ඇත්තටම ගොඩක් අයගෙ මතයක් තමයි "ලංකාවෙ හොද TV series නෑ..අපෝ ඒවා මල් කතානෙ" එහෙම තමයි හැමෝම කියන්නෙ...
හැබැයි ඒ කතාව ගොඩක් වැරදි... මොකද කිව්වොත් ලංකාවෙ පිටරට තරම් අති දැවැන්ත TV SERIES නැති උනාට සැලකිය යුතු මට්ටමේ ඒවා නිර්මාණය වෙලා තියෙනවා..❤🇱🇰
ගොඩක්ම ජනප්රිය වුන ලංකාවෙ නිර්මාණ දෙකක් තමයි කූඹියෝ, තණමල්විල කොල්ලෙක් කියන ඒවා...ඒකට ලොකු Hype එකක් rate එකක් ලංකාව ඇතුලෙන් හම්බුනා..ඒත් ඒ මට්ටමටම එන්න පුලුවන් හොද නිර්මාණ බිහි වුනත් ඒවා ජනතාව අතර ජනප්රිය නොවී යටපත් වුනා..
💔 ඇත්තටම කියන්න දුක මොකද කිව්වොත් මේ යටපත් වෙච්ච කතා ටිකට පුලුවන්කම තිබ්බා ලංකාවෙ මිනිසුන්ගෙ ආකල්ප වර්ධනයක්,හැගීම් ගැන, සමාජය ගැන,ලංකාවෙ දේශපාලනය ගැන දැනීමක් ඇති කරවන්න..🔥 මේ ඔක්කොම කතා යූටියුබ් එකෙන් හෝ ෆේස්බුක් එකෙන් නරඹන්න පුලුවන්.
🔴 සහෝදරයා - මේ කතාව ගලාගෙන යන්නෙ අවංක මාධ්යවේදියෙක්ගෙ ඝාතනයක් මුල් කරගෙන... (කොටින්ම කිව්වොත් හරියට නිකන් ලසන්ත වික්රමතුංග සිද්ධිය වගේ.)
දේශපාලන හොරකම් ගැන පත්තරයක හෙලි කලා කියන වරදට කාර් රථය ඇක්සිඩන්ට් වීමක් විදියට පෙන්නපු ,ලංකාවෙ මජර දේශපාලනයෙ ඇත්ත තත්වය පෙන්වන tv series එකක් කිව්වොත් නිවැරදි...විනාඩි 20ක කොටස් 37ක් වගේ තියෙන්නෙ..❤
🔴ත්රෛලෝකා - ඔයාලට මතක ඇති 2016-2019 කාලෙ සිංහ ලේ රැල්ලක් ආවා.. වද කොත්තු, වද බෙසියර්, ලොකු ලොකු ප්රශ්න උනා...ලංකාව ඇතුලෙ මිනිස්සු මිනිස්සුම ආ&ගම් හින්දා ඇනකොටාගත්තා... ඉතින් මෙන්න මේ සිද්ධිය අල්ලලා කරපු ලස්සන TV SERIES එකක් තමයි ත්රයිලෝකා කියන්නෙ..කොටස් 14යි... එක සුනාමි සුහද ගමක වෙන මේ වගේ සිද්දියක් ගැන කතාවක් තියෙන්නෙ..මං හිතන්නෙ මේ tv series එක තමයි ලංකාවෙන් ජාතින් අතර ප්රශ්න ඇතිවෙන විදියත්,ඒවාට හේතුවත් හොදටම පැහැදිලි කරල දෙන නිර්මාණය..ලංකාවෙ මේ වගේ නිර්මාණයක් හැදිලම නැති තරම්..❤
🔴සත්යා - මේක තමයි මෑතකදි ආපු හොදම නිර්මාණය කිව්වොත් නිවැරදි.. මේකත් සහෝදරයා එකේ වගේම අවංක රජයේ නිලධාරින් දෙදෙනෙක්ව නැති කරන්න ගිහින් ඒකට බිලිවෙන්න ගිහින් බේරෙන කැබ් රියදුරෙක් ගැන කියවෙන සුපිරිම tv series එකක්.. කූඹියෝ එකේ වගේම මේකෙත් ඉන්නවා මොලෙන් ප්ලෑන් කරල ගේම ගහන කොල්ලෙක්.. comedy, romantic,Politics ඔක්කොම මික්ස් වෙච්ච කටක් ඇරල කූඹියෝ මට්ටමට තියෙනව කියල කියන්න පුලුවන් සුපිරිම tv series එකක්...කොටස් 50කට අඩුයි මේකත්..❤
🔴බොහිමියානුවා - . මේකත් නාමල් ජයසිංහගෙ හොදම නිර්මාණයක්..කොටස් 50කට අඩුවෙන් වැඩි වැල් වටාරම් නැතුව හදවතටම දැනෙන්න හදපු tv series එකක්...ආදරය ගැන අර්ථකථනයක් ගන්නවා නම් බලන්න තියෙන හොදම tv series එක කිව්වොත් නිවැරදි...❤
ඉතින් මං කියන්නේ ලංකාවෙ tv series වැඩක් නෑ කියන මතයෙන් පොඩ්ඩක් අයින් වෙලා මෙන්න මේ කියන නිර්මාණ ටිකත් රසවිදින්න,තේරුම් ගන්න උත්සාහ කරන්න කියලා.. 🔥
මොකද අපි ලංකාවෙ වෙලත් මේ නිර්මාණ ටික හරියට තේරුම් අරන් බැලුවෙ නැත්තන් කොච්චර පිටරට දේවල් බලල තේරුම් ගත්තත් වැඩක් නෑ..පෞද්ගලිකව මම දන්නවා මේ කතාවලින් අපේ ජීවිත කොච්චරට හරි මාර්ගෙට ගන්න, දැනුවත් වෙන්න,රටේ ජීවත් වෙන්න මේ කතා උපයෝගි වෙනවද කියල...❤🇱🇰