🟣 ඔයාලා හැමෝම දන්නවනෙ Huawei ලට Google services අහිමි උනා කියලා.. එකෙන් Android මතට Google ලා install කරලා එවන Apps ටික Huawei ලට නැති උනා.. අද අපි කතා කරන්න යන්නෙ මේ Google අවුල නිසා Huawei Smart Phones මිලදී ගන්නෙ නැතුව ඉන්නවද, ගන්නවද කියන කාරනේ ගැන.. පොදුවේ ගත්තම මන් එක කාරනයක් කියන්නම්.. ඔයා එදා ඉදන්ම Google එක්කම තමන්ගෙ වැඩ රාජකාරි කරපු කෙනෙක් නම් ආසාවකටවත් Huawei ගන්න එපා.. මොකද වටෙන් වටෙන් හරි Google වැඩ ටික Huawei වලින් කරගත්තත් ඔයාට User Friendly ගතියක් දැනෙන එකක් නෑ. මළපනී Phone එකත් එක්ක.. ඒ නිසා එදා ඉදන්ම Google නැතුවම බැරි උනානම් අවුරුදු කිහිපයක් යනකන් Google Services නැති අලුත් Smart Phones ගන්න එපා... GMS Side load එක ගැන කතා කරන්නෙ නෑ මන්. එහෙම කරලා කිසිම අවුලක් නැතුව Use කරන අය ඉන්නවා..
මාත් එහෙම කරගෙන නෑ මගෙ Device වලට ( ඇඩ්මින් 03 එකෙක් )
🟣 Google නැති හේතුව නිසා Huawei smart phone එකෙන් කරගන්න බැරි දේවල් තමයි
📌 Pubg , Free fire වගේ Games වලට Sim එකෙන් Top-up කරන්න බෑ...
Update ( Pubg UC buy කරන්න පුලුවන් කියනවා සිම් එකෙන් හොයලා බලමු 🙄 )
📌 Google එක්ක bind වෙලා තියන සමහර Apps Run කරන්න බෑ. Data save කරගන්න බෑ. EA Games වල එහෙම මේ අවුල මන් දැකලා තියනවා.
📌 සමහර Apps ඔයාට Direct install කරලා Use කරන්න බෑ. Ebay app එක එහෙම මන් දන්න තරමින් Google නැති එකකින් Run උනත් Data load වෙන්නෙ නෑ.
📌 අනික G cam. ඒකනම් ඉතින් එදා ඉදන් සමහර Huawei වලට තිබ්බෙ නෑ Processor එක නිසා.
📌 Android Major Updates ගැන Sure කරන්න බෑ. Security patch අවුලක් නෑ.
🟣 ඔයාලා දන්න ඒවත් කියන්න... ඉතින් ඔය හේතු එක්ක ඔයාට අපහසුතාවක් දැනෙනවනම් හොදම දේ තමයි Huawei අලුත් Smart Phones නොගෙන ඉන්න එක. හැබයි මේ සමහර ගැටලු වලට විසදුම් තියනවා. මන් මෙතන Patel maps වගෙ Huawei ලා Patel යන නමෙන් දෙන ඒවා ගැන කතා කරන්නෙ නෑ. මොකද ඒවා තාම දියුණු වෙමින් පවතින නිසා.
📌 Google services නැති උනත් Google Chrome සහ Google Maps කිසි ගැටලුවක් නැතුව ඔයාගෙ අලුත් Huawei එකේ use කරන්න පුලුවන්.
📌 Youtube එකට විසදුමක් විදියට Google services තියන උනුත් Use කරන Youtube Vanced app එක ගැන කියන්න පුලුවන්. Default Youtube app එකට වඩා මාරම ෆීල් එකක් ගන්න පුලුවන් ඒකෙන්. Channel එක web එකෙන් කරන්න පුලුවන්.
📌 Games වලට Top-up කරන එක ගැනනම් කියන්න බෑ හරියටම free fire වලටනම් Bank cards එක්ක app gallery එක හරහා පුලුවන්.
📌 App Gallery හැරුනම apps ගන්න ඕන තරම් apps store තියනවා. aurora , apk pure , aptoid ඕන එකක්. Patel search වලිනුත් පුලුවන්.
📌 G space app එක. මේකෙන් ඔයාට Google bind කරන්න ඉල්ලන ඕනම app එකක් ගැටලුවක් නැතුව Run කරන්න පුලුවන්. Ebay එහෙම මාත් මෙහෙම Use කරනවා.. Heavy apps නම් කොහොමද දන්නෙ නෑ. shortcut වලින් Home screen එකට දාගන්නත් පුලුවන්.
🟣 ඔය ටික තම විසදුම්. මේ ටිකෙන් ඔයාට Google service නැතත් 95% පමණ ගැටලුවකින් තොරව වැඩ කරගන්න පුලුවන්. මන් ඔය අතරින් G space දාගෙනත් නෑ. ඒත් අවුලක් නෑ. ඒත් ඔයා Google එක්කම හිටියනම් ඔයාට පොඩි user friendly ගතිය ටිකක් අඩුවෙන් දැනෙයි. ඒකට හොදම් දේ තමයි Huawei නොගෙන ඉන්න එක.
🟣 ඇඩ්මින් ල 03 න් එකෙක් විදියට Nokia Lumia වලින් Samsung වලට මාරු උනා 2016 විතර. එච්චර පැහැදීමක් තිබ්බෙ නෑ. පස්සෙ Huawei එක්ක Sony use කරන්න ගත්තා ඒ දෙක මාරම විදියට ෆීල් උනා. Sony වලටත් වඩා ෆීල් උනේ Huawei. Build Quality අතින් එහෙම Sony ❤️. Durability අතින්නම් මට Huawei වලින් කිසිම ගැටලුවක් උනෙ නෑ. EMUI ❤️ 😍 ඒ ගැන කියන්න ඕනෙ නෑනෙ..
🟣 ඉස්සරහට Huawei වලට ආයෙත් Google ලැබෙන එකක් නෑ. Harmony OS එක නම් හිතුවටත් වඩා වේගෙන් ජනප්රිය වෙනවා. හිතට පොඩ්ඩක් හරි කුකුසක් එනවනම් Google කෙලිය නිසා Huawei එපා කියලා , අනිවාර්යයෙන් ගන්න එපා ✌️
🟣 GMS නැති Huawei use කරන අය ඉන්නවනම් ඔයාලගෙ අත්දැකීම් කියාගෙන යන්න.. ඔයාටල ආව ගැටලු එහෙම. අකමැති උන හේතු එහෙම.. ඒකෙන් ගොඩක් අයට ප්රයෝජනවත් වෙයි අලුතෙන් Huawei ගන්නවද නැද්ද කියන එක ගැන අදහසක් ගන්න ❤️