තිස් වසරක කුරිරු යුද්ධයෙන් ශ්‍රී ලංකා මාතෘ භූමිය මුදා ගැනීමට දිවි හිමියෙන් කැප වූ රණවිරුවන් සිහි කරමින් අනුරපුර මහමෙව්නාවේ ඉදි වූ සඳහිරු සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් අද (නොවැ.18) සවස 4.30ට සසුණට පූජා කෙරේ.
මාතෘ භුමිය නිදහස් කර ගැනීම සඳහා එදා දිවි හිමියෙන් දායක වූ, කැප වූ රණවිරුවන් විසිනව දහසක් සිහි කරවීමටත් දස දහස් ගණනක් තුවාල ලබා ආබාධිතව සිටින රණවිරුවන් නිදහස් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කළ කැප කිරීම සිහි කරවීමත් තිස් වසරක කුරිරු යුද්ධය අවසන් කිරීමත් සනිටුහන් කරමින් සඳහිරු සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ ගොඩනැංවීම 2010 වර්ෂයේදී ආරම්භ විය.
පොළොව මට්ටමේ සිට අඩි 283ක් උසැති මේ චෛත්‍යයේ සම්පූර්ණ විශ්කම්භය අඩි 255කි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ඉංජිනේරුවන් හා සෙසු නිලධාරීන් විශාල පරිශ්‍රමයක් දරමින් මේ චෛත්‍ය ඉදිකිරීමේ කටයුතු සිදු කරන ලදි. ඒ අනුව අද ඉල්පුර පසළොස්වක පොහෝ දා සඳහිරු සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ බෞද්ධ ජනතාවට වැදුම් පිදුම් කර ගැනීම සඳහා සසුණට විවර වේ.
ඡායාරුපය: රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුව.
#SriDaladaMaligawa #SandahiruSeya #Anuradapura #SriLanka