මේ කියන්න යන්නේ සිංහල සිනමාවට එන පලවෙනි Live Action Superhero Web series එක ගැන. මේකේ වැඩ පටන් ගත්තෙ මීට මාස 6කට වගේ උඩදි! අද වෙනකොට ගොඩක් බාධක මැද ලොකු දුරක් මේක අල්ලගෙන ආවා. ඉතිං මේක ගැන කෙටියෙන් සඳහනක් කලොත් මේකේ ඉන්න Hero කිසිම Superpower එකක් නැති Superhero කෙනෙක්. මේ Series එකේ නම Knightshade කියලා තමා දැනට දන්නේ. මේ හීරෝගේ නම අපි තවම දන්නේ නෑ.
Batman එහෙමත් නැත්තං Daredevil වගේ චරිතයක්. සටන් හැකියාව අතින් ඉතාම දියුනු කෙනෙක්ගෙ වටා තමා මේ කතාව දිවෙන්නේ. ඉතිං මේ වෙනකොට CCU Studios වලින් මේ Series එකේ Villain ගේ First looks එලියට දාලා තියනවා. මේ විලන්ගේ නම Maskmam කියලයි සඳහන් වෙන්නෙ.
මේ යට තියන්නේ මේ මේ මස හෝ එන මාසයේ එලියට එන්න තියන Teaser එකේ Looks ටිකක්. ඉතිං මේක දැක්කම යම් බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් අපේ ලංකාවෙත් Superhero universe එකේ ආරම්භය ගැන.
මේක විකාශය වෙන්නේ Martial Fanatics youtube channel එක හරහා. එපිසෝඩ් 10කින් පමණ යුක්ත බව තමා නිල නොලත් ආරන්චි මාර්ග සඳහන් කරන්නෙ. මේ ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් පලමු කාරණය තමයි Martial fanatics කියන්නේ ලංකාවේ සටන් සිනමාව නව මාවතකට යොමු කරන්න හදන Martial artist ලා කීප දෙනෙක්ගේ එකතුවක් සමග මේ වැඩේ වෙන නිසා. එයාලගෙ කලින් projects බැලුවෙ නැත්තං මේකෙන් බලන්න පුලුවන් ඔයාලට.
https://m.youtube.com/channel/UCSzVpCRzOJQ1wprCoDBUIkA
වැදගත්ම කාරණය මේකේ Villain විතරයි දැනට එලියට දාලා තියන්නේ. Hero Charcter එක තවමත් පෙන්නලා නෑ. ඉතිං ඉස්සරහට හොද හොද සෙල්ලම් ටිකක් බලාගන්න පුලුවන් වෙයි.හැමෝම අවධානයෙන් ඉන්න කියලත් ඉල්ලනවා මේ ගැන. අපිටත් මේ ලෝක සිනමාවේ තැනක් ගන්න බැරි නෑ. එකතු වෙලා එකා වගේ වැඩ කරනවනම්. ඒ දේට වටිනාකමක් ලැබෙනවනම්.