලාට ඒ Update Package එක වෙන Source වලින් අරගෙන Updater එක හරහා Install කරන්න බෑ. අනිවාර්යෙන් මේ ROM එකේ Bugs තියෙනවා. පාවිච්චි කරන්න බැරි තරමේ Bugs නැති උනත් සාමාන්‍ය වීදියේ Bugs තියෙන්න පුළුවන් බොහෝවිට. ඊට පස්සේ Testers ලාට අහුවෙන සේරම Bugs Report කළාට පස්සේ සති දෙක තුනකින් (කාලය ඊට වඩා වැඩිවෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්) ඒ Bugs Fix කරලා සාමාන්‍ය Users ලාට යවන්න පුළුවන් Bugs අඩු Stable ROM එකක් හදනවා.
දැනට Pilot Testers ලා ඉන්නේ MI 9, MI 9T Pro, MI 9T, Redmi Note 8 Pro, Redmi Note 7 Pro, Redmi Note 7, Poco F1 විතරයි. ඉස්සරහට තව Devices වලට අදාලව Testers ලා ගනී.
Pilot Testers ලා නැති Device වල Bugs Check කරන්නේ හදන Develolers ලාම තමා. එතනදි සමහරවිට සමහර Bugs අහු නොවී තියෙන්න පුළුවන්. ඒ නිසා තමා ඊළඟ පියවරේ විදියට Bugs Ffix කරපු ROM එක Release කරන්නේ.
2) Partial Rollout (12.0.X.0)
Pilot Testers ලට වගේම Developers ලට අහුවෙන Bugs ටික Fix කරලා හදන Stable Update එක ආයේ Pilot Testers ලාට වගේම අහඹු විදියට සාමාන්‍ය Users ලටත් දානවා. එහෙම දාපු Update එකක් සාමාන්‍ය User කෙනෙක්ට ආවම ඒක තියෙන්නේ පොඩි වෙලාවයි. ඒක නිසා ඒ කාලය තුළ Update කරන්න ඕන. ඒ දෙන කාල සීමාව ඇතුලෙදි ඒ Update එක Install කළේ නැත්තම් ඒ අවස්ථාව වෙන User කෙනෙකුට දෙනවා. ආයේ ඒ Update එක Partial Rollout එකේදි ඒ Device එකට එන්නේ නෑ. මීට පස්සේ "Update එක ආවා. Night Time වලින් ගහන්න බලද්දි ඒක නෑ" වගේ post දාන්න එපා. මේක තමා හේතුව.
Partial Rollout එකේදි තියෙන විශේෂම දේ තමා Update එක ඇවිත් නැත්තම් ඔයාට පුළුවන් ඒකට අදාල Update Package එක Download කරලා Updater එක හරහා Install කරන්න. හැබැයි ඔයා Update Package එක Install කරන මොහොතේ මොකක් හරි සාමාන්‍ය Bug එකක් තිබිලා Update එක Rolled Back කරලනම් ඔයාට ඒක Updater එක හරහා install කරන්න දෙන්නේ නෑ.
මේ Partial Rollout එකේදි පාවිච්චි කරන්න බැරි තරම් Bugs නෑ. චූටි Bugs ටිකක් තියෙන්න පුළුවන්. කලාතුරකින් සාමාන්‍ය ප්‍රමානේ Bug එකක් දෙකක් වගේ තියෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවෙදි කරන්නේ ඒ Update එක Rolled Back කරන එක. ඒ කියන්නේ ඒ Bug එක Fix කරලා අලුත් Update එකක් එනකන් ඒ Update එක සාමාන්‍ය User කෙනෙක්ට Install කරන්න දෙන්නේ නෑ. එහෙම Bug එකක් තිබිලා ඒක Fix කරලා අලුතෙන් එන Stable update එකේදිත් මුලින්ම කරන්නේ මේ Partial Rollout එක. Partial Rollout එකේදි සැලකිය යුතු Bugs නැත්තම් ඊළඟ පියවරට යනවා.
3) Public Rollout එක...
Partial Rollout එකෙන් සතියකට විතර පස්සෙ මුකුත් සැලකිය යුතු Bug එකක් නැත්තම් ROM එක සාමාන්‍ය Users ලට එවනවා. ඒකත් එකපාර දාන්නේ නෑ. Batch එකෙන් Batch එකට දාන්නේ. (Batch දෙකක් අතර දවසක විතර පරතරයක් තියෙන්න පුළුවන්. ඊට වැඩි වෙන්නත් පුළුවන්.) Region මාරු කළාට Public Rollout එකේදි Update එක ඉක්මනට එන්නේ නෑ. තමන්ගේ Device එකට අදාල Batch එකට Release වෙනකං ඉන්න ඕන. නැත්තම් වෙනම Update Package එක අරන් දාගන්න ඕන. මේ Update එකනම් ආපු වෙලාවෙම Update නොකළ කියලා නැති වෙන්නේ නෑ.
Tester කෙනෙක් නෙවෙනම් update එකක් ආවම ඒකේ bugs ඇති කියලා බය වෙන්න එපා. පාවිච්චි කරන්න බැරි තරම් bugs එන්නේ නෑ කොහොමත්. (Partial Rollout එකේදි bugs තියෙන්න පුළුවන්. ඒවට අකමැති නම් Update එක ආවාම දවසක් විතර තියන්න Update නොකර එතකොට update එක නැති වෙනවනම් ඒක partial Rollout එක. Update එක දිගටම තියෙනවනම් ඒක public rollout එක. එහෙම දිගටම තියෙනවනම් update කරන්න.) 😊