අලුත් භාෂාවක් ඉගෙන ගන්න එක ලේසි දෙයක් නෙමෙයි.
අනික කම්මැලි හිතෙනවා ගෙදර ඉඳන් වීඩියෝස් බලලා, කෝස් ඒකක් කරන්න ගියත්.
හදිසියේ භාෂාවක් ඉගෙන ගන්නෙ නැතුව, එදිනෙදා කරන වැඩ කටයුතු වලින්ම අලුත් භාෂාවක් ඉගෙන ගන්න ක්‍රමයක් තමයි මම කියන්න යන්නේ.
Toucan (ටෞකැන්) කියන්නේ ගූගල් සහ මයික්‍රොසොෆ්ට් ස්ටෝ දෙකේම හොඳම ඇප් එකට නිර්දේශ වුණ එකක්.
මේකෙදි ඔයාට කම්පියුටර් එකේ browser එකට extension එකක් දාගන්න තියෙන්නේ.
මේක දාගත්තම ඔයාට වෙනසක් තේරෙන්නේ නෑ.
හැබැයි ඔයා සයිට් එකකට ගිහින් නිවුස් හරි මොනවහරි කියවනකොට, ටෞකැන් එකෙන් ඔයා තෝරගත්ත භාෂාවෙන් වචන පෙන්වනවා.
උදාහරණයකට කිව්වොත්, ඔයා තෝරලා තියෙන්නේ ප්‍රංශ ඉගෙන ගන්න.
එතකොට ඔයා යන වෙබ් අඩවියක තියෙනවා Learn French without even trying කියලා.
ඒ්කෙ French කියන එක ඉබේම ප්‍රංශ වලට translate වෙලා Learn le français without even trying කියලා පෙන්වනවා.
ඒ කියන්නේ වාක්‍ය සහ වචන අතරින් පතර ඔයාට තේරුම් ගන්න පුලුවන් වෙන්න ඉබේම translate වෙලා පෙන්වනවා.
භාෂාව ඉගෙන ගන්න වැඩි මහන්සියකුත් නැතුව, ඔයා එදිනෙදා කරන internet browsing වලින්ම ඔයාට අලුත් භාෂාවක වචන ඉගෙන ගන්න පුලුවන්.
මේ chrome සහ Edge දෙකේම වැඩ කරනවා. ඩවුන්ලෝඩ් කරගන්න -
https://jointoucan.com/