Marvel Universe එකේ අමරණීය වීරයෙක් වෙන Deadpool ගොඩක් අය දන්නවානෙ.
Deadpool කියන්නෙ සුපිරිම සටන්කාරයෙක් කියල ෆිල්ම් දෙකෙනුත් අපිට බලාගන්න පුලුවන් .
Deadpool විදිහට හැඩගැහෙන්න කලින් නම වෙන්නෙ Wade Wilson. වෙඩ් විලසන් කියන්නෙ Samart Mouthed කුලී සෙබළෙක්.
Deadpool වෙන කතාව ආරම්භ වෙන්නෙ මෙයාට පිළිකාවක් හැදෙන සිද්ධියකින්.ඒ පිළිකාවට ප්‍රතිකාර කරන්න ඔහු එක පරීක්ෂණයකට මුහුණ දෙනවා. මේකෙ ප්‍රතිඵලයක් විදිහට වෙඩ් විල්සන් සුපිරි මිනිහෙක් බවට හැරෙනවා.ඒත් මේකෙන් පස්සෙ එයාගෙ පිළිකා සෛල වලටත් මැරෙන්න බැරි නිසා මුහුණ විකෘති පෙනුමක් ලැබෙනවා.මෙහෙමයි Wade Wilson ඩෙඩ්පූල් බවට පත් වෙන්නෙ.
වෙඩ් එයාගෙ අලුත් පෙනුම ගැන එච්චර සතුටු වෙන්නෑ.තමන්ගෙ පෙනුම සාමාන්‍ය තත්වෙට හදාගන්න ඩෙඩ්පූල් ගොඩක් අවස්ථා වල උත්සහ කරල තියෙනවා.
ඩෙඩ්පූල් Hero කෙනෙක් කිව්වට ඇත්තටම Anti Hero කෙනෙක්. ඒ කියන්නෙ දරුණු පැත්තට බර වීරයෙක්.සාමාන්‍ය වීරයො වගේ නෙමෙයි ඩෙඩ්පූල්ට එහෙම මිනීමරනවා කියන එක සුළු දෙයක්. ඒ වගේම තමයි ඩෙඩ්පූල් කියන්නෙ අනික් වීරයොන්ට වඩා ආතල් චරිතයක්.
✅ ඩෙඩ්පූල්ව නිර්මාණය කරන්නෙ Rob
Liefeld සහ Fabian Nicieza යන දෙන්නායි.
✅ ඩෙඩ්පූල්ව මුල්මවරට දකින්න ලැබෙන්නෙ
The New Mutant #98 කොමික් එකෙන් 1991
අවුරුද්දෙ.
✅ ඩෙඩ්පූල්ගෙ හැකියාවන් ගොඩක් තිබුණත් විශේෂම දේ තමා ඔහුගෙ අසාමාන්‍ය සුවවීමේ හැකියාව. කොමික් වලදී මේ හැකියාව විවිධ අවස්ථාවල විවිධ කාර්යක්ෂමතාවයෙන් නිරූපණය කරල තියෙනවා. මේ අසාමාන්‍ය සුවවීමේ වේගය බලපාන්නෙ තුවාලයෙ බරපතළකමයි, ඒ වෙලාවෙ ඩෙඩ්පූල්ගෙ මානසික ශක්තියයි මත. ඇඟ ගිනිගෙන වගේම ඔලුව ගැලවිලත් කිහිපවරක්ම ඩෙඩ්පූල් බේරිලා තියෙනවා. ඩෙඩ්පූල්ට මේ හැකියාව ලැබෙද්දි පිළිකාවකින් පෙළුනා.මේ හැකියාව නිසා ඔහුගෙ පිළිකා සෛලත් , ඇඟෙ අනික් සෛලත් මැරෙන්නෙ නෑ.
ඩෙඩ්පූල් විෂ වර්ග , මත්ද්‍රව්‍ය වලට ගොඩක්ම ප්‍රතිරෝධියි. විෂ වර්ග වලින් නම් ඩෙඩ්පූල්ට හානියක් නොවෙන තරම්.
