AyeshMadu කෙසෙල් ලෙලි විසි කරනවා නේද ? එපා ! මෙහෙම කරන්ඩ. වතුර ලීටර් 1 කට කෙසෙල් ගෙඩි දෙකක ලෙලි ගන්ඩ. කෙසෙල් ලෙලි හීනියට කපන්ඩ. ලීටර් ගණන අනුව තෝරාගත් බෝතලයට දමන්න. 90% ක් ජලය පුරවා මූඩිය වසා හෙවන තැනක තබන්න. දිනපතා සොලවන්න. දිනපතා මූඩිය ඇර නැවත වසන්න. දවස් 5 කට පසු වතුර කහ පැහැති වී තිබේවි. එය පෙරා අරන් වැඩුණු එලවලු පැල සහ මල් පිපෙන්ඩ නියමිත ඕනෑම පැලයකට උදේ 9 ට පෙර ස්ප්‍රේ කරන්න. සතියකට වරක් කරන්න. මේ ප්‍රභල පොටෑසියම් දියර පොහොරකි. ගහ පිරෙන්ඩ මල් පිපෙනවා. මෙව්වා මේ දොස්තර හොඳහිතගේ ගෙදරම හදා ගමු වර්ගයේ නාථ දෙයියන්ගේ බොරු වට්ටෝරු නොවේ. ගූගල් යූ ටියුබ් දෙයියන්ගෙන් ලැබිලා අත්හදා බලපුවා.