වැලිගම විජයාරාම මාවතේ කසළ ගොඩක තිබු පීඩන බෝම්බ වර්ගයට අයත් බවට සැක කෙරෙන බෝම්බයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් නිෂ්ක්රිය කර තිබෙනවා.
වැලිගම නගර සභාවේ සේවකයන් පිරිසක් විසින් මාර්ග දෙපස පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතවෙමින් සිටියදීයි මෙම බෝම්බය දැක ඇත්තේ.
මේ පිළිබදව වැලිගම පොලිසියට දැනුම් දී දීමෙන් පසු අක්මීමන විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් පැමිණ බෝම්බය අධිකරණ නියෝග මත වැලිගම සේනානායක ක්රීඩාංගනයේදී ආරක්ෂිතව පුපුරුවා හැරීමට කටයුතු කර තිබුණා.
මෙය කවුරුන් විසින් එම ස්ථානයට ගෙනැවිත් දැමුවේද යන්න පිළිබඳ වැඩිදුර පරික්ෂණ ක්රියාත්මකයි.