අෂ්ටාංග ආයුර්වේදය තුළ ඇති වාජීකරණ තන්ත්රයේ තරුණ වියේ දී ඇති වන ලිංගික ගැටලු සහ විවාපත් යුවළකට නීරෝගි දරු උපතක් ලබා ගැනීම දක්වා ඇති වන ගැටලු සම්බන්ධව සඳහන් වෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාවට වඩා හොඳින් මේ ගැටලු නිරාකරණය කර ගන්නා ආකාරය පිළිබඳ ව මෙන්ම තරුණ විය රැක ගන්නා අයුරුත් එහි මනාව විස්තර කර තිබෙනවා.
පිරිමි දරුවන් සහ ගැහැනු දරුවන් දෙපාර්ශ්වයම ළමා විය ගෙවා තරුණ වියට එළැමෙන විට ඔවුන්ගේ ශරීර තුළින් ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වීමට පටන් ගන්නවා. එනම්, ජීවියකු හැදෙන්නට හැකි ආකාරයට ප්‍රජනක පද්ධතියේ සූදානමක් ඇති වෙනවා. පිරිමි දරුවන්ට පෙර ගැහැනු දරුවන්ගේ මෙම ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වීමට පටන් ගන්නේ ඔවුන්ගේ පළමු ආර්තවය සමඟයි. එහි වයස් සීමාව අවුරුදු 9 සිට 16 දක්වා වෙනවා. ගැහැනු දරුවන්ගේ කටහඬ වෙනස් වීම, උකුළ පළල් වීම, කිහිලි සහ ලිංගික ප්‍රදේශයේ රෝම ඇති වීම සහ පියයුරු විශාල වීම සිදු වෙනවා. එමෙන්ම ඔවුන් තුළ ලජ්ජාශීලී බවක් ඇති වීම ද දක්නට ලැබෙනවා. පිරිමි දරුවන්ගේ උරහිස් පළල් වීම, උගුරු ඇටය ඉදිරියට නෙරා ඒම, කිහිලි සහ ලිංගික ප්‍රදේශවල රෝම ඇති වීම මෙන්ම කටහඬ ගැඹුරු. ගොරෝසු ස්වභාවයක් ගැනීම සිදු වෙනවා. මේ අනුව ඔවුන් තුළ ලිංගික හැඟීම් ද ඇති වෙනවා.
මේ අතර විවාපත් යුවළකගේ ඇති වන මෛතූන්ය ක්‍රියාවලියේ දී පුරුෂයාට මූලිකත්වයක් ගැනීමට සිදු වන අතර මෙහිදී පුරුෂයාට කිසියම් දුර්වලතා තිබේ නම් එම ක්‍රියාවලිය ආසාර්ථක වෙනවා. මෙම දුර්වලතා අතර ප්‍රධාන දුර්වලතාව ලෙස ලිංගේන්ද්‍රය ප්‍රාණවත් නොවීම සහ ඉක්මනින් ධාතු පිටවීම පෙන්වා දෙන්න පුළුවන්. නීරෝගි පිරිමි පුද්ගලයකුට මෙම කර්තව්‍යයේදී ප්‍රාණවත් බව රඳා පවත්වා ගැනීම සහ ඉක්මනින් ධාතු පිටවීම පාලනය කර ගැනීමට පුළුවන් වෙන්න ඕනෑ. එක් එක් පුද්ගලයාට මෙම කාලය වෙනස් වන අතර එය විනාඩි කිිහිපයකට සීමා වීම ගැටලු සහගත තත්ත්වයක්. එමෙන්ම අදාළ වයසේ දී ලිංගික ක්‍රියාවලිය සඳහා ආසාව නොමැති වීම ද තවත් ගැටලුවක්. පුරුෂයන්ට මෙහි වයස් සීමාවක් නොමැති අතර තරුණ වියේ සිට මහලු විය දක්වාම පැවතිය හැකියි. එහෙත් ගැහැනු අයට ආර්තවය නැවතුණු විට එය ක්‍රමක්‍රමයෙන් පහව යනවා.
අෂ්ටාංග ආයුර්වේදය තුළ ඇති වාජීකරණ තන්ත්රයේ තරුණ වියේ දී ඇති වන ලිංගික ගැටලු සහ විවාපත් යුවළකට නීරෝගි දරු උපතක් ලබා ගැනීම දක්වා ඇති වන ගැටලු සම්බන්ධව සඳහන් වෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාවට වඩා හොඳින් මේ ගැටලු නිරාකරණය කර ගන්නා ආකාරය පිළිබඳ ව මෙන්ම තරුණ විය රැක ගන්නා අයුරුත් එහි මනාව විස්තර කර තිබෙනවා. මෙහිදී බටහිර වෛද්‍ය විද්‍යාව තුළ ප්‍රතිකාර අඩු අතර ඒවා ක්ෂණික ප්‍රතිකාර වෙනවා. ඇතැම් ප්‍රතිකාර හැමෝටම යෝග්‍ය වන්නේත් නැහැ. යෘදයාබාධ වැනි රෝග අවස්ථාවන්හිදී මෙම ප්‍රතිකාර ක්‍රම කිරීම සුදුසු වන්නේ නැහැ. එහෙත් ආයුර්වේදයේ එලෙස කිසිදු ගැටලුවක් නොමැති අතර ඕනෑම කෙනකුට ප්‍රතිකාර කර ගැනීමේ හැකියාව තිබෙනවා.
