බුද්ධදාස විතානාරච්චි නම් දැවැන්ත පෞර්ෂය මෙරට කලාවට විශාල මෙහෙයක් ඉටු කළ අති දක්ෂ කලාකරුවෙකි. කලාවට පමණක් නොව මුලු මහත් රටට ද ඔහුගේ අතින් ඉටුවිය යුතු යුතුකම් ඉටුකළ ශ්‍රී ලාංකිකයෙකි. ජනමාධ්‍ය ක්ෂේත්රයේත්, කලා ක්ෂේත්රයේත්, දේශපාලනයේත් බුද්ධදාස විතානාරච්චි දැවැන්ත පෞර්ෂයකි. මාතෘ භූමිය වෙනුවෙන් හඬක් නැගු බුද්ධදාස විතානාරච්චි මිනිස්කම හොඳින් හඳුනන සැමට ආදරය දක්වන ආදරණීය චරිතයකි. වේදිකාවත්, පුංචි තිරයත්, සිනමාවත් දික්විජය කළ දැවැන්ත චරිතයකි. බුද්ධදාස විතානාරච්චි කලාව සොයා යන්නෙකි. අත්දැකීම් වලින් පරිපුර්ණ දැවැන්ත පෞර්ෂයකි.❤️😎
1947 ජුනි 30 දින කෑගල්ල ප්‍රදේශයේ දැදිගම සුන්දර ගමේ මෙලොව එළිය දුටුවේය. ඔහුට සහෝදර සහෝදරියන් පස් දෙනෙකි. ඓතිහාසික පසුබිමක් ඇති ප්‍රදේශයක හැදී වැඩුණු බුද්ධදාස විතානාරච්චි කුඩා කල සිටම පරිසරයට ආදරය කරමින් ගැමි පරිසරයක හැදී වැඩුණු අයෙකි. ❤️🍃🌿
බුද්ධදාස විතානාරච්චි සිප්සතර හදාරන්නේ ඔහු හැදී වැඩුණු ගමේ පිහිටි ගලපිට විද්‍යාලයෙනි. පසුව එම ප්‍රදේශයේම පිහිටි කනිෂ්ඨ විද්‍යාලයට ඇතුලත් විය. ඔහුගේ දෙමාපියන්ගේ අරමුණ වුයේ බුද්ධදාස විතානාරච්චි නීතිඥයෙකු කිරීමයි. ඒ අරමුණින් ඔහුගේ දෙමාපියන් ඔහුව කෑගල්ල සාන්ත මරියා විද්‍යාලයට ඇතුලත් කරන ලදී. සාන්ත මරියා විද්‍යාලයේ බුද්ධදාස විතානාරච්චි නම් චරිතය ගොඩනැගුණු අතර ඔහු පාසලේ දක්ෂ ශිෂ්‍යයෙකු විය. පාසල් විෂය භාහිර ක්‍රියාකාරකම් වලට ද දක්ෂතා දැක්වු බුද්ධදාස විතානාරච්චි පාසලේ බාලදක්ෂ සහ ශිෂ්‍ය භට කණ්ඩායම් වල ද සාමාජිකයෙකු විය. පෞර්ෂ වර්ධනයට මේ සියල්ල බලපෑ බව ඔහු පවසන ලදී. ❤️😍⚡️
පාසලේ කලා කටයුතු වලට ද එක ලෙස දස්කම් පෑ බුද්ධදාස විතානාරච්චි 1964 දී පැවති සාහිත්‍ය උළෙලේ හොඳම නළුවා, හොඳම කථිකයා, හොඳම නිවේදකයා, හොඳම ලේඛකයා, හොඳම කවියා යන සම්මාන සියල්ල ඔහු සතු කර ගැනීමට හැකිවිය. එකළ සරසවි අධ්‍යාපනය හමාර කළ පසු සරසවි ප්‍රතිඵල එනතුරු පාසල් වල ඉගැන්වීමේ ක්‍රමයක් තිබූ අතර E.M.G. එදිරිසිංහ මහතා පාසලේ සිංහල භාෂාව ඉගැන්වූ අතර ඔහුගේන් විශාල දැනුම් සම්භාරයක් ලබා ගැනීමට බුද්ධදාස විතානාරච්චි ඇතුලු එකල සිසුන්ට හැකිවිය. විෂය පමණක් නොව ජීවිතය ද එතුමා කියා දුන් බව බුද්ධදාස විතානාරච්චි නිතරම පවසන කරුණකි.✨⭐️
