indikakumara මම හිතන්නේ වෙනම වෙබ් අඩවියක් හදනවට වඩා, දැනට තියෙන platform එකක හදන එක ලේසි වෙයි.
ලංකාවේ භාෂා ලංකා ආයතනයෙක් shophere.lk කියලා මේ වගේ platform එකක් කරනවා. ඒකෙදි ඔයාට ඔයාගෙම ෂොප් එකක් හදාගන්න පුලුවන් හරිම ලේසියෙන්. අනික ඔන්ලයින් පේමන්ට්ස් පවා ඒකෙදි ඔයාට ගන්න පුලුවන්.
එවගේම order management, categorize, mobile optimized වගේ featurs මේකෙ තියෙනවා.
නොමිලේ දෙන පැකේජ් එකෙන් yourshop.shophere.lk වගේ ලිපිනයක් ගන්න පුලුවන්. ඔයාට ඔයාගේම ඩොමේන් එකකට, ඒ කිව්වේ www.yourshop.lk එකක් දාගන්න එයාලා මාසෙට රු.2,000ක් වගේ ගාණක් අය කරනවා. ඒ ගෙවන මුදලට මං හිතන්නේ සාධාරණ තවත් අලුත් විශේෂාංග ටිකකුත් දෙනවා.
තාක්ෂණික දැණුමක් ලොකුවට දැනගන්න ඕන වෙන්නෙත් නෑ මේක කරන්න. අනික, ඔයාට ඕන දෙයක් තියෙනවනම් එයාලගෙන් උදව් ගන්නත් පුලුවන්.
එහෙම නැත්නම් @Mr_Blue කිව්වා වගේ ඔයාට hosting, domain, අරගෙන, wordpress install කරලා, WooCommerce වගේ plugin එකක් දාලා වැඩේ කරන්නත් පුලුවන්. ඒක ටිකක් සංකීර්ණ වැඩක් ඉතින් කලින් ඒ දේවල් කරලා නැත්නම්.