මේ වන විට ලොව ජනප්රියතම සමාජ ජාලයක් වන Tik ටොක් හි නිර්මාතෘ සහ බයිට් ඩාන්ස් සමාගමේ ප්රධාන විධායක ලෙස කටයුතු කළ ජැං ඊමෙන්ග් තමන්ගේ තනතුරු වලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා කියලා නිවේදනය කළා.
ඔහු පවසන අන්දමට ඔහුගේ ඇතැම් අඩුපාඩුකම් නිසා එම තනතුර තවදුරටත් දැරීම සුදුසු නැහැ කියලයි කියන්නේ. ඔහු වෙනුවට මීළඟට පත්වෙන්න ඉන්නේ බයිට් ඩාන්ස් සමාගමේ සම නිර්මාතෘ සහ මානව සම්පත් අංශයේ ප්රධානී ලියැන් රූබෝ.
ජැං ඊමෙන්ග් මේ තනතුරු වලින් ඉවත් වීම ගැන පසුගිය මාස ගණනාවක් තිස්සේ ම හිතලා තියෙනවා කියලා තමයි කියන්නේ. මේ ගැන මුලින්ම සමාගමට එළි කරල තියෙන්නෙ පසුගිය මාර්තු මාසේ. තමන්ට වඩා කළමනාකරණය ගැන අවබෝධයක් වගේම සමාජ සම්බන්දතාවයක් තියෙන නිසා, රුබෝ මේ තනතුරට වඩාත් හොඳින් ගැලපෙනවා කියලා ජැං ඊමෙන්ග් වැඩිදුරටත් කියලා තියෙනවා.
සමාගමේ අනෙකුත් මෙහෙයුම් වලට ගැටලුවක් නොවෙන්න ඕන නිසා මේ දෙදෙනා ඉදිරි මාස හය එකටම වැඩ කරනවා කියලා තමයි නිවේදනයෙන් දැක්වෙන්නේ.