1967 දී යාපනයේ සේවය කළ බුද්ධදාස විතානාරච්චි නැවත 1970 දී කොළඹට පැමිණියේය. ඔහු ජාතික ලොතරැයි මණ්ඩලයේ සේවය කළේය. ජාතික ලොතරැයි මණ්ඩලයේ ද නිවේදන කටයුතු සිදුකළේ ද බුද්ධදාස විතානාරච්චි විසිනි. කුඩා කල සිටම ඔහුගේ සිහිනය වුයේ ගුවන්විදුලි නිවේදකයෙකු වීමයි. එම නිසාම ඔහු කොළඹට පැමිණ ලැගුම් ගත්තේ ද බම්බලපිටිය ප්‍රදේශයේ ගුවන්විදුලි සංස්ථාවට සමීප ස්ථානයකිනී. ගුවන්විදුලි ආයතනයේ සේවය කිරීම සඳහා සම්මුඛ පරීක්ෂණයට බුද්ධදාස විතානාරච්චි ඉදිරිපත් වූ අතර එයට එක්දහස් ගණනක් අයදුම්කරුවන් අයදුම් කළ නමුත් 17 දෙනෙකු තොරාගත් අතර එයට බුද්ධදාස විතානාරච්චි ද ඇතුලත් විය. සම්මුඛ පරීක්ෂණයේ ඔහුට ලැබුණේ නුවර පෙරහැර සජීවිව විස්තර විචාරය කිරීමටයි. එයින් සමත් වී ඔවුන් එකල සහන නිවේදකයන් ලෙස සේවයට බඳවාගත්හ.❤️😍
මුලින්ම ගුවන්විදුලියේ ලොතරැයි මණ්ඩලයේ වැඩසටහන් සහ අධ්‍යාපනය වැඩසටහන් කිහිපයක් බුද්ධදාස විතානාරච්චි ඉදිරිපත් කරන ලදී. එකල ගුවන්විදුලි සංස්ථාවේ සිංහල අංශයේ ප්‍රධානියා වුයේ H.M. ගුණසේකර මහතාය එතුමා බුද්ධදාස විතානාරච්චි දිරිමත් කළේය.❤️🥺
රූපවාහිනී ආයතනය ආරම්භ කළ පසුව රූපවාහිනී ආයතනයේ සම්මුඛ පරීක්ෂණයට ද සහභාගි වූ අතර එහි තිර පරීක්ෂණයෙන් ද සමත් විය. නමුත් රූපවාහිනීයේ ප්‍රධාන වැඩසටහනක් මෙහෙය වූයේ 1995 දී ය. ඒ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා 'ආයුබෝවන්' වැඩසටහන මෙහෙය වීමට බුද්ධදාස විතානාරච්චිට හිමිවිය. එයට ප්‍රධාන හේතුවක් වූයේ බුද්ධදාස විතානාරච්චි 'දඬුබස්නාමානය' ටෙලිනාට්‍යයේ රංගනයේ යෙදී ජනාදරයට පාත්‍ර වී සුමති සම්මාන උළෙලේ හොඳම නළුවා සම්මනය හිමිකර ගැනීමයී. 😍❤️🥺
එකල සෘජු මාධ්‍යවේදියෙකු ලෙස ප්‍රචලිත වූ බුද්ධදාස විතානාරච්චි එවකට රටේ ප්‍රධාන පුද්ගලයන්ගෙන් සෘජුව ප්‍රශ්න කළ රූපවාහිනීයේ දැවැන්ත පෞර්ෂයකි. අසාධාරණයට, දූෂණ වංචාවලට විරුද්ධව බියෙන් තොරව කෙලින් කතා කළ මාධ්යාවේදියෙකි. මාධ්‍ය තුළින් රටට විශාල මෙහෙයක් ඉටුකළ මාධ්‍යවේදියෙකු. ඉතා ආකර්ෂණීය හඬක් සහ පෞර්ෂයක් ඔහු සතුවිය. එකල ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ පළමු දේශනය පවත්වන්නේ ද බුද්ධදාස විතානාරච්චි විසිනි. බුද්ධදාස විතානාරච්චි මෙරට මාධ්‍ය කලාවේ ප්රතාපවත් පෞර්ෂයකි. 😍😎❤️⚡️
