මේ ඔබ දකින්නේ ලිතුවේනියාවේ විල්නියස් නගරය සහ පෝලන්තයේ ලුබ්ලින් නගරය එකිනෙකා දැක ගත හැකි ද්වාරයකින් සම්බන්ධ වී ඇති අයුරුය. අනාගතයේ දී මෙම සංකල්පය ලෝකයේ ඉතා සුලබ වේවී..
වෙනත් මානයකට යන ද්වාරයක් මෙන් පෙනෙන තිරයක් සහිත මෙම කවය ඇත්ත වශයෙන්ම ඔබට අනෙක් නගරයේ සිටින පුද්ගලයින් දැකීමට සහ ඔවුන් සමග හදුනා ගත හැකිය. එය අප චිත්රපටවල දකින හෝ පොත්වල කියවන කාල දොරටුවක් නොවුවද, අනාගතයේ එය නියත වශයෙන්ම සැබෑවක් වේවි. ඔබට කිලෝමීටර් සිය ගණනක් දුරින් වීථියේ සිටින අහඹු පුද්ගලයින් සමඟ මෙයින් සන්නිවේදනය කළ හැකිය.
ලෝකයේ විවිධ නගරවල මෙම ද්වාරයන් විවෘත කර මිනිසුන් එකිනෙකා සම්බන්ධ කර ගෝලිය දුරස්ථ බාවය අවම කිරීමට සැලසුම් කර ඇත. නියම concept එකක් නේද 😍❤️