විවාපත් පුරුෂයන් මේ ගැටලු සම්බන්ධව කිසිවකුට හෝ පැවසීමට ඇති ලජ්ජාව නිසා ප්‍රතිකාර ලබා නොගැනීමෙන් ජීවිත කාලය තුළ දරුවන් අහිමි වීම මෙන්ම යුගදිවිය තුළ ද ගැටලු ඇති කර ගන්නවා. මෙවැනි ලිංගික රෝග ඇති වීමට හේතු ගණනාවක් තිබෙනවා. දියවැඩියා රෝගයෙන් පීඩා විඳීම ඉන් ප්‍රධානයි. කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය සහ හෘදයාබාධ සඳහා ගන්නා ඖෂධ නිසා ද මෙවැනි ලිංගික දුර්වලතා ඇති විය හැකියි. ස්නායු දුර්වලතා තිබීම ද තවත් හේතුවක්. ඒ වගේම අප ගන්නා ආහාර මඟින් අපගේ ශරීර තුළ ඇති සප්ත ධාතු වර්ධනය වීමක් සිදු වෙනවා. මෙම සප්ත ධාතු පිරිහීම මෙවැනි ආබාධ ඇති වීමට හේතුවක් බවයි දේශීය වෛද්‍ය විද්‍යාවේ සඳහන් වන්නේ. එම නිසා මේ සප්ත ධාතු නැවත ගොඩනඟා ගැනීම කළ යුතු වෙනවා. ආයුර්වේදයේ සඳහන් වන අන්දමට මේ සප්ත ධාතු පිරිහීම සිදු වන්නේ වැරැදි ලිංගික කටයුතු නිසා ඇති වන සමාජ රෝග සහ අයථා විදියට ධාතු පිට කිරීම නිසයි. මේ සප්ත ධාතු නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ආහාර විහරණ රටාව සහ ඇවතුම් පැවතුම් නිවැරැදි ලෙස සකස් කර ගත යුතු වෙනවා.
කාමේෂ්වර රසායනය, වාජීකරණ රසායනය, අශ්වගන්ධ රසායනය, මදන රසායනය, ගජකේෂරී රසායනය සහ රතිකල්යාන රසායනය, බිම්තල් සහ කිරිබදු වැනි දේශීය ඖෂධ මඟින් නැති වී ගිය සප්ත ධාතු නැවත හදා ගත හැකි අතර ලිංගික දුර්වලතා ද සුව කර ගත හැකියි. එමෙන්ම දියවැඩියා රෝගයෙන් පීඩා විඳින අය ඊට ද පිළියම් යොදා ගත යුතු වෙනවා.
මෙහිදී උෂ්ණාධික ආහාරවලින් වැළකී ශරීරය සිසිල් වන ආහාර ගත යුතු වෙනවා. ඇල්කොහොල් සහ දුම් පානයෙන් වැළකිය යුතුයි. නේත්‍රම්පලම් සහ රත් කෙසෙල් වැනි කෙසෙල් වර්ග, ගම් බිත්තර, වටු බිත්තර සහ මොනර බිත්තර ආහාරයට ගැනීම ද සැර නැති මාළු වර්ග, වඳුරු මෑ සහ රට ඉඳි ආහාරයට ගැනීම ද සුදුසු බව දේශීය වෛද්‍ය විද්‍යාවේ සඳහන් වෙනවා. මේ අතර හාතවාරිය සහ වැල් පෙනෙල කැඳ ද ඉතා ගුණදායක වෙනවා. මෙවැනි ආහාර රටාවකට හුරු වීමෙන්, දේශීය ඖෂධ භාවිතයෙන් සහ නිවැරැදි ඇවතුම් පැවතුම් තුළින් ඉහත කී ලිංගික දුර්වලතා මඟ හරවා ගත හැකි වන අතර සුවදායී ජීවිතයකට ද මඟ පාදා ගත හැකියි.
චතුමී පිටිපන
උපදෙස් -වෛද්‍ය ජයන්ත අමරසිංහ
(MBBS ColombO)
දිස්ත්‍රික් මහ රෝහල, ගම්පහ