චීන විද්‍යාඥයින් විසින් කොවිඩ් 19 ප්‍රභේදයට වඩා දරුණු කොරෝනා වෛරස් ප්‍රභේදයක් පිළිබඳව අනතුරු අඟවලා තියෙනවා.
මෙය කොවිඩ් 19 වෛරසයට වඩා මරණ අනුපාතය ඉතා ඉහළ අගයක් ගන්නවා කියලා තමයි වූහාන් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් විසින් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ
නියෝකොව් ලෙස නම් කර තිබෙන මෙම කොරෝනා වෛරස් ප්‍රභේදය අඳුනගෙන තිබෙන්නේ දකුණු අප්‍රිකාවේ වවුලන් අතරින්.
මෙම ප්‍රභේදය 2012 වසරේ සෞදි අරාබියෙන් හඳුනාගැනුණු මර්ස් වෛරසයට බොහෝ සමානකම් තියෙන එකක්.
ඒත් මෙය වෛරස් වර්ග ගණනාවක එකතුවක් විදියට පවතිනවා කියලයි එම වාර්තා වල තියෙන්නේ.
මර්ස් වෛරසයේ පැවති ඉතා ඉහළ මරණ අනුපාතය, ඒ කියන්නේ සෑම තුන් දෙනෙකුගෙන්ම එක් අයෙකු මිය යාමේ හැකියාවත්, වර්තමාන කොවිඩ් 19 වෛරසයේ පවතින ඉහළ පැතිරීමේ වේගයත් යන අංග දෙකම මේ නියෝකොව් වෛරසයට තියෙනවා.
සතුන් අතරේ විතරක් මේ වන විට තිබුණට, නියෝකොව් වෛරසයට තව එක විකෘතිතාවයක් ඇති වුණොත්, එය මිනුස්සු අතරේ පැතිරිමේ හැකියාව තියෙනවා කියලා වූහාන් වල විද්‍යාඥයින් කියනවා.
මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරලා තියෙන්නේ, මිනිසුන්ට වන හානිය ගැන තවදුරටත් පරික්ෂණ කළ යුතුයි කියලයි.