ජීවිතයේ කවදා හරි දවසක තමන්ගේම කියලා වාහනයක් ගන්න හැමෝම සිහින දකිනවා.
මේ අතරේ ලංකාවෙන් එකපාරම මතුවුණු රෝස පාට Range Rower කියන කෝටි ගණනක් වටිනා සුපිරි ඝනයේ වාහනය ගැන හැමෝම වගේ කතාබහ කරන්න පටන් ගත්තා.
මේ විශේෂ Range Rower එක ලංකාවට ගේන්නේ කවුරුත් දන්න හදුනන චරිතයක් වෙන ත්රිකලා ධරණි.
මේ විදියේ රෝස පැහැති Range Rower එකක් ලංකාවෙන්ම තියෙන්නේ ත්රිකලා ධරණි ලඟ පමණක් වීමත් විශේෂත්වයක්.
ඒ වගේම විශේෂයෙන් ඇය ආනනය කරපු මේ වාහනයේ Range Rower එකේ ධරණිගේ නම සඳහන් වීම ගැනත් බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා.
මේ අතරේ තවත් පිරිසක් කියපු කතාවක් තමයි ධරණි වගේ කෙනෙක්ට නිරූපණ ක්ෂේත්රයෙන් හම්බෙන සල්ලි වලින් නම් මේ වගේ වාහනයක් මිලදී ගන්න බැහැ කියන එක.
ඔවුන් කියන්නේ ධරණිට සමහර විට මුදල් හම්බෙන වෙනත් ආදායම් මාර්ගයක් ඇති කියලයි.
කොහොමවුනත් ත්රිකලා ධරණි මේ කතාවට පිළිතුරක් විදියට කිව්වේ තමන් ලංකාව තුළ විතරක් නෙමෙයි වැඩි වශයෙන් ඩුබායි, සාජා වගේ රටවලත් නිරූපණ කටයුතු කරනවා කියලයි.
ඒ වගේම ඒ රටවලින් නිරූපණ කටයුතු වලට වැඩි මුදලක් ගෙවනවා කියලත් ධරණි පිළිතුරු දීලා තිබුණා.
ධරණිට මේ වගේ වාහනයක් ලංකාවට ගේන්නට තිබුණු සිහිනය ගැන ඇය කිව්වේ මෙහෙම කතාවක්..
තමන්ට දවසක යම් දෙයක් කරන්න හීනයක් තියෙනවා නම් කවදාවත් ඒ හීනයට යන එක නතර කරන්න එපා.ඩුබායි වල වැලි කාන්තාර වල ශූට් කරද්දී එපා වෙන අවස්ථා තිබුණා.. ඒත් මගේ සිහිනයට තියෙන ආසාව නිසා මගේ වැඩ කටයුතු වලට මගේ හීනය තවත් ශක්තියක් වුණා.