GaganaKawinda
දෙවන ලෝක මහා සංග්‍රාමය
ක්‍රි.ව. 1918 වන විට පළමුවන ලෝක මහා සංග්‍රාමය නිමවිය. පළමුවන ලෝක මහා සංග්‍රාමය අවසන් වී දශක දෙකක් ගත වන විට නැවතත් ලෝකයේ යුද ගිනිදැල් ඇවිලෙන පසුබිමක් සැකසෙමින් තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස නැවත ලෝක මහා සංග්‍රාමයක් ඇති විය. 1939 සැප්තැම්බර් මස සිට 1945 අගෝස්තු දක්වා පුරා වසර හයක පමණ කාලයක් ලොව පුරා පැවැති මෙම බිහිසුණු සංග්‍රාමය දෙවන ලෝක මහා සංග්‍රාමය ලෙස හැදින්වේ.
දෙවන ලෝක සංග්‍රාමයට තුඩු දුන් හේතු
දෙවන ලෝක සංග්‍රාමය ආරම්භ වූයේ 1939 දී වුවත් එය ක්ෂණිකව ඇති වූ සිදු වීමක් නො වී ය. පළමුවන ලෝක සංග්‍රාමය අවසන් වී දශකයක් පමණ ගත වන විට යුරෝපයේ ඇතැම් රටවල ක්‍රියාකාරීත්වය සහ බලවත් රටවල් අතර තිබූ තරගකාරිත්වය නැවතත් යුද්ධයකට පසුබිම නිර්මාණය කළේ ය. මේ තත්ත්වය දෙස පරික්ෂාකාරීව බලන විට දෙවන ලෝක සංග්‍රාමය තුඩු දුන් හේතු කිහිපයක් හදුනාගත හැකි ය.
ජර්මනියේ හිට්ලර් බලවත්වීම හා ඔහුගේ ක්‍රියා කලාපය
පළමුවෙනි ලෝක සංග්රාමයෙන් පසු බටහිර රටවල් මැදිහත් වීමෙන් ජර්මනියේ නව ආණ්ඩුවක් පිහිටුවූ අතර එය වෛමාර් සමූහාණ්ඩුව ලෙස හැදින්වේ. සමකාලීනව ජර්මනිය මුහුණ දුන් ප්‍රශ්නවලට විසදුම් ලබාදීමට වෛමාර් සමූහණ්ඩුව අසමත් වීම නිසා ජර්මනිය තුළ හිට්ලර් වැන්නෙකු බලය ලබා ගත හැකි තත්ත්වයක් සකස් විය. වර්සෙල්ස් ගිවිසුම අනුව ජර්මනියට විශාල යුධ වන්දියක් ගෙවීමට සිදු විය. 1920 වර්ෂයෙන් පසු ජර්මනියේ ප්රාග්ධනය සම්පුර්ණයෙන් යුධ වන්දි ගෙවීමට වැය වීම නිසා වෛමාර් සමූහාණ්ඩුව ශීඝ්‍රයෙන් මුදල් අච්චු ගැසීමට පෙළඹුණි. මේ නිසා මුදලේ අගය ශීඝ්‍රයෙන් වැටී රට තුළ ඉහළ උද්ධමනයක් නිර්මාණය විය. රටේ භාණ්ඩ මිල ඉතා අධික ලෙස ඉහළ ගිය අතර විරැකියාව ද අතිවිශාල විය. හිට්ලර්ගේ අනුගාමිකයෝ මෙම තත්ත්වය තම වාසිය හරවා ගත්හ. 1929 වර්ෂයේ දී ඇති වූ ලෝක ආර්ථික පරිහානිය ජර්මනියට ද තදින් බලපෑවේ ය. මේ නිසා ජර්මනියේ රැකියා හිගය ඉහළ ගිය අතර භාණ්ඩ මිල ද වැඩි විය. ඇතැම් නගරවල කම්කරු වැඩවර්ජන පවා ඇති විය. ලෝකයේ බොහෝ රටවල් මෙම ආර්ථික පරිහානියට මුහුණ දුන් නමුත් හිට්ලර්ගේ අනුගාමිකයෝ ප්රජාතන්ත්රවාදී වෛමාර් රජයට ප්‍රශ්න විසදිය නො හැකි බව හුවා දැක්වුහ.
දෙවන ලෝක යුද්ධයේ පාර්ශවකරුවන්
දෙවන ලෝක යුද්ධ අවධියේ පාර්ශ්වකරුවන්ගේ දායකත්වය.
මිත්‍ර බලවතුන්
ඇමෙරිකා එක්සත් ජනපදය
ප්‍රංශය
බ්‍රිතාන්‍ය
රුසියාව
අක්ෂ බලවතුන්
ජර්මනිය
ඉතාලිය
ජපානය
මිත්‍ර බලවතුන් - බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර ලිබරල් වාදී රටවල් බොහොමයක් මෙම මිත්‍ර බලවතුන්ගේ පක්ෂයට ඇතුළු විය. කොමියුනිස්ට්වාදී රුසියාව ද මිත්‍ර පක්ෂයට අයත් විය.
ජර්මනිය හා ඉතාලිය යන යුරෝපීය රටවල් දෙක 1937 වර්ෂයේ දී ජපානය සමග රහසිගත ගිවිසුමකට එළඹුණි. එහි දී රටවල් තුනේ ම අගනුවරවල නම් අනුව මේ පිරිස බර්ලින් රෝම ටෝකියෝ අක්ෂය නමින් හැදින්විණි. පසුව මෙම රටවල් තුන හැදින්වීමට අක්ෂ බලවතුන් යන පදය භාවිත විය.
දෙවන ලෝක මහා සංග්‍රාමයේ ප්‍රතිඵල.
දෙවන ලෝක මහා සංග්රාමයෙන් ජර්මනිය, ඉතාලිය හා ජපානය අයත් වූ අක්ෂ පිල පරාජයට පත් විය.
එම යුද්ධය ලෝක ඉතිහාසයේ මෙතෙක් ඇති වූ බිහිසුණු ම සංග්‍රාමය විය. මෙම සංග්‍රාමයේ දී මිනිස් ජීවිත මිලියන 50කට වඩා විනාශ වූ බව සැලකේ. දේපල හා ධන විනාශය ගණනය කළ නො හැකි තරම් ය.
යුදෙව්වන් ඝාතනය කිරීමේ හිට්ලර්ගේ වැඩ පිළිවෙළ අනුව ජර්මනිය, පෝලන්තය, හංගේරියාව වැනි ජර්මන් බලය පැතිරිණු රටවල යුදෙව්වන් මිලියන ගණනක් නයිට් හමුදාව විසින් වද කදවුරුවලට ගාල් කර මරා දමන ලදි.
පරමාණු බෝම්බය යුධ අවියක් ලෙස භාවිත කරන ලද අතර ඉන් ඇති වූ බිහිසුණු විනාශයෙන් පරාජයට පත් වූවෝ පමණක් නොව ජය ලැබුවෝ ද මහත් කම්පනයට පත් වූහ. පරමාණු බෝම්බ හෙළීමෙන් අවස්ථාවේ විශාල ජීවිත ප්‍රමාණයක් විනාශ වූවා පමණක් නොව එහි භයානක ප්‍රතිඵල අනාගත පරම්පරාව කෙරෙහි ද ඇති විය.