✅ ඩෙඩ්පූල් කියන්නෙ විවිධ සටන් කලා වල අතිදක්ෂයෙක්. Karate , Wing chun , Hapki-do , Taekwondo , Northern Shaolin , Wrestling , Jujutsu , Ninjutsu වැනි සටන් කලා ගොඩක් ඩෙඩ්පූල් ප්‍රගුණ කරල තියෙනවා.ඩෙඩ්පූල්ගෙ Powers නිසා සාමාන්‍ය කෙනෙක්ට වඩා ගොඩක්ම වේගෙන්,සුපිරි විදිහට සටන් කරන්න පුලුවන්. Hand to Hand Combat වලට වගේම ඩෙඩ්පූල් කියන්නෙ සුපිරි Swordman කෙනෙක්. ඒ කියන්නෙ ඩෙඩ්පූල් කඩු හසුරවන්නෙ හරියට සෙල්ලම් බඩු වගේ 😅..ඩෙඩ්පූල්ගෙ සුවවීමේ හැකියාව නිසා අවම වේදනාවක්,මහන්සියක් සහිතව වැඩි වෙලාවක් ක්‍රියාකාරී වෙන්න පුලුවන්.
✅ ඩෙඩ්පූල්ට ඉංග්‍රීසි භාෂාවට අමතරව
ජර්මානු, ස්පාඤ්ඤ , ජපන් වැනි භාෂාද
හොඳින් හැසිරවිය හැකියි.
✅ ඒවගේම තමයි කලින් සෙබළෙක් විදිහට
හිටපු නිසා පුපුරණ ද්‍රව්‍ය , ආයුධ පිළිබඳව
හොඳ දැනුමක් තියෙනවා.
✴️✴️ප්‍රධාන ආයුධ✴️✴️
❇️ කඩු (Ko katana - කෙටි තලයක් හා දිගු
මිටක් ඇත. පහරවල් මාරාන්තික
වේ.)
❇️ පිස්තෝල ( Dual-wielding IWI Desert
Eagle Mark XIX )
✴️✴️චිත්‍රපට සහ කොමික් තොරතුරු✴️✴️
✅ ඩෙඩ්පූල්ව නිර්මාණය කරල තියෙන්නෙ
ස්පයිඩර්මෑන්ට යම් තාක් සමාන ලෙසයි.
ඩෙඩ්පූල් රතුපාට ඇඳුමක් භාවිතා කරන්නෙ
ප්‍රතිවාදියාට ඔහුගෙන් ලේ ගලන බව
නොපෙනීමටයි.
✅ ඩෙඩ්පූල් යනු කැප්ටන් ඇමරිකා ගරු
කරන චරිත වලින් එක් අයෙක්. ඒ වගේම
ඩෙඩ්පූල් ගරුකරන වීරයත් කැප්ටන්
ඇමරිකායි.
✅ ඩෙඩ්පූල්ව කිසිම විටකදී Taskmaster ට
Copy කළ නොහැකියි.
✅ ඩෙඩ්පූල් Avengers , X force , Thunderbolts
වල සාමාජිකයෙක්.
✅ Alternate realities වල Ladypool , Kidpool ,
Headpool හා Dogpool ලෙස කිහිපදෙනෙක්
සිටියි.
✅ ඩෙඩ්පූල් DC හි බැට්මෑන්ගේද
රසිකයෙක්.චිත්රපටියකදි වරක් ඔහු I am
the batman කියල කියනවා.
✅ Deadpool (Vol 3) #27 එකම පිටකොළයක
ඇති වැඩිම චරිත ගණනට ගිනස්
වාර්තාවක් පිහිටුවල තියෙනවා.
✅ අඳුමේ ඇති බලශක්ති ක්ෂේත්රයක් හරහා
කඩු ආරෝපණය කිරීමෙන් දියමන්ති තරම්
ඝණ ද්‍රව්‍ය පවා කපලා දාන්න පුලුවන්.
