වසර 20ක්. ඒ කියන්නේ දශක දෙකක්.
ඔවු. හැරි පෝටර් පළමු චිත්‍රපටය නිකුත් වෙලා අනිද්දා දිනයට අවුරුදු 20ක්.
Maggie Smith, Daniel Radcliffe, Chris Columbus
පොඩි කාලේ ආසාවෙන් හැරි පෝටර් බලපු ළමයි දැන් වැඩිහිටියන් වෙලා. ළමයි එක්ක ඒ චිත්‍රපටය බලපු දෙමවුපියන් දැන් වයසට ගිහිල්ලා.
හිතාගන්නවත් බෑ නේද මේ චිත්‍රපටයට වසර 20ක් කියලා? එච්චර කල් ගිහිල්ලත් තවම හැරි පෝටර් කතාව ඇහුවොත් ඕනම කෙනෙක් කියාවි කතාවේ මුල මැද අග හරි අපූරුවට.
හැරි පෝටර් කතා මාලාවට පාදක වෙන්නේ J.K. රෝලිං කියන අති දක්ෂ ලේඛිකාවගේ පොත.
හැරි පෝටර් පළමු චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Chris Columbus. පොත කියවීමෙන් පසුව, ඔහු Steve Kloves සමඟ එකතුවෙලා අධ්‍යක්ෂක පිටපතක් නිර්මාණය කරනවා මේ චිත්‍රපටය වෙනුවෙන්.ඊට පස්සේ නිෂ්පාදන ස්ටුඩියෝ එකේ ප්‍රධානීන් සමඟ ඔහු විනාඩි 45කට ආසන්න කාලයක් චිත්‍රපටය හැදෙන්නේ කොහොමද කියලා දළ පැහැදිලි කිරීමක් කරනවා. ප්‍රධානීන්ට ඒ පැහැදිලි කිරීමම ප්‍රමාණවත් වුණා ක්‍රිස් කොලම්බස් ට මේ චිත්‍රපටය බාර දෙන්න.
Rupert Grint, Chris Columbus and Daniel Radcliffe on set of Chamber of Secrets (2002)
ඉතින් ඊට පස්සේ ක්‍රිස්ට ලැබුණු අභියෝගය තමයි ජේ.කේ. රෝලිං මහත්මියව මේකට කැමති කරවා ගන්න එක. ඒකත් හරි ලේසියෙන්ම කරන්න ක්‍රිස්ට පුලුවන් වෙනවා. මේක ගැන ජේ.කේ. රෝලිං පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ මෙහෙමයි “මම පොඩ්ඩක් වත් හිතුවේ නෑ හිතින් මවාගන්න ඕන කතාවක්, අධ්යක්ෂකවරයෙක්ට පුලුවන් වෙයි කියලා රූප රචනාවකට හරවන්න. ඒත් ක්‍රිස්ට තිබුණෙත් මගේ වගේම අදහස්. ඒක නිසා මම ප්‍රථම අවස්ථාවෙන්ම කැමති වුණා. මේක ලේසි පහසු වැඩක් නෙවෙයි. හැරි පෝටර් කියන්නේ මායා කතාවක්. ඒ කතාව මවන්න නම් ඒ මායා ලෝකයට යන්නම ඕන. ක්‍රිස් ඒ මායා ලෝකයට ගියපු කෙනෙක්. ඒක නිසයි චිත්‍රපටය මෙච්චර ලස්සනට නිර්මාණය කරන්න පුලුවන් වුණේ”
” පළමු සහ දෙවැනි චිත්‍රපට දෙකම, එක දිගටම වගේ අපි shoot කළේ. ආසන්න වශයෙන් එක චිත්‍රපටයක පටිගත කිරීම් ඉවර කරන්න මාස 6ක් විතර ගියා. ඒ කියන්නේ සෑහෙන ලොකු කාලයක්. ඉතින් දෙවැනි චිත්‍රපටයත් ඉවර වුණාම මට ටිකක් මහන්සියි. අනික මට මගේ දරුවන්ව, පවුලේ අයව දකින්න වෙන්නෙත් නෑ. ඒක නිසා මම තුන්වැනි චිත්‍රපටයේ අධ්‍යක්ෂණයෙන් ඉවත් වුණා. මම ඒකෙදි නිෂ්පාදක විදියට කටයුතු කළේ. එතකොට මට දවසෙම එතන ඉන්න ඕන නෑ. උදේ මගේ දරුවා ඉස්කෝලෙ යනවා බලන් ඉඳලා, රෑ කෑම වෙනකොට මට ගෙදරට එන්න පුලුවන් වුණා.” යැයි ක්‍රිස් මේ විදියට මුල් චිත්‍රපට තුනේ ඔහුගේ දායකත්වය ගැන පැහැදිළි කරලා තිබුණේ මාධ්‍ය සාකච්ඡාවකදී.
එවගේම, හැරි පෝටර් ප්‍රධාන චරිතය තෝරාගැනීම ගැනත් ඔහු එහිදී පැහැදිළි කළා.
“හැරී පෝටර් චරිතය තෝරාගැනීමත් හරි අමාරු වැඩක් වුණා. මම ඩැනියෙල් රැඩ්ක්ලිෆ්(හැරි පෝටර් චරිතය රඟපාන) මුලින්ම දැක්කේ BBC රූපවාහිනියේ ගිය කතාවකින්. එවෙලෙම මම දැනගත්තා ඔහු තමයි ගැලපෙන්නේ කියලා. ඊට පස්සේ අපි ඔහුව හොයාගෙන ගියා. ඔහුගේ දෙමවුපියන් එක්කත් කතා කරලා තමයි කැමති කරවගත්තේ මේකට. එවගේම, මැල්ෆෝයි චරිතය වෙනුවෙන් රඟපාපු Tom Felton නුත් මේ චරිතය හොඳටම රඟපාලා පෙන්නුවා. ඒක නිසා ඔහුත් හැරි පෝටර් චරිතයට ගැලපෙනවා කියලා හිතුනේ. ඊට පස්සේ අපි ජේ.කේ. රෝලිං එක්කත් කතා කළා. එතකොට ඇයත් කිව්වේ මේකට ගැලපෙනම කෙනා ඩැනියෙල් කියලා. අන්න එහෙමයි හැරි පෝටර් චරිතය තෝරගත්තේ”
කොහොමහරි අතීත කතාව එහෙමයි. ඒ අස්සෙම අපිට ආරංචියක් ලැබෙනවා Harry Potter and the Cursed Child චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නත් ක්‍රිස් කොලම්බස් සූදානම් වෙනවා කියලා. Cursed Child කතාව සිද්ද වෙන්නේ Harry Potter and the Deathly Hallows සිදුවීමෙන් වසර 19කට පස්සේ. හැරීගේ පුතා, Albus Severus Potter ව හොග්වර්ට්ස් වලට යන කතාව තමයි මේකේ තියෙන්නේ.
ඉතින් අපි බලාගෙන ඉමු…. හැරි පෝටර් කතාවේ 8 කතාව චිත්‍රපටයකට නැගෙනකල්…
– ප්‍රමෝද් ඉන්දුනිත්