අතේ සල්ලි ගෙනියනවට වඩා හරිම පහසුයි මේ වෙනකොට cashless ක්‍රම වලට මුදල් ගෙවීම.
මහ බැංකුව හා තවත් මූල්‍ය ආයතන විශාල ප්‍රමාණයක් එක්ව මේ වෙනකොට දිවයින පුරාම LankaQR මුදල් ගෙවීමේ ක්‍රමය ස්ථාපිත කරලා තියෙනවා.
පොඩි කඩේ ඉඳලා දැවැන්ත සුපර්මාකට් එක දක්වාම මේ QR payments දකින්න ලැබීම සතුටක්.
කොහොමහරි පරක්කු වෙලා හරි කාගිල්ස් ෆුඩ් සිටි එකෙන් QR Payments accept කරන්න පටන් අරන් තියෙනවා. කැෂියර් එකේ ඉන්න සමහරු නම් තවම මේ ගැන දන්නේ නෑ. හැබැයි ඔයාලට උඩ දාල තියෙන ඡායාරූපයේ වගේ පොඩි බෝඩ් එකක් හැම කැෂියර් එකකම බලාගන්න පුළුවන්.
ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ බිල් එකේ ගාණ ඔයාගේ දැනට තියෙන QR Payments කරන ඇප් ඒකෙන් pay කරන එක(උදා - FriMi).
Amount එක හරියටම දාන්න ගෙවනකොට. ගෙවපු ගමන් බිල් එක close වෙනවා.
#lankaqr #ලංකාQR #cargillsfoodcity