✅ කොමික් වාදී ඩෙඩ්පූල් විවිධ වර්ගයේ
වානේ වලි සෑදූ කටානා පාවිච්චි කරල
තියෙනවා. Cabel සමඟ සටනකදී කාබන්
ෆයිබර් කටානා( Despicable Deadpool vol
1,#287) කාබනේඩියම් කටානා (Marvel
comic vol 1,#3). ඒ වගේම ඩෙඩ්පූල්ගෙ
මාරාන්තිකම කඩු වෙන්නේත් ඒ
කාබනේඩියම් කටානා යි.
✅ Kidpool පාවිච්චි කරන්නෙ වානේ කඩු
දෙකක් නෙමෙයි ලේසර් කඩු(light saber)
දෙකක්( Prelude to Deadpool Corps vol 1,#2)
✅ පූස් පැටව් පැටව් කියන්නෙ ඩෙඩ්පූල්ගෙ
ක්‍රිප්ටොනයිට්. සුපර්මෑන් ක්‍රිප්ටොනයිට්
වලට දක්වන බය වගේම තමයි . ඒ වගේම
ඩෙඩ්පූල් Clowns ලටත් බයයි.
✅ ඩෙඩ්පූල් වරක් Continuity පාලනය කරන
Infinity Stone එකද ලබා ගත්තා
✅ වරක් ඩෙඩ්පූල් , ස්පයිඩර්මෑව එහෙමත්
නැත්තම් පීටර් පාකර්ව ඝාතනය කරන්න
සැලසුම් කරා.
✅ ඩෙඩ්පූල් එක් වරකදී Venom හා එක්ව
Venompool ලෙස හැඩගැහුනා.
✅ ඩෙඩ්පූල්ට සිදුවී ඇති මරණයන්ගෙන්
භයානකම මරණය සිදු වුණේ Thanos
අතින්.
✅ එක් අවස්ථාවකදී ඩෙඩ්පූල්ට බලය
අත්හැර කෙටි කලක් සාමාන්‍ය කෙනෙක්
ලෙස ජීවත් වෙන්න හැකි වුණා.ඒත් පසුව
ඩෙඩ්පූල් බලය ආයෙ ලබාගත්තා.
Deadpool ගැන මේ දේවල් දන්නවද ?
.
.
.
✴️
ඩෙඩ්පූල්ට තමන්ගෙ අමරණීය බලය ලැබුණේ පරික්ෂණයක් නිසා.මේකට පාවිච්චි කරල තියෙන්නෙ වුල්වරින්ගේ DNA. වුල්වරින්ගේ වගේ බලයක් ලැබෙන්නෙ ඒ නිසයි.
✴️
ඩෙඩ්පූල් වරක් ගැලැක්ටස්ගේ බලය අරන් ගැලැක්ටස්පූල් බවට පත් වුණා
Odin උනත් වැඩිය කැමති නෑ පොර ළඟපාත ඉන්නවට.මොකද පූල්ට බලයන් හොරකම් කරන්න පුලුවන් නිසා.
✴️
සිම්බියට්ලා වැඩිම ගානකට එකපාර ධාරකයා වුන එකම චරිතය වෙන්නෙත් ඩෙඩ්පූල්.
✴️
ඩෙඩ්පූල් ගරු කරන එකම වීරයා කැප්ටන් ඇමරිකා විතරයි.අනික් කිසිම කෙනෙක් සතපහකට ගණන් ගන්නෙ නෑ.
✴️
ඩෙඩ්පූල් කියන්නෙ Pansexual කෙනෙක්.
ඒකෙ තේරුම ඩෙඩ්පූල් පාරලිංගිකයි.ඩෙඩ්පූල්ට තමන්ගෙ ලිංගයන් මාරු කරන්න පුලුවන් හැකියාවක් තියෙනවා.
ඩෙඩ්පූල් හා ස්පයිඩර්මෑන් දෙමව්පියන් වුන දරුවෙක් ඉන්නවා.මේ දරුවා මකුළුවෙක් වගේ අත් කකුළ් ගොඩක් තියෙන Mutant කෙනෙක්.
