පර වුනත් සුවඳ හමන පෙටූනියා. 💐
පහුගිය දවස් ටිකේ ට්‍රෙන්ඩින් ලිස්ට් එක බලද්දි පොඩී ඊරිසියාවක් එක්ක අහිංසක සතුටක් දැනුනා. වටිනා නිර්මාණයක් ට්‍රෙන්ඩින් ලිස්ට් එකට ඇවිල්ලා තිබ්බා. නිර්මාණය තුල අමුතු වෙනම රසයක් තියෙනවා. සිනමාව ෆැන්ටසියක්ම නොවන සහ කැඩපතක් ලෙස සිනමාව ඉදිරිපත් කිරීමට පොහොසත් නිර්මාණයක්. ගැහැණිය, පිරිමියා, ලිංගිකත්වය සහ යථාර්ථය. සරළ අදහස එය උනත් මෙහි තවත් සැඟවුම් කාරක රැසක් සහිත දෘෂ්ටිවාදී අදහස් සහිත කතාබහක්.
මෙම නිර්මාණකරුවන් කෙටිචිත්‍රපටය තුලටම සිර කර තබා ගත යුතුද. මෙම කෙටි චිත්‍රපටය තුලින් වැටහෙන්නෙ සිනමා නිශ්පාදන කටයුත්ත මනාව හැසිරවිය හැකි අධ්යක්ෂකවරයෙක්ගේ නිර්මාණයක් යන්නයි. සිංහල සිනමාව තුල නිර්මාණය වෙන ඇතැම් නිර්මාණ සහ ලංකාවේ බිහිවන කෙටිචිත්රපට තුල ලොකූ වෙනසක් ගැප් එකක් තියෙනවා. අපේ කතාබහ හැමදාම තියෙන්නෙ එතන. ඇයි කෙටිචිත්රපට කොලිටියට වෘතාන්ත චිත්‍රපටයක් නිර්මාණය කරන්න බැරි.
නිශ්පාදකතුමන්ලාගේ අවදාණය පිනිසයි.
සංවාදයට විවෘත්ත මාතෘකාවක්. ලංකාවේ නිශ්පාදකවරුන්ට ඇයි මෙවැනි දක්ශයන් සමඟ නිර්මාණයකට අත ගහන්න බැරි. මට මෝටර් බයිසිකල් අධ්‍යක්ෂක සමීර සහෝදරයා කියපු කතාවක් මතක් වෙනවා "වෘතාන්තයක් නිර්මාණයට වඩා අපහසුයි කෙටි චිත්‍රපටයක් නිර්මාණය කිරීම. " ඉතින් මේ කරුණුත් එක්ක ගත්තහම පෙටූනියා අධ්යක්ෂකම උදාහරණයක් විදිහට ගත්තොත් Lakshitha Prasad Weerasena මගේ සහෝදරයා ක්ෂේත්රයේ වසර අටක පමණ කාලයක් පුරාවට නිර්මාණ රැසකට අයිතිවාසිකම් කියන නමුත් තවම ඔහුට මගේ දැනුමේ හැටියට වෘතාන්තයක් කිරීමට නිශ්පාදකතුමෙක් මුනිච්චි වෙලා නෑ.ලංකාවේ සිනමාව මෙසේ විය යුතුද දක්ශයා ඉහළට පැමිණිය යුතු නැද්ද. පිළිතුරු ඔබට බාරයි.
නොබලපු අයට