A/L S3 තියෙනවනම් ඔයාට ප්‍රයිවට් ඕනෙම ඩිග්රියක් කරන්න පුලුවන්. ඒකට ඔයා කැමති සයිඩ් එක තෝරගන්න මුලින්ම ඔයා වැඩියෙන්ම කැමති. IT වල ගොඩක් පැති තියෙනවා ලංකාව ඇතුලෙ යන්න පුලුවන් ex: Software, Infrastructure (Network, Systems), Devops, System admin, DB admin, linux admin වගේ පැති ගොඩක් තියෙනවා. ඔයාට නෙට්වර්ක් ඒ කියන්නෙ infrastructure data center සයිඩ් එකේ ජොබ් ගන්නනම් ඩිග්‍රී එක විතරක් මදි vendors certifications අනිවාර්යයි, Ex: Cisco, Microsoft, Vmware, Fortigate, HPE, Dell EMC. මේ වගේ ප්‍රොඩක්ට් ගොඩක් ලංකාව ඇතුලේ යූස් වෙනවා. ඉතින් ඩිග්‍රී එක කරලා ජොබ් එකකට ඇප්ලයි කරද්දි මේ ප්‍රොඩක්ට් ගැන දැනගෙන ඉන්න එක අනිවාර්යයි. ඔයා යන්න කැමති සයිඩ් එක කිව්වනම් හෙල්ප් එකක් දෙන්න පුලුවන්.