Pandora Papers යනු සඟවා ඇති ධනය, බදු පැහැර හැරීම් සහ සමහර අවස්ථාවලදී ලොව සමහර ධනවත් හා බලවත් අය විසින් මුදල් විශුද්ධිකරණය හෙළි කල මිලියන 12 කට ආසන්න ලිපි ගොනු ප්‍රමාණයක් මෙලෙස හඳුන්වයි.
මේ ප්‍රකාශයට පත් කෙරෙන ලද විස්තර සොයා ගැනීම සඳහා රටවල් 117 ක මාධ්‍යවේදීන් 600 කට වැඩි ප්‍රමාණයක් මූලාශ්‍ර 14 ක ලිපිගොනු හරහා මාස ගණනාවක් තිස්සේ ඉතාමත් වෙහෙසක් දරල තියෙනවා.
වොෂිංටන් ඩීසී හි ජාත්‍යන්තර විමර්ශන මාධ්‍යවේදීන්ගේ සංසදය ( International Consortium of Investigative Journalists (ICIJ) ) විසින් මෙම දත්ත ලබා ගන්නා ලද අතර එය ලොව විශාලතම ගෝලීය විමර්ශනය සඳහා මාධ්‍ය සංවිධාන 140 කට වැඩි සංඛ්‍යාවක් සමඟ කටයුතු කර ඇත.
බීබීසී පැනරෝමා සහ ගාඩියන් විසින් මෙය මෙහෙයවනු ලැබ ඇත.
මොනා ද හෙළි කර ගත්තේ?
හෙළි කරන ලද ලිපි වලින් මිලියන 6.4 ක, පින්තූර මිලියන තුනකට ආසන්න ප්‍රමාණයක්, ඊමේල් මිලියනයකට වැඩි ප්‍රමාණයක් සහ spreadsheets මිලියන භාගයකට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් වේ.
හෙළිදරව් වූ කරුණු කිහිපයක් :
- එක්සත් රාජධානියේ දේපල 1500 කට වැඩි ගණනක අයිතිකරුවන් අතර දුෂණ චෝදනා ලැබූ පුද්ගලයින් ද ඇතුලත් ව ඇති අතර මෙම මිලදී ගැනීම් "offshore
companies" භාවිතයෙන් සිදු කර ඇත.
- කටාර් පවුලක් ලන්ඩන් සුපිරි මන්දිරයක් සඳහා වන පවුම් මිලියන 18.5 ක බද්දක් මග හැරියහ
- ජෝර්දානයේ රජු පවුම් මිලියන 70 වියදම් කර UK සහ US දේපල රහසිගතව මිල දී ගන්නා ලදී.
- අසර්බයිජානයේ ධනවත් පවුලක්, එක්සත් රාජධානියේ පවුම් මිලියන 400 කට වැඩි වටිනාකමකින් යුත් දේපල ගනුදෙනුවල සැඟවුනු මැදිහත් වීමක් හෙළි වීම.
- චෙක් අගමැතිවරයා "offshore companies" භාවිතයෙන් ඩොලර් මිලියන 12 කට ප්‍රංශ විලා දෙකක් මිලදී ගැනීම හෙළි වීම.
- දශක ගණනාවක් තිස්සේ කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටාගේ පවුලට රහසිගතව "offshore companies" ජාලයක් හිමි වූ ආකාරය.
රටවල් 90 ක දේශපාලනඥයින් 330 කට වැඩි සංඛ්‍යාවක් ඇතුළුව ලෝකයේ සමහර බලවත් පුද්ගලයින් තම ධනය සඟවා ගැනීම සඳහා "offshore companies" භාවිතා කරන ආකාරය ලිපි ගොනු මඟින් හෙළිදරව් කෙරේ
"offshore companies" කියන්නේ මොනව ද?
පැන්ඩෝරා පත්‍රිකා මඟින් දේශසීමා හරහා පිහිටුවා ඇති සමාගම් වල සංකීර්ණ ජාල හෙළිදරව් වන අතර එමඟින් බොහෝ විට සැඟවී ඇති මුදල් හා වත්කම් වල හිමිකාරිත්වය හෙළි කරන ලදී.
උදාහරණයක් වශයෙන්, යමෙකුට එක්සත් රාජධානියේ දේපලක් තිබිය හැකි නමුත් එය වෙනත් රටවල පිහිටි සමාගම් මාලාවක් හෝ වෙනත් රටක පිහිටි සමාගමක් මඟින් හිමි කර ගත හැකිය.
