විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ සහභාගීත්වයෙන් අද දහවල් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටද විරෝධතා ක්රියාමාර්ගයක් සිදුකරන බව විදුලි වෘත්තිය සමිති එකමුතුව සඳහන් කළා
එම විරෝධතාවයෙන් අනතුරුව ජනාධිපති කාර්යාලයට සංදේශයක් භාරදෙන බවයි ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා ප්රකාශ කළේ
මේ අතර වැටුප් ගැටලුව මුල් කර ගනිමින් අද දිනයේදී තැපැල් සේවකයින් ද වෘත්තිය සමිති ක්රියාමාර්ගයක නිරත වීමට සැලසුම් කර ඇති බවයි තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමයේ සභාපති චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