"ගංජා " හොදට අහලා පුරුදු නමක් නේද?ඒ නම ලස්සන කරන්න අගට "කාරයා" කියලා එහෙමත් යෙදෙනවනේ.දැන් ටික කාලෙක ඉදන් මේ 'ගංජා','ගංජා කාරයෝ','නීති ගත කිරීම' වගේ වචන නිතරම ඇහෙන්න අරන් තියනවා.පොඩ්ඩක් හොයලා බැලුවා කවුද මේ ගැන මෙහෙම කතා කරන්නේ කියලා.බැලින්නම් "මහාචාර්යවරු","වෛද්‍යවරු" වගේ පිලි ගැනීමක් තියන අය තමයි මේ ගැන කතා කරන්නේ.එතනින් එහාට තව ටිකක් හොයලා බැලුවා මොකද මේ අය "ගංජා" ගැන මෙච්චර කතා කරන්නේ කියලා.
මේ "ගංජා" වලට තමත් නමක් "ත්‍රෛලෝක විජය පත්‍ර".ලෝක තුනක් ගැන කියන්නේ මොකද්ද?ලෝක තුනක් නෙමේ.'ත්‍රෛලෝක' කියන්නේ "සිත,කය,වචනය" කියන තුනට.මේ "ත්‍රෛලෝක විජය පත්‍ර" වලින් මේ තුන් දොර එක් තැන් වෙනවා,සංවර වෙනවා කියන තේරුමෙන් තමයි "ත්‍රෛලෝක විජයපත්‍ර" කියන නම යෙදෙන්නේ.
මෙතනින් එහාට මම ගංජා කියන වචනේ වෙනුවට "හෙලයන්ගේ පුස්කොළ පොත්" වල "ඖෂධ වට්ටෝරු" වල තියන "කංසා" කියන නම පාවිච්චි කරන්නම්.මේ ස්වභාවධර්මයෙන් ලැබුන මෝදකයට කොයි වගේ අතීතයක් ඇත්ද?මේක අවුරුදු 'දාහක් දෙදහක්' වගේ පරන ඇතිද?මිනිස්සු මේක ප්‍රයෝජනයට ගන්න පටන් අරන් අවුරුදු 'දෙතුන් සීයක්' විතරවත් ඇත්ද?නෑ නෑ එහෙම සුලු පටු අතීතයක් නෙමේ මේකට තියෙන්නේ.'හිමාල කාෂ්මීරයේ සිට දකුණු කසකස්ථානය' දක්වා කරපු කැනීම්
වලදි හම්බුනු සාධක එක්ක බලද්දි 'කාබන් 14'(Carbon 14) පරික්ෂණ මගින් සනාථ වෙලා තියනවා මේ ගහ "අවුරුදු මිලියන 37"කට වඩා පරනයි කියලා.
එහෙම අතීතයකට උරුමකම් කියන 'කංසා පැළය' අපේ හෙළ ඉතිහාසයට උරුම කම් කියන්නේ කොහොමද?අපි මේ කතා කරන 'කංසා' වලින් ප්‍රයෝජන ගත්ත ජාතියක්ද?ලංකා ඉතිහාසය තුළ 'වසර පන්දහසකට' වඩා අතීතයකට දිව යන 'හෙළ වෙදකම තුල ඖෂධ වට්ටෝරූ 800කට වැඩි ප්‍රමාණයක ප්‍රධානම ඖෂධය විදියට යොදාගෙන තියෙන්නේ 'කංසා ශාකය'.
ලංකාවට 'බ්‍රිතාන්‍ය ආක්‍රමණය' එල්ල වීමත් එක්ක "1867"දී බ්‍රිතාන්‍ය රැජිනගේ නියමෙන් ලංකාව තුන 'කංසා' භාවිතය නතර කරනවා.ඊට පස්සේ '1910'දි මේ නියමය නීතියක් වෙනවා."ලංකාව තුළ කංසා වගා කිරීම,ලග තබා ගැනීම,භාවිතා කිරිම දඩුවම් ලැබිය හැකි වරදක්" වෙනවා.මේකට හේතුව මොකද්ද?බ්‍රිතාන්‍යන් අපිට තිබුණ ආදරයක් හින්දා මේක තහනම් කරාද?
බ්‍රිතාන්‍යයන් තමන්ගේ යටත් විජිතයන් වලට ඖෂධ සැපයුවා.ඒ මගින් ඔවුන් හොද ආදායමක් උපයා ගත්තා.හැබැයි 'ලංකාව තුළ ඔවුන්ගේ ඖෂධ වෙලදාම ඉතාම පහල මට්ටමක පැවතුන' නිසා ඒකට හේතුව හොයන්න පටන් ගත්ත බ්‍රිතාන්‍යයන් දැක්කා "ලංකාවේ මිනිස්සුන්ගේ ප්‍රතිශක්තිකරණය ඉතා ඉහළ මට්ටමක තියනවා" කියලා.එතනින් එහාට ඒ ගැන හොයපු ඔවුන් දැක්කා "බාල මහලු භේදයකින් තොර ලාංකිකයන්ගේ කංසා භාවිතය"
හැබැයි එදා "හෙළයා කංසා භාවිතා කරේ පන්දමක් ඔතාගෙන එක පත්තු කරගෙන නෙමේ".ඒ කාලේ කඩදාසි,පත්තරත් භාවිතයක් නොතිබ්බ තරම්.නමුත් "කංසා දුම ආඝ්‍රහණය කරා".ඒ කොහොමද?"පවුලේ අය එකතු වෙලා පොඩි ගිනි මැලයක් හදා ගෙන අමු කංසා පැළ ඒ ගිනි මැලේට දාලා වටේට ඉදගෙන මේ කංසා දුම ආඝ්‍රහණය කරන්න පුරුදු උනා".
ඒ වගේම 'වෑංජන වලටත් කරපිංචා වෙනුවට මේ කංසා'භාවිතා කරලා තියනවා.මේ වගේ "කංසා භාවිතයේ ප්‍රතිපල විදියට තමයි හෙලයගෙ ප්‍රතිශක්තිකරණය ඉතා ඉහල මට්ටමක පැවතුනේ"කියලා බ්‍රිතාන්‍යයන් අවබෝධ කර ගත්තා.ඒ වගේම "මුල්ලේරියා සටන,දකුණු ආසියාවේ ප්‍රතිවාදියෙක් පරාජය උන දරුනුම ආකාරයට ආක්‍රමණිකයන්ව පරාජයට පත් කරා".ඒ සටනෙන් පස්සේ මේ ගැන අවධානය යොමු කරපු ඉංග්රීන්ට අවබෝධ උනා හෙලයන්ගේ "මෝදක ක්‍රම" නිසා මේ විදියට සටන් කරන්න හැකියාව ලැබුනා කියලා.
ඉතින් මෙකී නොකී කරුණු හින්දා සුද්දා තහනම් කරා ලංකාවේ මේ ඖෂධය පාවිච්චිය.එදා ඉදන් පැවතගෙන එන කලු සුද්දොත් මේවට රැවටිලා ඒ පාරේම යනවා.දවසක අපිටත් හද පායයි.ඒ දවස වැඩි ඈතක නෙමේ.එතකල් #අරගලයට_ජය.
🍁💚🍁💚🍁💚🍁💚🍁