ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා
මිය යන විට 71 වැනි වියේ පසුවූ ඒ මහතා ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව නව දිශානතියකට යොමු කළ ප්‍රවීණ මාධ්‍යවේදියෙක් වනවා.
පුද්ගලික සහ රාජ්‍ය ආයතනයන්හි සේවය කර ඇති ඒ මහතා ලේක්හවුස් ආයතනයේද සභාපතිවරයා ලෙස කටයුතු කළා.
විශේෂයෙන් මෙරට තාරුණ්‍ය වෙනුවෙන් සිය මාධ්‍ය ජීවිතයේ සුවිසල් කාර්යයභාරයක් ඉටුකළ ඒ මහතා සමීපරූප, ගීතා, සරසි වැනි සිනමා පුවත්පත්ද, කුමරි, පතිපතිනි, අරලිය වැනි සඟරා රාශියකින්ද මෙරට පාඨකයන්ට ආමන්ත්‍රණය කළා.
රූපවාහිනී මාධ්‍ය සඳහා පත්තර කියැවීමේ කලාව නව මුහුණුවරකින් ප්‍රේක්ෂකයා අතරට ගෙනයාමේ පුරෝගාමී පූරකවරයා වශයෙන්ද ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා හැඳින්විය හැකියි