මේ පොඩි පැහැදිලි කිරීම Torrent download කරලා චිත්‍රපටි බලන අයට ටිකක් වැදගත් වෙයි. ඉස්සෙල්ලම කියන්න ඕනේ torrent දැනටමත් download කරන අයට සහ තාක්ෂනය ගැන චුට්ටි දැනුමක් තියන අයට තමයි මම මේක ලියන්නේ. සමහර වචන සමහර අයට තේරුම් ගන්න බැරි වුනොත් සමා වෙන්න.
.
අපි torrent එකක් download කරන්න කලින් torrent aggregator site එකකට ගිහින් ගිහින් මොන torrent එකද download කරන්නේ කියලා තෝරාගන්න ඕනැනේ. මෙහෙම කරද්දී අපිට හම්බවෙන පලවෙනි ෆයිල් එකම අපි තෝරාගෙන download කරන්නේ නැහැ. අපිට ෆයිල් එකේ නම කියවලා ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන්. සාමාන්‍ය Torrent ෆයිල් එකක නම පහත සඳහන් විදිහට පිළිවෙලකට කොටස් කරන්න පුළුවන්.
.
[චිත්‍ර පටියේ නම] [නිෂ්පාදන වසර] [රෙසලුෂන්] [මුලාශ්‍රය] [වීඩියෝ කේථය] [ඕඩියෝ කේථය] [නිකුත් කිරීමේ කණ්ඩායම]
.
පහල තියෙන්නේ උදාහරණයක්.
The.Matrix.Resurrections.2021.1080p.10bit.WEBRip.6CH.x265.HEVC
.
ඔයාලට පේනවා ඇති මම කියපු දේ වලට අමතරව හා මම සඳහන් නොකරපු දේවලුත් මේ උදාහරණයට ඇතුලත් කියලා. නමුත් මේක අපි කියවන්න උත්සහ කරමු.
.
The.Matrix.Resurrections = චිත්‍ර පටියේ නම
2021 = නිෂ්පාදන වසර
1080p = රෙසලුෂන්. 1080p යනු Full HD ය.
10bit = වර්ණ පරාසය (අත්‍යාවශ්‍ය නොවේ)
WEBRip = මුලාශ්‍රය. මෙය කේතනය කල මුලාශ්‍රය HBO max වැනි streaming සේවාවක් විය හැක.
6CH = ඕඩියෝ කේථය. නාලිකා 6කින් යුත් surround sound
x265 = වීඩියෝ කේථය
HEVC = වීඩියෝ කේථය
.
මෙම ෆයිල් වල නම් විවිධාකාර වන අතර සමහර විට සංකීර්ණ සම්මිශ්‍රණය වීම දැකගත හැකිය. Torrent තෝරා ගැනීමේදී එක එක පුද්ගලයට ආවේනික තෝරාගැනීමේ පටිපාටියක් බොහෝවිට මා නිරීක්ෂණය කර ඇත. දකින හැම torrent එකම download කරනවාට වඩා එසේ තමන්ගේ අවශ්‍යතාවයට සරිලන තෝරාගැනීමේ සමීකරණයක් තබා ගැනීම ප්රයෝජනවත්ය.
.
පැහැදිලිකිරීමේ පහසුව තකා මා භාවිතා කරන සමීකරණය මෙසේය.
රෙසලුෂන් = 720p හෝ 1080p විය යුතුය.
මුලාශ්‍රය = WEBRip/DVDRip/Blu-ray/BD/BRRip විය යුතුය. මෙහි තේරුම මෙම මුලාශ්‍ර (Streaming, DVD, Blue Ray) වලින් ගන්නා දර්ශන වල තත්වය ඉහලය.
x265 = මෙම කෙතනයට ලක් කල විට ෆයිල් වල ප්‍රමාණය කුඩාය. එම නිසා කුඩා ඉඩකින් වැඩි ගුණයක් බලාපොරොත්තු විය හැක.
6CH = මෙය මට එතරම් වැදගත් නොවන්නේ මගේ surround sound ප්රත්වාධනය කළහැකි මෙවලම් නැති හෙයින්ය.
.
මේ කෙටි පැහැදිලිකිරීමට එකතු කිරීමට දෙයක් ඇත්නම් එය කිරීමට කාරුණික වන්න.