පාසල් වියේ සිටම කලාවට නැඹුරු වූ බුද්ධදාස විතානාරච්චිට නළුවෙකු වීමේ සිහිනයෛ ද කුඩා කල සිටම තිබුණි. නමුත් ඔහුට අවශ්‍ය වූයේ රංගනය හදාරා රංගනය ක්ෂේත්රයට පිවිසිමටයි. රංගනය සොයා යායුතු බව වටහාගත් බුද්ධදාස විතානාරච්චි ලයනල් වෙන්ඩ්ට් කලා කෙන්ද්‍රයට ඇතුලත්වී රංගනය හැදැරීමට පටන් ගත්තේය. ප්‍රවීණ රංගධර රවින්ද්‍ර රන්දෙණිය මහතා ආදී ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් බුද්ධදාස විතානාරච්චිගේ සමකාලීනයන් ය. මෙරට කලා ලෝකයේ සිටි දැවැන්තයින්ගේන් ගුරුහරුකම් ලබා ගැනීමට බුද්ධදාස විතානාරච්චි වාසනාවන්ත විය. ❤️🥺
බුද්ධදාස විතානාරච්චි ප්‍රථම වරට ජාතික තලයේ නාට්‍යකට දායක වුයේ ධම්ම ජාගොඩ මහතාගේ 'වෙස් මුහුණ' නම් නාට්‍ය යි. එම නාට්‍යට සෝමලතා සුබසිංහ මහත්මිය, රවින්ද්‍ර රන්දෙණිය මහතා, සිරිල් වික්‍රමගේ මහතා ආදී ප්‍රවීණ කලාකරුවන් රැසක් දායක විය.❤️⚡️
1974 දී හොඳම නාට්‍ය වූයේ 'තක්ෂිලා නාඩගම' නම් නාට්‍යයි. එය හොඳම නිෂ්පාදනය විය. එහි ප්‍රධාන චරිතයක් බුද්ධදාස විතානාරච්චි රඟ දක්වන ලදී. එසේම ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ 'මකරාෂයා' සහ 'යක්ෂා ගමන' එසේම බන්දුල විතානාගේ මහතාගේ 'හිරි දහස' ආදී වේදිකා නාට්‍ය රැසකට දායක විය. කෙමෙන් කෙමෙන් වේදිකාවේ ද බුද්ධදාස විතානාරච්චි නාමය පිළිබඳව කතිකාවක් ආරම්භ වී වේදිකාවේ ජනප්‍රිය නළුවෙකු ලෙස ජනාදරයට පත්විය. ❤️😍
ලාංකීය සිනමාවේ හඳවත බඳු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 'වීර පුරන් අප්පු' චිත්‍රපටය තුළින් බුද්ධදාස විතානාරච්චි සිනමාව අතික්‍රමණය කළේය. එම චිත්‍රපටයේ රඟපෑමට අතිරේක ශිල්පීන් අවශ්‍ය වී ලයනල් වෙන්ඩ්ට් කලා කෙන්ද්‍රයෙන් එම චරිත තොරාගත් අතර ඒ අතරට බුද්ධදාස විතානාරච්චි ද ඇතුලත් විය. එය ඔහුගේ පළමු චිත්‍රපටය වේ. පසුව 1993 'ගුරු ගෙදර', 1995 'මාරුතය', 1996 'අනන්ත රාත්‍රිය', 1996 'සිහින දේශය' ආදී චිත්‍රපට වලට ද දායක වූ නමුත් රිදී තීරයේ ප්‍රධාන චරිතයක් රඟ දැක්වුයේ 1998 අශෝක හඳගම මහතාගේ 'චන්න කින්නරි' චිත්‍රපටයේ ෆ්‍රැක්ට්‍රි මැනේජර් ගේ චරිතය නිරූපණය කරමිනි. පසුව 1998 වසන්ත ඔබේසේකර මහතාගේ 'දොරකඩ මාරාව' චිත්‍රපටයට ද දායක විය. පසුව රිදී තීරයේ ප්‍රධාන චරිතයක් රඟ දැක්වුයේ 2002 ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ 'අග්නි දාහය' චිත්‍රපටය තුළිනි. එම චිත්‍රපටය තුළින් බුද්ධදාස විතානාරච්චි රසික ආදරයට පාත්‍ර විය.❤️🥺😍✨
