මාණික්කාවත කියන්නේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ගේ ඉතාමත්ම ජනප්‍රිය වුණ නවකතාවක්.
ඉතා සුන්දර අව්‍යාජ ගැමි පරිසරය තුල එක්දහස් අටසිය ගණන්වල මැද භාගයෙන් ආරම්භ වී එක්දහස් නවසිය ගණන්වල මැද භාගය දක්වා කාල පරාසයකදී සිදු වූ සාමාජීය දේශපාලනික සහ ආර්ථික විපර්යාසයන්ට මුහුණ දෙමින් මේ මහා පොලොව මත ඉපිද ණය නොතබා මිය ගිය මිනිසත්කමින් පොහොසත් වූ කෙටිහාමි කියන චරිතය මුල් කරගෙන තමයි මේ කථාව ලියැවෙන්නේ.
ඉතින් හිතින් මවාගත්ත ඒ කථාව ස්වාධීන රූපවාහිනි සේවය මගින් ටෙලි කථාවක් සහ රේඩියෝ කථාවක් වශයෙන් නිර්මාණය කරලා තියෙනවා.
මේ වගේ නිර්මාණයක් සිදුවෙන්නෙ මම හිතන්නේ ලංකාවේ මුල් වතාවට වෙන්න ඕන.
දෙසැම්බර් 18 වැනිදා සිට සති අන්තයේ රාත්‍රී 9.30 ට ලක්හඬින් (FM93.5/93.7) අහන්න පුළුවන් මේක. ඒ වගේම 18 වැනිදා සිට සති අන්තයේ රාත්‍රී 8.30 ට ITN තුළින් බලන්නත් පුළුවන්
Trailer -
#ITN #ITNSriLanka #ITNDigital #Manikkawatha
#Lakhanda මාණික්කාවත trailer Manikkawatha trailer