අනූව දශකයේ ලොකු කුඩා, කා අතරත් ජනප්‍රිය වුණ රොබින්සන් අන්දරය (The Adventures of Swiss Family Robinson) කතා මාලාව සත්‍ය වශයෙන්ම රූගත කෙරුණේ ද ෆීජි දූපත් සමූහයට අයත් ජනශූන්‍ය දූපතකයි. මීට අමතරව මේ සඳහා නවසීලන්තයේ ඇතැම් ස්ථානද යොදා ගැනිණි. මෙහි ප්‍රධාන චරිතය වූයේ එමී (Emmy Awards) සම්මානලාභී රිචඩ් තෝමස් (Richard Thomas) ය. ඔහු විසින් ඩේවිඩ් රොබින්සන් හට පණ පෙවීය. රොබින්සන් අන්දරය කතා මාලාව සඳහා පාදක වූයේ 1812 වසරේ දී ස්විට්සර්ලන්ත ජාතික ජොහාන් රුඩොල්ෆ් වයිස් (Johann Rudolf Wyss) විසින් රචිත The Swiss Family Robinson නව කතාවයි. රොබින්සන් අන්දරය කතා මාලාවේ සංගීත අධ්යක්ෂවරයා වූයේ විලියම් ටෙල් (The Legend of William Tell) කතා මාලාවේ ද සංගීත අධ්යක්ෂ වරයා වූ සයිමන් මේ (Simon May) ය. 1998 වසරේ නිමැවුණු රොබින්සන් අන්දරය කතා මාලාවේ අනෙකුත් චරිත පහත පරිදි විය.
• රිචඩ් තෝමස් (Richard Thomas) - ඩේවිඩ් රොබින්සන් (David Robinson)
• මාගෝ ගන් (Margo Gunn) - එලිසබෙත් රොබින්සන් (Elizabeth Robinson)
• කීරන් හට්චිසන් (Kieren Hutchison) - අර්න්ස්ට් රොබින්සන් (Ernst Robinson)
• චාලට් වුලම්ස් (Charlotte Woollams) - ජොආනා රොබින්සන් (Joanna Robinson)
• මියා කොනින්ග් (Mia Koning) - ක්‍රිස්ටිනා රොබින්සන් (Christina Robinson)
• චැන්ටලි ලී (Chantelle Yee) - එමිලි චෙන් (Emily Chen)
• කේ.සී කෙලී (K.C. Kelly) - ජෙඩ් පාසන්ස් (Jed Parsons)
• ගැරත් හොවෙල් (Gareth Howell) - බෙන් තෝමස් (Ben Thomas)
• ජූනියර් චිලී (Junior Chile) - බිලී (Billy)
සටහන: Harshana Miyuranga Upulwehera