එතැන් පටන් චිත්‍රපට රැසකමට තම රංගන දායකත්වය ලබාදුන් බුද්ධදාස විතානාරච්චි සිනමාවේ දැවැන්ත චරිතයකි. රසික ආදරය නොඅඩුව ලැබූ කලාකරුවෙකි. ඔහු රංගනයෙන් දායක වූ තිරගත නොවු චිත්‍රපට කිහිපයක් ද තිබේ. දිගු රංග පරාසයක රංගනයේ යෙදීමට හැකි අති දක්ෂ රංගන ශිල්පියෙකි. ❤️😍🥺✨
"වේදිකා නාට්‍ය හා රංග කලාව මහින් මාව පෝෂණය කළේ ධම්ම ජාගොඩ මහතා. ජයන්ත තමා බුද්ධදාස කියන රූපණ ශිල්පියා හැදුවේ" මේ බුද්ධදාස විතානාරච්චි සිදුකළ ප්‍රකාශයකි. ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ 'දඬුබස්නාමානය' නම් අතිවිශිෂ්ට ටෙලි වෘතාන්තයේ ප්‍රධාන චරිතයක් වන සේතුපාල ගුරුන්වහන්සේගේ චරිතය නිරූපණය කළේ බුද්ධදාස විතානාරච්චි විසිනි. පුංචි තිරයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කළේ 'දඬුබස්නාමානය' තුළිනි. 'දඬුබස්නාමානය' ටෙලිනාට්‍ය තුළින් අති විශාල රසික ආදරයක් බුද්ධදාස විතානාරච්චිට හිමිවිය. මෙම ටෙලිනාට්‍යයේ අංගම්පොර සටන් කලාවේ කෙළපැමිණි ගුරුන්වහන්සේ කෙනෙකුගේ චරිතයක් නිරූපණය කළ අතර එයට අවශ්‍ය ප්රතාපවත් පෞර්ෂය බුද්ධදාස විතානාරච්චි තුළින් මනාව පිළිබිඹු වේ. 'දඬුබස්නාමානය' ටෙලිනාට්‍යයේ රංගනය වෙනුවෙන් බුද්ධදාස විතානාරච්චි හොඳම නළුවාට 1995 සුමති සම්මාන උළෙලේ ප්‍රසස්ත රංගනයට සම්මාන හිමිවිය. බුද්ධදාස විතානාරච්චි කලා ලෝකයේ උප්පත්තිය සිදුවන්නේ ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ 'දඬුබස්නාමානය' තුළිනි.❤️⚡️😍🏆
එසේම ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ 'අකාල සන්ධ්‍යා' ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් වන මහ සෝනාගේ චරිතය නිරූපණය කළේ ද බුද්ධදාස විතානාරච්චි විසිනි. එය ද අතිශය ජනප්‍රිය වූ ටෙලිනාට්‍යකි. එතැන් පටන් 'සතර දෙනෙක් සෙන්පතියෝ', 'රැජින' ආදී ටෙලිනාට්‍ය රැසකටම දායක විය. ❤️✨⚡️
දෛවෝපගත සිදුවිම නම් බුද්ධදාස විතානාරච්චි අවසන් වරට රංගනයෙන් එක් වූ ටෙලිනාට්‍ය වන්නේ ජයන්ත චන්ද්‍රසිරි මහතාගේම 'නන්නත්තාර' නම් ටෙලිනාට්‍යයි. ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ ටෙලිනාට්‍යක් තුළින් බුද්ධදාස විතානාරච්චි නාමය ගම් දනව් සිසාරා පැතිරගිය අතර එතුමාගේම නිර්මාණයකින් ටෙලිනාට්‍ය රංගනගට සමුදෙන ලදී. පුංචි තිරයේ ද සිය ප්රතාපවත් රංගනය මනාවට ප්‍රේක්ෂකයාට පිලිබිඹු කිරීමට බුද්ධදාස විතානාරච්චිට හැකිවිය. ❤️🥺
