2050 වසර වන විට ඇමරිකාව ආශ්රිත මුහුදු තීරයේ ජල මට්ටම අඩියකින් ඉහළ යනු ඇති බව නවතම වාර්තාවකින් හෙළිවී තිබෙනවා.
ගෝලීය සහ කලාපීය මුහුදු මට්ටම ඉහළ යාමේ වාර්තාව ලෙස නම් කර ඇති මෙම වාර්තාව සඳහා පාරිසරික ආරක්ෂණ ඒජන්සිය සහ එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය ඇතුළු ආයතන රැසක විද්‍යාඥයින් 2017 වසරේ සිට පරීක්ෂණ කළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එම වාර්තාවට අනුව ගල්ෆ් වෙරළ තීරයේ මුහුදු මට්ටම අඟල් 14ත් 18ත් අතර ප්‍රමාණයකින් ඉහළ යන අතර, නැගෙනහිර වෙරළ තීරයේ මුහුදු මට්ටම අඟල් 10ත් 14ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති.
වාර්තාව සකස් කළ විද්‍යාඥයින් පවසන්නේ ඉදිරි වසර 30 තුළදී සිදුවන මෙම ඉහළ යාම, පසුගිය වසර 100 තුළදී සිදුවූ මුහුදු මට්ටම ඉහළ යාමට වඩා වැඩි බවයි.
ගෝලීය උණුසුම වැඩිවීමට ප්‍රධාන ලෙස බලපාන මිනිස් ක්‍රියාකාරකම් නැවැත්වීමට හෝ අවම කිරීමට පියවර නොගතහොත්, මෙම මුහුදු මට්ටම වැඩිවීම පිළිබඳ මේ වන විට පුරෝකතනය කර ඇති ප්‍රමාණය තවදුරටත් ඉහළ යනු ඇති බවයි විද්‍යාඥයින් පවසන්නේ