✴️
Avengers ලා තානෝස්ට බය වුනාට ඩෙඩ්පූල් නම් ගාණකටවත් ගන්නෑ. සමහර Infinity Stones ඩෙඩ්පූල්ට වැඩකරන්නෙත් නෑ.ඩෙඩ්පූල්ව මරන්න පුලුවන් එකම කෙනා වෙන්නෙත් තානෝස්. ඒත් තානෝස්ටත් ඒක සෑහෙන්න අමාරු වැඩක්.කොහොමවුනත් ඩෙස්පූල් හා තානෝස් අතර ජන්මාන්තර වෛරයක් තියෙන්නෙ.
✴️
ඩෙඩ්පූල්ට Bovinphobia නම් මානසික රෝගයක් තියෙනවා.මේ නිසා එයා ගවයන්ට, පූස් පැටව්න්ට බයයි.
✴️
ඩෙඩ්පූල් පොඩි ළමයින්ට පට්ට ආදරෙයි.
✴️
ඩෙඩ්පූල්ට විරුද්ධව වැඩකරන්න කාන්තා චරිත වලට බෑ. කාන්තාවන්ගෙ ලිංගික හැඟීම් ක්ෂණිකව මතු කරගන්න ඩෙඩ්පූල්ට බලයක් තියෙනවා.
✴️
ඩෙඩ්පූල් වරක් ඩ්රැකියුලාවරියක් සමඟ විවාහ ගිවිස ගත්තා. ඒ Comic පොත , වැඩිම චරිත ගානක් එක පිටකවරයක ඉන්න කොමික් පොත ලෙස වාර්තාවක් පිහටවලා තියෙනවා .
✴️
ඩෙඩ්පූල් වරක් ඇමරිකන් ජනාධිපති තනතුරට පත්වුනා.
✴️
එක් අවස්ථාවකදි සැන්ටා, (දන්න විදිහට කිව්වොත් නත්තල් සීයා) ඩෙඩ්පූල්ට Uppercut Punch එකක් ගහනවා හක්කට.
✴️
ඩෙඩ්පූල් හා බ්ලැක් විඩෝ අතරත් පොඩි 18+ මෙව්වා එකක් වෙලා තියෙනවා.
✴️
ඩෙඩ්පූල් විසින් තෝර්ගේ මියුල්නිර් මිටිය පවා එසවූවා.
✴️
එක වරක් ඩෙඩ්පූල් විසින් කැප්ටන් ඇමරිකා හා වුල්වරින්ව අයිස් කරල දැම්මා.
✴️
ඩෙඩ්පූල්ට තවත් Mutant දියණියක් ඉන්නවා.
✴️
4 වන මානයේදී ඩෙඩ්පූල්ට ටෙලිපෝර්ට් වීමේ හැකියාවක් තියෙනවා.
✴️
ඩෙඩ්පූල් මාවල් විශ්වයේ කාන්තා වීරයන් හැර අනික් සියලු දෙනා මරා දමා තියෙනවා.
✴️
ඩෙඩ්පූල් කියන්නෙ 4th wall එක කඩපු කෙනෙක්.ඒ කියන්නෙ එයා දන්නවා තමන් කොමික් කතාවක ඉන්න චරිතයක් කියල.ඩෙඩ්පූල් චිත්‍රපටි වලදිත් එයා දන්නවා තමන් චිත්‍රපටියක් ඇතුලෙ ඉන්නෙ කියල
✴️
ඩෙඩ්පූල්ගේ භයානකම මරණය සිදුවුනේ තානෝස් අතින්. තලලා පොඩි කරල තමයි මරල දැම්මෙ.හැබැයි ඉතිං ඒක වැඩක් උනේ නෑ.පූල් ආයෙ ආවා.
*************************
පෝස්ට් එක වෙනුවෙන් විශේෂ ස්තූතිය Lakshan Kaushalya සහෝදරයාට ..‼️
#විචාරකයා වෙනුවෙන් Tharaka