බුද්ධදාස විතානාරච්චි ක්‍රියාකාරී දේශපාලනයේ ද නිරතව සිටි වාමාංශික දේශපානයේ දැවැන්ත චරිතයකි. 1981 සංවත් සභා ජන්දයෙන් මහරගම ආසනයෙන් තරඟ කරන ලදී. වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු ලෙස ද බුද්ධදාස විතානාරච්චි ක්‍රියා කර ඇත. 1987 දී වසර එකහමාරක කාලයක් ඔහුව සිරගත රැදවුම් කරුවෙකු ලෙස රඳවා තබාගන්නා ලදී. ඒ ඉන්දු ලංකා ගිවිසුම පිළිබඳව මතයක් ඉදිරිපත් කිරීම නිසාය. සිය බිරිඳ වූ සීතා ලලනි හේමමාල මහත්මිය සමඟ 'මිලානෝ මලක් නොවේ' දේශපාලනික වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිත නිරූපණය කළේය. ජවිපෙ දිප වියාප්ත ගායන කණ්ඩායමේ ද සමාජිකයෙකු දිය. බුද්ධදාස විතානාරච්චි ක්‍රියාකාරී දේශපාලනයේ සිටි නමුත් කිසිම දේශපාන පක්ෂයක සමාජිකත්වය ගෙන සමාජිකයෙකු ලෙස කටයුතු කර නැත.✨
බුද්ධදාස විතානාරච්චි නම් දැවැන්ත පෞර්ෂය වේදිකාවත් පුංචි තිරයත් සිනමාවත් එක සේ දික්විජය කළ අතිදක්ෂ කලාකරුවෙකි. විටෙක රංගන ශිල්පියෙකු, විටෙක නිවේදකයෙකු, විටෙක වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු, විටෙක ජනමාධ්‍යවේදීයෙකු, විටෙක සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස ද බුද්ධදාස විතානාරච්චි කටයුතු කළේය. එසේම ඔහු දැනුම සොයා යන විශ්වවිද්‍යාලයකි. කලාව තුළිනුත් මාධ්‍ය තුළිනුත් රටට විශාල සේවයක් කළ පුද්ගලයෙකි. රසික හඳවත් තුළ බුද්ධදාස විතානාරච්චි නාමයට ඉඩහසර වෙන්කර ගැනීමට සමත් වූ කලාකරුවෙකි. එසේම ඉතා අකාර්ශණීය පෞර්ෂයක් ඔහු ගොඩ නඟාගෙන ඇත. වසර ගණනාවක් හෙළ කලා කෙත පෝෂණය කර මීට දින කිහිපයකට ඉහතදී ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියේය. ඔහු අවිහිංසාවාදියෙකි. 1970 සිට වසර 50ක පමණ කාලයක් ඔහු නිර්මාංශය. එසේම දැන් ඔහු veegan පුද්ගලයෙකි. ❤️😍
බුද්ධදාස විතානාරච්චි අත්දැකීම්, දැනුම, හැකියාව මේ සියල්ලන්ගෙන් සැදුම්ලත් අසමසම රංග හැකියාවක් ඇති දැවැන්ත පෞර්ෂයකි. බුද්ධදාස විතානාරච්චි මහතානෙනි ඔබට නිදුක් නීරෝගීමත් සුවපත් ජීවිතයක් ලැබේවා! එසේම තව තවත් ලාංකීය කලාව පෝෂණය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා! ❤️😍🙏
සටහන✍️ - Dinitha Jayarathna
Dinitha J Jayarathna
#buddhadasavithanarachchi #බුද්ධදාසවිතානාරච්චි #srilankanactor #personality #dinithajayarathna