පීසා එකක් කාලා ඇති මේක කියවන බහුතරයක් දෙනා.. ඉතින් පීසා එකක් කවමදාවත් නොකාපු අයත් ඇති.. මොකද ඉතින් මේක ලංකාව මිසක් ඉතාලිය නෙමෙනෙ පීසා කකාම ඉන්න.. ඉතින් ගැටලුවක් නෑ කාපු නොකාපු හැමොම ෆොටො එකකින් හරි දැකල ඇති පීසා එක මැද කකුල් තුනෙ ප්ලාස්ටික් මේසයක් වගෙ එකක් තියනව
ඉතින් ඔයාලට කවමදාකවත් හිතිලා නැද්ද ඒ මොකද්ද කියල....
ඒක තමා Pizza Saver කියල හදුන්වන්නෙ.. මේක හොයාගත්තෙ 1974දි ක්ලෝඩියෝ ඩැනියෙල් ට්රොග්ලියා .. ඒ සඳහා මෙයාට පේටන් බලපත්‍රයක් පවා හිමි වෙනව
ක්ලෝඩියොට අවශ්‍ය වෙනව මේ පීසා එක ඩිලිවර් කරනකොට පීසා එකෙ තියන දේවල් පෙට්ටිය උඩ කොටස් නොගෑවෙන විදියට ඩිලිවර් කරන්න.. මොකද ඉතින් පීසා එක තියන පෙට්ටිය සමහරවිට ඩිලිවර් කරන කෙනාගෙ අතින් අනෙක් පැත්ත හැරෙන්න පුලුවන් එහෙම නැත්නම් එක උඩ එක අහුරද්දි තද වෙන්න පුලුවන්.. ඔය වගෙ ප්‍රශ්න නිසා පීසා එකෙ මැද තියන කොටස පෙට්ටියෙ උඩ ඇලෙනව.. අන්න ඒ ප්‍රශ්නෙට විසදුමක් විදියට තමා මේ pizza saver එක හදුන්වලා දෙන්නෙ..
පහල තියන ෆොටො බලන්න