රූපවාහිනි සහ ගුවන් විදුලි මාධ්‍ය වේදියෙකු මෙන්ම අමාත්‍යංශ කිහිපයකම හිටපු මාධ්‍ය ලේකම් වරයෙකු වන දිල්ශාන් කීර්තිසර මහතාට අවස්ථා ගණනාවකදී මරණ තර්ජන එල්ල වී ඇත.
සිවිල් සංවිධාන ක්‍රියාකාරකම් වලින් ඉවත් නොවුනහොත් තමා ඇතුළු පවුලම මරා දමන බවට මෙලෙස තර්ජනය කර තිබිණ.
එක් අවස්ථාවකදී නාඳුනන පුද්ගලයෙකු පැමිණ සිය පුත්‍රයා අතට මරණ තර්ජන සහිත ලිපියක් ලබා දී තිබූ බව ද ඔහු පවසයි.
මීට සති දෙකකට පෙර ද(අගෝස්තු 16 වනදා) සිය නිවස ආසන්නයේ දීම රාත්‍රී කාලයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මාධ්‍ය වේදියා ගේ බෙල්ල සිරකර මේ ලබා දෙන අවසන් අනතුරු ඇඟවීම් බවත් , තව දුරටත් ඔහු එවැනි කටයුතු වලට සම්බන්ධ වුවහොත් පවුල පිටින්ම අවසන් ගමන් යාමට සූදානම් වන ලෙස පවසා පලාගොස් ඇත.
මේ පිළිබඳව පොලිසිය ට පැමිණිලි කලද තවමත් කිසිඳු පියවරක් නොගැනීම මවිතයට කරුණකි.
පරිසර අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය සහ මහවැලි අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් වරයා වශයෙන් ඔහු දිගුකලක් කටයුතු කලේය.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ව්‍යවස්ථා විරෝධීව මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම උපහාසයට ලක් කරමින් නිෂ්පාදනය කළ වැඩසටහන් වලට ද ඔහු සම්බන්ධ වී තිබිණ.
විද්වත් වෘත්තිකයින්ගේ සංවිධානයේ ප්‍රධාන පූරකයා ලෙස කටයුතු කරන්නේ කීර්තිසර මහතා වන අතර ඉදිරි මැතිවරණ වලදී නියෝජිතයන් තෝරා ගැනීමේ දී ජනතාව සතු වගකීම පැහැදිලි කිරීමේ සම්මන්ත්රණ මාලාවක් ඔවුහු දිවයින පුරා පැවැත්වූහ.