මේ සමාගම් තියෙන රටවල ප්‍රධාන ලක්ෂණ :
- ඉතා පහසුවෙන් සමාගමක් පිහිටුවීමට හැකි වීම
- පවතින නීතිය අනුව සමාගම් අයිතිකරුවන් සොයාගැනීම අපහසු කාර්යයක් වීම
- ඉතා අඩු බදු මුදලක් හෝ බදු රහිතව පවත්වා ගැනීමට හැකි වීම
මෙම රටවල් හැඳින්වෙන්නේ "Tax haven" හෝ රහස්‍ය බල ප්‍රදේශ (secrecy jurisdictions) ලෙස ය. බදු සුරක්‍ෂිතයන් පිළිබඳ නිශ්චිත ලැයිස්තුවක් නැත, නමුත් වඩාත් ප්‍රසිද්ධ ස්ථාන අතර කේමන් දූපත් සහ බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් වැනි බ්‍රිතාන්‍ය විදේශීය ප්‍රදේශ මෙන්ම ස්විට්සර්ලන්තය සහ සිංගප්පූරුව වැනි රටවල් ද ඇතුළත් වේ.
මෙවැනි රටවල් භාවිත කිරීම නීති විරෝධී ද?
නීතියේ ඇති හිඩැස් මඟින් මිනිසුන්ට මුදල් මාරු කිරීමෙන් හෝ බදු ගෙවීම් සඳහා සමාගම් පිහිටුවීමෙන් යම් බදු ගෙවීමක් වළක්වා ගත හැකි නමුත් එය බොහෝ විට සදාචාර විරෝධී ක්‍රියාවක් ලෙස සැලකේ. බ්‍රිතාන්‍ය රජය පවසන්නේ බදු වළක්වා ගැනීම සිදු වන්නේ "නීතිය තුල ක්‍රියාත්මක නොවී ලිපි ගොනු මඟින් පමණක්" මෙහෙයුම් සිදු වන නිසාවෙනි.
එමෙන් ම ප්‍රහාර වලින් ආරක්ෂා වීමට හෝ අස්ථාවර රජයන්ගෙන් ආරක්ෂා වීම සඳහා විවිධ රටවල, මුදල් හා වත්කම් තබා ගැනීමට අවශ්‍ය විය හැකි සාධාරණ හේතු ගණනාවක් ද තිබේ.
රහසිගත රටින් පිට වත්කම් තිබීම නීති විරෝධී නොවන නමුත්, සංකීර්ණ රහස් සමාගම් ජාලයක් භාවිතයෙන් මුදල් හා වත්කම් හුවමාරු කර ගැනීම, නීතිමය නොවන ආදායම් මාර්ග සැඟවීමට හොඳම ක්‍රමයක් ලෙස හඳුන්වයි.
විශේෂයෙන් ම කලින් නිකුත් වූ පැනමා ලිපි වැනි මූලාශ්‍ර නිසා, දේශපාලකයින්ට බදු වලින් වැළකීම හෝ වත්කම් සැඟවීම දුෂ්කර කාර්යයක් වී ඇති බවයි පැවසෙන්නේ. කෙසේ නමුත් මේ පාර නම් රහසින් ලබපු ආදායම් සියල්ල තව දුරටත් රහසක් නොවන බව නම් දැන් හැමෝම දන්න දෙයක්.
මේ විදියට සල්ලි හංඟන එක ලේසි වැඩක් ද?
කරන්න තියෙන්නේ ඉහළ රහස්‍යභාවයක් ඇති රටක හෝ අධිකරණ බල ප්‍රදේශයක ෂෙල් සමාගමක් පිහිටුවීමයි. මෙය නමට පමණක් පවතින සමාගමක් වන අතර කාර්ය මණ්ඩලයක් හෝ කාර්යාලයක් නොමැත.
ඒ සඳහා මුදල් වැය වුවද. පුද්ගලයෙක් වෙනුවෙන් ෂෙල් සමාගමක් පිහිටුවීමට සහ පවත්වාගෙන යාමට විශේෂඥ සමාගම් වලට ගෙවීමක් කරනු ලැබේ. මෙම සමාගම් වලින් ගෙවීම් කරනු ලබන අධ්‍යක්ෂවරුන්ගේ ලිපිනය සහ නම් ලබා දිය හැකි නමුත් ව්‍යාපාර පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න පිළිබඳ සොයාගැනීමට නොහැකිය.
මේ විදියට කොතරම් මුදලක් සැඟවිලා තියෙ ද?
ICIJ කියන විදියට නම් දළ වශයෙන් ඩොලර් ට්‍රිලියන 5.6 සිට ට්‍රිලියන 32 දක්වා මුදක් මේ විදියට සැඟවිලා තියෙන්න පුළුවන් කියනවා. මේ හේතුව නිසා සෑම වසරක් තුල මුළු ලෝකයේ ම රජයන්ට ඩොලර් බිලියන 600 ක විතර පාඩුවක් වෙන බවයි දැනට සොයාගෙන තියෙන්නේ.
මේ විදියට රජයට ලැබිය යුතු බදු මුදල නොලැබීම නිසා රජයෙන් ලබා දෙන අධ්‍යාපනය, සෞඛ්‍යය වගේ සේවා සඳහා වෙන් කරන මුදල අඩු වීම මඟින් එය සෘජුව ම සාමාන්‍ය ජනයාගේ ජීවිත වලට බලපෑම් එල්ල කරනවා.
Source - BBC